Home Sinhala තියුණු සටනකින් පසු සුපිරි පන්දුවාරයේ ජය ඕස්ට්‍රේලියාවට

තියුණු සටනකින් පසු සුපිරි පන්දුවාරයේ ජය ඕස්ට්‍රේලියාවට

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු සංචාරය 2022

640

සංචාරක ශ්‍රී ලංකාව සහ සත්කාරක ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරග 5කින් යුත් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ Sydney ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි තරගයෙන් තියුණු ජයක් ලබා ගැනීමට ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් සමත් වුනා.

තරගාවලියේ පළමු තරගය ඕස්ට්‍රේලියාව විසින් ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය මත ලකුණු 20කින් ජයග්‍රහණය කිරීම නිසාවෙන් මෙම තරගය ජයග්‍රහණය කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතා වැදගත් වුනා.

පළමු තරගය සඳහා ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටි වේගපන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු හට කොරෝනා වයිරසය ආසාදනය වීම නිසාවෙන් ඔහු වෙනුවට මෙම තරගය සඳහා නවක ක්‍රීඩක නුවන් තුෂාර කැඳවා තිබුණා.

ඒ සමඟ ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස ජාත්‍යන්තර වරම් දිනා ගත් 92 වැනි ක්‍රීඩකයා බවට පත්වීමට නුවන් තුෂාරට හැකි වුනා.

පළමු විස්සයි විස්ස තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

  • ඕස්ට්‍රේලියාව – Aaron Finch (capt), Ben McDermott, Josh Inglis, Steven Smith, Glenn Maxwell, Marcus Stoinis, Matthew Wade (wk), Pat Cummins, Mitchell Starc, Adam Zampa, Josh Hazlewood
  • ශ්‍රී ලංකාව – Pathum Nissanka, Danushka Gunathilaka, Charith Asalanka, Avishka Fernando, Dinesh Chandimal (wk), Dasun Shanaka (නායක), Wanindu Hasaranga, Chamika Karunaratne, Dushmantha Chameera, Nuwan Thushara, Maheesh Theekshana

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ඉනිම ආරම්භ කළේ Aaron Finch සහ Ben McDermott විසිනුයි. ඕස්ට්‍රේලියානු ආරම්භක සම්බන්ධතාව ලකුණු 33කට සීමා කරමින් ලකුණු 15ක් ලබා සිටි Ben McDermott සිය මංගල කඩුල්ල ලෙස දවා ගැනීමට නුවන් තුෂාරට හැකි වුනා.

තරගාවලියේ දෙවැනි වතාවටත් ක්‍රියාත්මක වූ වනිඳු හසරංග ලකුණු 25ක් ලබා සිටි Aaron Finch දවා ගැනීමට සමත් වුනේ ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව 70ක් වන විටයි.

ඕස්ට්‍රේලියා ලකුණු පුවරුව 99ක් වන විට ලකුණු 15ක් ලබා සිටි Glenn Maxwell දවා ගැනීමට මහීෂ් තීක්ෂණ සමත් වුනා.

ඕස්ට්‍රේලියා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Josh Inglis ලකුණු 48ක් ලබා සිටිය දී දවා ගැනීමට වනිඳු හසරංගට හැකි වුනා.

අවසන් පන්දුවාර කිහිපයේ දී තරගය තරමක පාලනයට ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකි වූවත්, නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 164ක් ලබා ගැනීමට ඕස්ට්‍රේලියාවට හැකි වුනා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වනිඳු හසරංග ලකුණු 33කට කඩුලු 2ක් සහ දුෂ්මන්ත චමීර ලකුණු 30ට කඩුලු 2ක් බිඳ හෙළුවා.

ලකුණු 165ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 3 ලකුණු 25ක් වන විට දවා ගැනීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට හැකි වුනේ ශ්‍රී ලංකා කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල කරමිනුයි.

සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 42ක සම්බන්ධතාවක් පිහිටුවීමෙන් අනතුරුව ලකුණු 19ක් ලබා සිටි දිනේෂ් චන්දිමාල් දැවී ගියේ Adam Zampaගේ පන්දුවක් හමුවේයි.

ශ්‍රී ලංකා කණ්ඩායමට යම් බලාපොරොත්තුවක් ගෙන දුන් නායක දසුන් ශානක පන්දු 19ක් තුළ ලකුණු 34ක් ලබා සිටිය දී අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට ලක් වුනා.

ශ්‍රී ලංකා ඉනිමේ බලාපොරොත්තු සුන් කරමින් චාමික කරුණාරත්න ලකුණු නොලබාම පිටියෙන් ඉවත් කිරීමට ඕස්ට්‍රේලියානුවන්ට හැකි වෙද්දී ලකුණු පුවරුව දැක්වුණේ 115ක් ලෙසයි.

ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම වූ පැතුම් නිශ්ශංක ලකුණු 73ක් ලබා සිටිය දී දැවී ගියේ තරගයේ වැඩි වාසිය ඕස්ට්‍රේලියාව සතුකරමිනුයි.

අවසන් පන්දු වාරයේ අවසන් පන්දු 3 තුළ දී ලකුණු 12ක් ලබා ගැනීමට තිබිය දී ක්‍රියාත්මක වූ චමීර සහ මහීෂ් ලකුණු 11ක් ලබා ගනිමින් තරගය සමව අවසන් කළා.

තරගයේ විසඳුම තෝරාගැනීම සඳහා වූ සුපිරි පන්දුවාරය යොමු කළ Josh Hazlewood එය ලකුණු 5කට සීමා කළේ තරගයේ සියලු ගෞරව ඕස්ට්‍රේලියා සතු කරමිනි.

එම ඉලක්කය හඹා යෑමට පිටියට ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් පන්දු තුනක් තුළ දී එම ඉලක්කය හඹා යන්නට සමත් වුනා.


Result


Sri Lanka
164/8 (19)

Australia
164/6 (20)

Batsmen R B 4s 6s SR
Ben McDermott c Wanidu Hasaranga b Nuwan Thushara 18 15 0 0 120.00
Aaron Finch st Dinesh Chandimal b Wanidu Hasaranga 25 20 0 0 125.00
Josh Inglis c Dinesh Chandimal b Maheesh Theekshana 48 32 0 0 150.00
Glenn Maxwell c Chamika Gunasekara b Maheesh Theekshana 15 12 0 0 125.00
Steve Smith c Dhanushka Gunathilake b Dushmantha Chameera 14 15 0 0 93.33
Marcus Stoinis c Maheesh Theekshana b Dushmantha Chameera 19 18 0 0 105.56
Matthew Wade not out 13 4 0 0 325.00
Pat Cummins not out 6 4 0 0 150.00


Extras 6 (b 0 , lb 2 , nb 0, w 4, pen 0)
Total 164/6 (20 Overs, RR: 8.2)
Bowling O M R W Econ
Dushmantha Chameera 4 0 30 2 7.50
Nuwan Thushara 4 0 40 1 10.00
Maheesh Theekshana 4 0 31 1 7.75
Wanidu Hasaranga 4 0 33 2 8.25
Chamika Karunaratne 4 0 28 0 7.00


Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Pat Cummins b Marcus Stoinis 73 53 0 0 137.74
Dhanushka Gunathilake c Ben McDermott b Josh Hazlewood, 0 1 0 0 0.00
Avishka Fernando c Josh Inglis b Josh Hazlewood, 5 6 0 0 83.33
Charith Asalanka b Pat Cummins 0 5 0 0 0.00
Dinesh Chandimal b Adam Zampa 19 22 0 0 86.36
Dasun Shanaka run out () 34 19 0 0 178.95
Chamika Karunaratne c Matthew Wade b Jhye Richardson 0 2 0 0 0.00
Wanidu Hasaranga c Pat Cummins b Josh Hazlewood, 13 9 0 0 144.44
Dushmantha Chameera not out 4 1 0 0 400.00
Maheesh Theekshana not out 6 2 0 0 300.00


Extras 10 (b 1 , lb 7 , nb 0, w 2, pen 0)
Total 164/8 (19 Overs, RR: 8.63)
Bowling O M R W Econ
Josh Hazlewood, 4 0 22 3 5.50
Pat Cummins 4 0 30 1 7.50
Marcus Stoinis 2 0 18 0 9.00
Kane Richardson 4 0 44 1 11.00
Adam Zampa 4 0 26 1 6.50
Glenn Maxwell 1 0 4 0 4.00



මෙම තරගාවලියේ සියලුම තොරතුරු එසැණින් ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<