Home Sinhala සදීෂ්ගේ ශතකය වර්ෂාවට යට වෙයි

සදීෂ්ගේ ශතකය වර්ෂාවට යට වෙයි

89 වැනි සාන්තුවරයන්ගේ මහා ක්‍රිකට් තරගය 2023

188
89 වැනි සාන්තුවරයන්ගේ මහා ක්‍රිකට් තරගය 2023

බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සහ මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය අතර පැවති 89 වැනි සාන්තුවරයන්ගේ මහා ක්‍රිකට් තරගය අද (29) අවසන් වුනේ ජය පරාජයෙන් තොරවයි.

කොළඹ සිංහල සමාජ ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ පළමු දිනයේ දී සාන්ත පීතර ක්‍රීඩකයින් රැස් කළ ලකුණු 214ට පිළිතුරු ලෙස සාන්ත ජෝසප් ක්‍රීඩකයින් කිසිවෙකු නොදැවී ලකුණු 29ක් ලබා සිටියා.

දෙවැනි දිනයේ ආරම්භයේ දී පීතරයන්ට අවශ්‍ය ආරම්භය ලබා දෙමින් නරේන් මුරලිදරන් ලකුණු 20කට දවා ගැනීමට ශෙනොන් රොද්‍රිගෝට හැකි වූ අතර ප්‍රබල පිතිකරු ශෙවෝන් ඩැනියල්ගේ ඉනිම ලකුණු 12කට සීමා වුනේ නිමුතුගේ පන්දුවකට ශෙනොන් ලබා ගත් සුපිරි උඩ පන්දුව නිසයි.

නමුත් ඉන්පසුව පිටියේ එක් වූ නායක සදීශ් ජයවර්ධන සහ හිරාන් ජයසුන්දර තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 161ක සම්බන්ධතාවක් ගොඩ නගා සිටිය දී ඇදහැළුණු වර්ෂාව නිසා තරගය නතර කිරීමට සිදු වුනා.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ සදීෂ් පන්දු 150කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 110ක් ලබා ගැනීමට සමත් වෙද්දී, ඔහුට නොදෙවෙනි ඉනිමක් ක්‍රීඩා කළ හිරාන් නොදැවී ලකුණු 91ක් ලබා ගත්තා.

වර්ෂාව දිගින් දිගටම ඇදහැලීම නිසා තරගය නැවත ආරම්භ කිරීමට නොහැකි වූ අතර පන්දුවාර 54.5ක් තුළ කඩුලු දෙකක් දැවී ලකුණු 240ක් ලබා සිටි සාන්ත ජෝසප් ක්‍රීඩකයින්ට පළමු ඉනිමේ ජයග්‍රහණය හිමි වුනා.

  • දක්ෂතම පිතිකරු – හිරාන් ජයසුන්දර (සාන්ත ජෝසප් විද්‍යාලය)
  • දක්ෂතම පන්දු යවන්නා – ගගන් චමෝද් (සාන්ත ජෝසප් විද්‍යාලය)
  • දක්ෂතම පන්දු රකින්නා – ශෙනොන් රොද්‍රිගෝ (සාන්ත පීතර විද්‍යාලය)
  • තරගයේ වීරයා – සදීෂ් ජයවර්ධන (සාන්ත ජෝසප් විද්‍යාලය)
  • දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා – රුසන්ඳ ගමගේ (සාන්ත පීතර විද්‍යාලය)

Result


St. Joseph’s College
240/2 (54.5)

St. Peter’s College
214/10 (57.3)

Batsmen R B 4s 6s SR
Oween Salgado lbw b Gagan Chamod 0 1 0 0 0.00
Vishen Helambage c Shevon Fonseka b Gagan Chamod 18 12 3 0 150.00
Nimuthu Gunawardene c Sadeesh Jayawardana b Gagan Chamod 0 5 0 0 0.00
Rusanda Gamage c Yenula Dewthusa b Gagan Chamod 55 71 7 0 77.46
Chamindu Perera run out () 66 125 6 0 52.80
Shanshay Gunathilaka c & b Lahiru Amarasekara 18 37 2 0 48.65
Kavika Jayasundara c Hirun Matheesha Kapurubandara b Lahiru Amarasekara 1 7 0 0 14.29
Shenon Rodrigo c Hiran Jaysundara b Lahiru Amarasekara 19 31 2 0 61.29
Nathen David c Shevon Daniel b Muditha Dissanayake 15 19 0 0 78.95
Lakindu Sachin b Gagan Chamod 14 35 0 0 40.00
Sean Roborts not out 1 1 0 0 100.00


Extras 7 (b 5 , lb 0 , nb 0, w 2, pen 0)
Total 214/10 (57.3 Overs, RR: 3.72)
Bowling O M R W Econ
Gagan Chamod 14.3 2 69 5 4.83
Maanasa Madubashana 3 0 17 0 5.67
Muditha Dissanayake 15 1 33 1 2.20
Yenula Dewthusa 8 1 37 0 4.62
Lahiru Amarasekara 14 0 36 3 2.57
Shevon Daniel 3 0 17 0 5.67


Batsmen R B 4s 6s SR
Sadeesh Jayawardana not out 110 150 7 1 73.33
Naren Muralidaran c Rusanda Gamage b Shenon Rodrigo 20 38 2 0 52.63
Shevon Daniel c Shenon Rodrigo b Nimuthu Gunawardene 12 21 1 0 57.14
Hiran Jayasundara not out 91 120 7 0 75.83


Extras 7 (b 4 , lb 0 , nb 0, w 3, pen 0)
Total 240/2 (54.5 Overs, RR: 4.38)
Bowling O M R W Econ
Lakindu Samarajeewa 7.5 0 48 0 6.40
Sean Roborts 5 0 23 0 4.60
Shenon Rodrigo 22 0 89 1 4.05
Nimuthu Gunawardhana 14 1 44 1 3.14
Vishen Helambage 2 0 13 0 6.50
Kavika Jayasundara 4 0 19 0 4.75



සාන්තුවරයින්ගේ මහා ක්‍රිකට් සංග්‍රාමයේ 49 වැනි එක්දින ක්‍රිකට් ගැටුම හෙට (30) කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. තරගයේ උණුසුම විඳගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<