ටෝකියෝ ඔලිම්පික් කාලසටහන එළිදැක්වේ

32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල - 2020

478

ලොව විශාලතම ක්‍රීඩා සැණකෙළිය වන ගිම්හාන ඔලිම්පික් උළෙලේ 32 වැනි අදියර ජපානයේ ටෝකියෝ නුවර දී ආරම්භ වීමට තවත් ඇත්තේ දින 18ක් වැනි කෙටි කාලයකි.

කොරෝනා වසංගතය නිසාවෙන් පසුගිය වසරේ පැවැත්වීමට තිබූ මෙම තරගාවලිය මෙම වසර දක්වා කල් දැමීමට සිදු වූ අතර තරගාවලිය ජූලි 23 වැනිදා සිට අගෝස්තු 08 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

ඔලිම්පික් තරගාවලියේ සංශෝධිත කාලසටහන පසුගිය දා එළිදැක්වීමට බලධාරීන් කටයුතු කර තිබූ අතර තරගාවලියේ සමාරම්භක උළෙල පැවැත්වෙන 23 වැනිදාට පෙර පැසිපන්දු, පාපන්දු සහ ඔලිම්පික් උළෙලට අලුතෙන් එක්වූ ක්‍රීඩාවක් වන සැහැල්ලු පන්දු (බේස්බෝල් ක්‍රීඩාවට සමාන ක්‍රීඩාවක්) යන ක්‍රීඩාවල මූලික වටයේ තරග පැවැත්වීමට නියමිතව ඇත.

තරගාවලියේ මලල ක්‍රීඩා ඉසව් ආරම්භ වීමට නියමිතව ඇත්තේ ජූලි 30 වැනිදා වන අතර දැනට මලල ක්‍රීඩාවෙන් ඔලිම්පික් වරම් දිනා ගත් ශ්‍රී ලාංකික ක්‍රීඩක යුපුන් අබේකෝන් සහභාගී වන මීටර් 100 මූලික වටයේ තරග ජූලි 31 වැනිදා පැවැත්වීමට සැලසුම් කර ඇත.

එමෙන්ම බැඩ්මින්ටන් මූලික වටයේ තරග ජූලි 24 වැනිදා ආරම්භ වීමට නියමිත අතර බැඩ්මින්ටන් ඉසව්ව සඳහා මෙරට නියෝජනය කරමින් නිලූක කරුණාරත්න සුදුසුකම් ලබා සිටිනවා.

ඔවුන් දෙදෙනා ඇතුළුව මේ දක්වා මෙරට නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8 දෙනෙකු නිල වශයෙන් ඔලිම්පික් වරම් ලබා ඇති අතර මලල ක්‍රීඩාව නියෝජනය කරමින් තවත් එක් ක්‍රීඩිකාවක් සඳහා ඔලිම්පික් වරම් ලැබීමට නියමිතව ඇත.

ඔලිම්පික් කාලසටහන: 

>> තවත් මලල ක්රීඩා පුවත් සඳහා පිවිසෙන්නමලල ක්රීඩා පිටුවට <<