සාන්ත ජෝන් හා ජනාධිපති විද්‍යාල අතර තියුණු සටනක්

231

අද (6) දිනය තුළත් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ තරග කිහිපයක්ම අවසන් විය. ඒ අතුරින් තර්ස්ටන්, ජනාධිපති, නාලන්ද හා සාන්ත තෝමස් විද්‍යාල පළමු ඉනිමේ ජයග්‍රහණ වාර්තා කරන ලදි. ඒ අතුරින් පානදුර සාන්ත ජෝන් විද්‍යාලය හා කෝට්ටේ ජනාධිපති විද්‍යාලය අතර පැවැත්වූ තරගය තියුණු සටනකට පසුව අවසන් විය.

මහානාමයේ හෂාන් ඉසිපතනයේ කඩුලු 7ක් දවා ගනී

වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ අද (5) ක්‍රියාත්මක වූ තරග අතුරෙන් ඉසිපතන විද්‍යාලය හා මහානාම විද්‍යාලය අතර පැවැත්වූ තරගයෙන් පළමු ඉනිමේ ජයක් ලබා ගන්නට මහානාම විද්‍යාලය සමත් විය. මීට අමතරව අද පළමු දිනයට පැවැත්වූ තරග අතුරෙන් තර්ස්ටන් විද්‍යාලය, ජනාධිපති විද්‍යාලය වැඩි වාසි ලබා ගැනීමට සමත් විය.

පානදුර සාන්ත ජෝන් විද්‍යාලය හා කෝට්ටේ ජනාධිපති විද්‍යාලය

කාගේත් වැඩි අවධානය දිනාගත් මේ තරගය පානදුර දී ක්‍රියාත්මක විය. ජනාධිපති විද්‍යාල දෙවන ඉනිම වෙනුවෙන් දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට ටශික නිර්මාල්, හිරුණ සිගේරා හා  ගනිඳු දෙව්මිනගේ අර්ධ ශතක සවියක් විය.

අනතුරුව ඔවුන් ලකුණු 300/7ක් ලෙස සිය දෙවන ඉනිම අත්හිටුවීමට තීරණය කළේ සාන්ත ජෝන් විද්‍යාලයට ලකුණු 336ක් අභියෝගාත්මක ඉලක්කයක් හිමි කර දෙමිනි. සමිඳු වික්‍රමාරච්චි කඩුලු 3යි.

සාන්ත ජෝන් දෙවන ඉනිම 157/7ක් ලෙස දැක්වෙද්දී තරගයේ නියමිත කාලය අවසන් වූ නිසා ජනාධිපති විද්‍යාලයට ලබා ගැනීමට තිබූ පූර්ණ ජය ලබා ගැනීමට නොහැකි විය.

ජනාධිපති විද්‍යාලය – 173/10 (45): රිෆාස් මවුරෆ් 70,  දිනෙත් නෙළුම්දෙණිය 32, තමිඳු වික්‍රමාරච්චි 4/36, අශේන් දිල්හාර 3/40, සසිත මනුප්‍රිය 3/53.

සාන්ත ජෝන් විද්‍යාලය – 138/10 (39.4): රෙශාන් ප්‍රනාන්දු 37, ප්‍රවීන් සඳමාල් 28, හසිඳු ප්‍රමුඛ 4/41, චනුල චමොද් 3/41.

ජනාධිපති විද්‍යාල දෙවන ඉනිම – 300/7d (64.5): ටශික නිර්මාල් 92, හිරුන සිගේරා 81, ගනිඳු දෙව්මින 61, රසික ලක්මාල් 24*, සමිඳු වික්‍රමාරච්චි 3/82.

සාන්ත ජෝන් විද්‍යාල දෙවන ඉනිම – 157/7 (42): රෙශාන් ප්‍රනාන්දු 53, ප්‍රවීන් සඳමාල් 35,  හසිඳු ප්‍රමුඛ 3/37.

තරග ප්‍රතිඵලය – ජනාධිපති විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

තර්ස්ටන් විද්‍යාලය හා මොරටු මහා විද්‍යාලය

මොරටු මහා විද්‍යාල පිටියේ දී A කාණ්ඩයේ තරගයක් ලෙස නිමා වූ මෙම තරගයෙන් ප්‍රථම ඉනිමේ ජයක් ලබා ගැනීමට තර්ස්ටන් විද්‍යාලය සමත් විය.

ඊයේ දිනය නිමා වන විට තර්ස්ටන් විද්‍යාලය පළමු ඉනිමේ ජය තහවුරු කරගෙන තිබූ අතර ඔවුන් කඩුලු 4ක් දැවී ලකුණු 202ක් ලබාගෙන සිටින ලදි. එහි දී නිමේෂ් පෙරේරා හා පන්සිලු දේශාන් අර්ධ ශතක ලබා ගැනීමට සමත් විය. ඔවුන් දෙදෙනා පිළිවෙළින් ලකුණු 80කට හා හා ලකුණු 55කට සීමා වෙද්දී සවන ප්‍රභාෂ් ලකුණු 90ක් ලකුණු පුවරුවට එක්කරමින් තර්ස්ටන් විද්‍යාල පළමු ඉනිම ලකුණු 303ක් දක්වා රැගෙන ගොස් සිය ඉනිම අත්හිටුවන ලදි.

මොරටු මහා විද්‍යාලය ලකුණු 139ක පළමු ඉනිමේ අවාසියක් ද සහිතව පිටියට පිවිසියේ ඉනිමක පරාජයක් අබිමුව සිටිමිනි. නමුත් ඒ අවදානම ඔවුන්ගේ විද්‍යාලයෙන් ඉවත් කිරීමට ශෙසඳ නිශේන්ද්‍ර හා නිශාන් මදුශ්ක ලබාගත් අර්ධ ශතක බෙහෙවින් ඉවහල් විය.

අවසානයේ ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 259කට සීමා වීමත් සමඟින් තර්ස්ටන් විද්‍යාලයට ජයග්‍රහණය සඳහා ලකුණු 121ක ඉලක්කයක් ලබා ගැනීමට තිබුණ ද ප්‍රමාණවත් තරම් කාලයක් නොතිබූ නිසා තරගය අවසන් කිරීමට විනිසුරුවරුන් තීරණය කරන ලදි.

මොරටු මහා විද්‍යාලය – 164/10 (34.3): ජීවන්ත ප්‍රනාන්දු 50, නදිත් විශේන්ද්‍ර 46, නිපුන් ලක්ෂාන් 7/61.

තර්ස්ටන් විද්‍යාලය –  303/9d (71.3): සවන ප්‍රභාෂ් 95, නිමේෂ් පෙරේරා 80, පන්සිළු දේශාන් 55, ජීවන්ත ප්‍රනාන්දු 2/64, රෂාන් කවිෂ්ක 2/102.  

මොරටු මහා විද්‍යාල දෙවන ඉනිම – 259/10 (71): ශෙසද නිශේන්ද්‍ර 92, නිශාන් මදුශ්ක 67, ඩිල්ශාන් දිලුක්ෂණ 32*, සවන ප්‍රභාෂ් 4/32, සඳරු ඩයස් 4/58.

තරග ප්‍රතිඵලය – තර්ස්ටන් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

මිලියන 85ක් වැය කරමින් ක්‍රිකට් ක්‍රීඩකයින් කොන්ත්‍රාත්තු ගත කරයි

2017/18 තරග වාරය සඳහා රුපියල් මිලියන 85ක් වැය කරමින් දේශීය ක්‍රීඩකයින් 100කට අධික ප්‍රමාණයක් කොන්ත්‍රාත්තු ගත කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත. කොන්ත්‍රාත් ගිවිසුම් සඳහා ක්‍රීඩකයන් තෝරා ගෙන ඇත්තේ 2016 සහ 2017 ක්‍රිකට් වාරයට සහභාගි වූ ක්‍රීඩකයන් අතුරිනි. ශ්‍රී ලංකා කණ්ඩායමේ සීමිත පන්දුවාර තරග නායක ඇන්ජෙලෝ මැතිව්ස් ආබාධයකට ලක්ව..

සාන්ත පීතර විද්‍යාලය හා නාලන්ද විද්‍යාලය

මෙම C කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට නාලන්ද විද්‍යාලය සමත් විය.

සාන්ත පීතර පළමු ඉනිම එතරම්  දුරකට සාර්ථක කර ගැනීමට ඔවුන්ගේ පිතිකරුවන් අපොහොසත් වූයේ ලක්ෂිත රසාංජන හා චමිඳු විජේසිංහගේ දක්ෂ පන්දු යැවීම හා දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩා විලාසය නිසාවෙනි. අවසානයේ ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 54කට සීමා විය. ලක්ෂිත රසාංජන කඩුලු 5යි. අනතුරුව සිය දෙවන ඉනිම කළ නාලන්ද විද්‍යාලය තරගය අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 87ක් ලබා ගන්නා ලදි.

නාලන්ද විද්‍යාලය  – 219/10 (76.2): චමිඳු විජේසිංහ 47, ලක්ෂිත රසාංජන 40, රුසිරු ද සිල්වා 22, මොහොමඩ් අමින් 3/51.

සාන්ත පීතර විද්‍යාලය – 154/10 (52.5): රන්මිත් ජයසේන 53, ශාලිත් ප්‍රනාන්දු 25, ශැනොන් ප්‍රනාන්දු 24, ලක්ෂිත රසාංජන 5/30, චමිඳු විජේසිංහ 3/24.

නාලන්ද විද්‍යාල දෙවන ඉනිම – 87/2 (36):

තරග ප්‍රතිඵලය – නාලන්ද විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

 

හතුරුසිංහ මහත්තය වසන්තය ගෙනාවද? – Sports මසාලා 020

2017 කියන වසර පහුකරපු අපට ක්‍රිකට් අවාසනාව කියන්නේ තවදුරටත් අලුත් දෙයක් නෙමෙයි. මේ ගැන අහන්න අපි පාරට බැස්සෙ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2018 තුන්කොන් තරගාවලිය ජයගත් පසුබිමකදියි. මේ රටේ තරුණ වැඩිහිටි අය ඒ ගැන හිතන්නෙ මොනවද?

 

සාන්ත තෝමස් විද්‍යාලය හා සාන්ත බෙනඩික්ට් විද්‍යාලය

මෙම තරගයේ අද දිනය ආරම්භ වන විට සාන්ත බෙනඩික්ට් පළමු ඉනිම 31/1ක් ලෙස දැක්විය. එසේ දැක්වූ සාන්ත බෙනඩික්ට් විද්‍යාල පළමු ඉනිම ලකුණු 150කට සීමා කිරීමට ශැනොන් ප්‍රනාන්දු ඇතුළු සාන්ත තෝමස් ක්‍රීඩකයින් සමත් වූයේ සිය පළමු ඉනිම ජය ගනිමිනි. අශාන් සිල්වා ලකුණු 39යි. ලකුණු 80ක පළමු ඉනිමේ වාසියක් සහිතව පිටියට පිවිසි සාන්ත තෝමස් විද්‍යාල දෙවන ඉනිම කඩුලු 5ක් දැවී ලකුණු 153ක් ලෙස දැක්වෙද්දී තරගයේ නිමාව සනිටුහන් විය. මන්තිල විජේරත්න ලකුණු 57යි.

සාන්ත තෝමස් විද්‍යාලය – 230/6d (62.3): මනීශ රූපසිංහ 133, ඩෙලොන් පීරිස් 50, පෘථිවි ජෙගරාජසිංහම් 2/35, මහීෂ තීක්ෂණ 2/76.

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය –  150/10 (67.5): අශාන් සිල්වා 39, ශෙහාන් ප්‍රනාන්දු 37, රයන් නිකිත් 25, ශැනොන් ප්‍රනාන්දු 4/09.

සාන්ත තෝමස් විද්‍යාල දෙවන ඉනිම – 153/5 (34): මන්තිල විජේරත්න 57, මනීශ රූපසිංහ 44, ශලින් ද මෙල් 31, මහීෂ තීක්ෂණ 2/20.

තරග ප්‍රතිඵලය – සාන්ත තෝමස් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<