දුල්සිත් දර්ශනත් ශතක සමාජයට

Tier B 50 Over Tournament 2026

1
Tier B 50 Over Tournament 2026

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Tier B සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ ශතකලාභී ලැයිස්තුවට එක් වීමට Galle CC කණ්ඩායමේ දුල්සිත් දර්ශන අද (13) සමත් වුණා.

ඔහු Sebastianite C & AC කණ්ඩායමට එරෙහි ව පන්දු 153කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 104ක් ලබා ගත්තා.

ඔහුට අමතර ව Galle CC කණ්ඩායමේ යුතික ද සිල්වා (58), Sebastianite C & AC ටෙරාන් බාස්කරන් (75), Army SC කණ්ඩායමේ අශාන් සුදර්ශන (53), පැතුම් ඩිල්ශාන් (67) සහ අසේල ගුණරත්න (53) United Southern කණ්ඩායමේ කවිඳු එදිරිවීර (72), Chilaw Marians CC කණ්ඩායමේ ඒශාන් විතානගේ (55), Moratuwa SC කණ්ඩායමේ චාමර ප්‍රනාන්දු (59), Kurunegala SC කණ්ඩායමේ සනුජ නිඳුවර (51) සහ Navy SC කණ්ඩායමේ තිමිර මල්ශාන් (63) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.

පන්දු යැවීමේ දී Army SC කණ්ඩායමේ ෂෙහඳ සොයිසා (5/19) සහ Kurunegala SC කණ්ඩායමේ සුදාර දක්ෂිණ (5/44) පන්දු යවන්නන් අතුරින් දක්ෂතා දැක් වූවා.

අද අවසන් වූ තරගවල කෙටි ලකුණු පුවරු

Galle CC සහ Sebastianite C & AC අතර තරගය, මග්ගොන Surrey ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

  • Sebastianite C & AC – සියලුම දෙනා දැවී 204 (48.4)මාලිංග මලිගස්පේ 30, සුදර්ශන් සුබර්නන් 26, ටෙරන් බාස්කරන් 75, දිනෙත් සමරවීර නොදැවී 26, චානක දේවින්ද 3/42, කවිඳු නිර්මාණ 4/33, සඳුන් මදුශංක 3/35
  • Galle CC – කඩුලු 2ක් දැවී 208 (41.5)යුතික ද සිල්වා 58, දුල්සිත් දර්ශන නොදැවී 104, කෙවින් කොත්තිගොඩ නොදැවී 31,

Galle CC කණ්ඩායමට කඩුලු 8ක ජයක්.

Army SC සහ Kandy Customs SC අතර තරගය, පනාගොඩ යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

  • Army SC – කඩුලු 8ක් දැවී 280 (50.0)අශාන් සුදර්ශන 53, පැතුම් ඩිල්ශාන් 67, මනුශ්ක සමිත් 36, අසේල ගුණරත්න 53, ක්‍රිෂේන් අපෝන්සු 25, කවීෂ ඉඳුවර 2/40
  • Kandy Customs SC– සියලුම දෙනා දැවී 67 (24.4) ෂෙහඳ සොයිසා 5/19, ලිලාන් රංගන 3/20

Army SC කණ්ඩායමට කඩුලු 2ක ජයක්.

United Southern CC සහ Chilaw Marians CC අතර තරගය, සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

  • United Southern CC සියලුම දෙනා දැවී 210 (50.0)තිළිණ ඩිල්ශාන් 25, ශැරොන් අභිශේක් 23, පෙසඳු සංජන් 40, කවිඳු එදිරිවීර 72, කෙවින් සැමුවෙල් 3/47, තිමිර ඉරුෂික 2/38
  • Chilaw Marians CC – කඩුලු 6ක් දැවී 211 (48.5) අරෝෂ සිතුමිණ 46, ඒශාන් විතානගේ 55, ගිම්හාන් රසාංජන 23, දර්ශක සංදීප් නොදැවී 35, පෙසඳු සංජන 4/35

Chilaw Marians CC කණ්ඩායමට කඩුලු 4ක ජයක්.

Moratuwa SC සහ Ragama CC අතර තරගය, කිරිමණ්ඩල මාවත SLLDC ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී

  • Moratuwa SC – කඩුලු 9ක් දැවී 268 (41.0)උශේන් සිල්වා 36, චාමර ප්‍රනාන්දු 59, රුසිත් ජයවර්ධන 31, ප්‍රමේශ් මදුභාෂණ 46, පූර්ණ ප්‍රනාන්දු නොදැවී 41, තරුෂ කොඩිකාර 3/62, කවීෂ ලියනාරච්චි 3/69
  • Ragama CC – සියලුම දෙනා දැවී 110 (26.4)මනීශ රූපසිංහ 27, ගීනෝද් පෙරේරා නොදැවී 20, මයුර මල්ශාන් 3/25, මදුසංක ප්‍රේමරත්න 3/19, රුසිත් ජයවර්ධන 2/12

Moratuwa SC කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 134ක ජයක්.

Navy SC සහ Kurunegala SC අතර තරගය, වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ දී.

  • Navy SC – සියලුම දෙනා දැවී 269 (50.0) අදීශ නානායක්කාර 30, වරුණ මයන්ත 21, තිමිර මල්ශාන් 63, අවිඳු තීක්ෂණ 48, ඉශාන් අබේසේකර 35, සනුජ නිඳුවර 3/77, රුචිර සිල්වා 4/45
  • Kurunegala SC – කඩුලු 9ක් දැවී 241 (50.0)කවීන් බණ්ඩාර 23, ඩිල්ශාන් කොල්ලුරේ 36, රජිත රත්නායක 31, නිසංජය හෙට්ටිආරච්චි 35, සනුජ නිඳුවර 51, සරින්ද දසනායක 27, ඩිලංක අවර්ඩ්ට් 3/42, කොශාන් ජයවික්‍රම 2/35

Navy SC කණ්ඩායමට ලකුණු 28ක ජයක්.

Negombo CC සහ Leo CC අතර තරගය, කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී.

  • Negombo CC – සියලුම දෙනා දැවී 205(47.0) තත්සර ඒශාන් 71, රිශ්ම අමරසිංහ 43, වරුණ ඉමේශාන් 27, ගයාන් ද සිල්වා 2/25, සුදාර දක්ෂිණ 5/44
  • Kurunegala SC – සියලුම දෙනාදැවී 119(43.4) අශාන් ප්‍රනාන්දු 35, පූර්ණ කල්හාර 22, ගිත්මින් කොළඹගේ 28, හංසජ හිරුන 3/20, අමිත පෙරේරා 3/28, ෂෙහාන් ප්‍රමෝද් 3/25

Negombo CC කණ්ඩායමට ලකුණු 86ක ජයක්.

Tier B එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<