පාකිස්තාන යෞවනයෙකුට තාවකාලිකව ක්‍රිකට් අහිමි වෙයි

235
Cricbuzz

පාකිස්තානු පිතිකරුවෙකු වන කුශ්දිල් ෂා හට සති තුනක කාලයක් ක්‍රීඩා කරන්නට නොහැකි බව වාර්තා වෙනවා. ඒ ඔහුගේ මහපට ඇඟිල්ලේ ඇතිවූ ආබාධයක් නිසයි. පසුගිය සෙනසුරාදා (18) ඩර්බි හිදී පවතී පුහුණු සැසියක දී ඔහු මෙලෙස ආබාධයකට ලක් වී තිබෙනවා.

ICC අවසන් තීන්දුව ලැබෙන තෙක් ඉන්දියාව නොඉවසිල්ලෙන්

මේ වන විට ක්‍රියාත්මක දින හතරේ පාකිස්තාන අන්තර් ක්‍රීඩක පුහුණු තරගයෙන් ද ඔහුව ඉවත් කර ඇති අතර ජූලි 24 -27 පැවැත්වෙන දෙවන සිව්දින තරගයත් ඔහුට අහිමි වනු ඇත.

පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මෙලෙස සඳහන් කර සිටියා. “ඔහුගේ නියපොත්තට ලොකු හානියක් වෙලා නැහැ. කණ්ඩායමේ ශාරීරික යෝග්‍යතා නිලධාරියා හා වෛද්‍යවරයා මීළඟ සතියේ අග වෙනකොට ඔහුට සුළු සුළු පුහුණුවීම් කටයුතු කරන්න අවසර දෙයි.”

මේ අතර short leg ස්ථානයේ පන්දු රකිමින් සිටිය දී හිස් ආවරණයේ පන්දුවක් වැදීම නිසා ආබාධයකට ලක් වුණු අබිඩ් අලී ද එළඹෙන බදාදා සිට නැවත පුහුණුවීම් ආරම්භ කරනු ඇතයි වාර්තා වෙනවා.

හතුරුසිංහ නිව් සවුත් වේල්ස් හි වැඩ අරඹන්නට යයි

පාකිස්තාන ක්‍රීඩකයින් අතර පැවැත්වුණු සිව්දින තරගයේ තුන්වැනි දිනයේ දී මොහොමඩ් අබ්බාස්ගේ පන්දුවකට හයිඩර් අලි එල්ල කළ පහරක් අබිඩ් අලීගේ හිස් ආවරණයේ වැදීම නිසා ඔහුට මෙම ආබාධය ඇති විය. පාකිස්තාන කණ්ඩායමේ වෛද්‍යවරයා ද පවසා සිටියේ අබිඩ් අලී හොඳින් සිටින බවත්, එළඹෙන බදාදා නැවතත් පුහුණුවීම් ආරම්භ කළ හැකි බවත්ය. ඔහුට CT පරීක්ෂණයක් ද සිදු කර ඇති බව වෛද්‍යවරයා පවසා තිබුණා.

Cricbuzz ඇසුරින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<