ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු සංචිතය නම් කරයි

236

2024 වසරේ පැවැත්වෙන ආසියානු දැල්පන්දු ශූරතාවය ඉලක්ක කර ගනිමින් 18 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු සංචිතය දැල්පන්දු සම්මේලනය විසින් නම් කර තිබෙනවා.

මෙම මූලික සංචිතය තෝරා ගැනීම සඳහා ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩිකාවන් සහ යොවුන් ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් තේරීම් තරගාවලියක් දෙසැම්බර් 21 දා සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා.

එම තේරීම් තරගාවලියේ දී සහ දැල්පන්දු පිටියේ දස්කම් මත මෙම ක්‍රීඩිකාවන් තෝරාගැනීමට දැල්පන්දු තේරීම් නිලධාරීන් කටයුතු කර තිබෙනවා.

මෙම කණ්ඩායම සඳහා 2022 ආසියානු දැල්පන්දු ශූරතාවය නියෝජනය කළ ක්‍රීඩිකාවන් රැසක් ඇතුළත් වන අතර ඔවුන්ට අමතරව යොවුන් ක්‍රීඩිකාවන් කිහිපයක් සංචිතයට කැඳවා තිබීම විශේෂත්වයක්.

2024 ආසියානු දැල්පන්දු ශූරතාවයට නම් කළ ශ්‍රී ලංකා මූලික සංචිතය,

  • ගයන්ජලී අමරවංශ
  • දුලංගි වන්නිතිලක
  • සෙමිනි අල්විස්
  • ගයනි දිසානායක
  • හසිතා මෙන්ඩිස්
  • භාශිනි ද සිල්වා
  • රෂ්මි පෙරේරා
  • ඉමාෂා පෙරේරා
  • ශානිකා පෙරේරා
  • රැක්ෂලා හපුආරච්චි
  • සුසීමා බණ්ඩාර
  • රෂ්මි දිව්‍යාංජලී
  • ගයත්‍රි කෞෂල්‍යා
  • හංසිමා දිසානායක
  • සචිනි රොද්‍රිගෝ
  • උමයංගා දිල්ශානි
  • සමින්දි රසාංගි
  • රෙෂනි සසදරා

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ සියලු පුවත් සඳහා රැඳී සිටින්න, ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

>>තවත්ක්‍රීඩාපුවත්සඳහාපිවිසෙන්න<<