ඩිල්ෂි, නිමාලි සහ ගයන්තිකා ආසියාවේ පෙරමුණට

232

නිමා වූ 98 වැනි ජාතික මලල ක්‍රීඩා උළෙලේ දී දැක්වූ දස්කම් සමඟින් මෙම වසරේ කාන්තා මීටර් 800 ඉසව්ව සඳහා ආසියාවේ වාර්තා වූ වේගවත්ම කාලයන් හතර අතරට පැමිණීමට ලාංකික ක්‍රීඩිකාවන් වන ඩිල්ෂි කුමාරසිංහ, නිමාලි ලියනආරච්චි සහ ගයන්තිකා අබේරත්න සමත්ව ඇත.

මෙම වසරේ එම ඉසව්ව සඳහා වාර්තා වූ කාලයන් අතරින් ආසියාවේ වේගවත්ම කාලය වාර්තා කිරීමට බහමාස් ක්‍රීඩිකා Nelly Jepkosgei (මිනිත්තු 2:02.07) සමත්ව ඇති අතර දෙවන, තෙවැනි සහ සිව්වැනි වේගවත්ම කාලයන් වාර්තා කිරීමට පිළිවෙළින් ඩිල්ෂි කුමාරසිංහ (මිනිත්තු 2:02.80), නිමාලි ලියනආරච්චි (මිනිත්තු 2:03.20) සහ ගයන්තිකා අබේරත්න (මිනිත්තු 2:03.53) සමත්ව තිබුණි.

කොරෝනා වසංගත තත්වය නිසාවෙන් මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට වසරකට ආසන්න කාලයක් මුළුල්ලේ කිසිදු මලල ක්‍රීඩා තරගාවලියක් සඳහා සහභාගි වීමට අවස්ථාවක් හිමි නොවූ අතර මාස ගණනාවක් පුහුණුවීම් කටයුතු සඳහා ද සහභාගි වීමට නොහැකි විය.

තවත් මලල ක්‍රීඩා පුවත්:

එවැනි තත්වයක් මත වසරකින් පසු සහභාගි වූ මුල්ම තරගාවලියේ දී ම මෙම ක්‍රීඩිකාවන් තිදෙනා මීටර් 800 ඉසව්වේ දී තියුණු සටනකින් පසුව මෙම කාලයන් වාර්තා කිරීමට සමත් විය.

පසුගිය වසර කිහිපයේ දී මෙරට මලල ක්‍රීඩාවේ සිදු වූ පසුබෑම සහ මෙරට මලල ක්‍රීඩාවට ඇති යටිතල පහසුකම් ආදියේ හිඟකම සමඟින් බලන විට මෙරට ක්‍රීඩිකාවන් තිදෙනෙකු ආසියාවේ වේගවත්ම කාලයන් අතරට පැමිණීමට සමත් වීම මලල ක්‍රීඩාවේ අනාගතයට සුබවාදී කරුණකි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<