කන්ඩම්බි සහ චන්දනට නව වගකීම්

1314
Thilina Kandambi and Upul Chandana

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමඟ ජනවාරි මස පැවැත්වෙන සීමිත පන්දුවාර තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා නව පිතිකරණ සහ පන්දු රැකීමේ පුහුණුකරුවන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පත් කර තිබෙනවා. 

ඒ අනුව තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස හිටපු ක්‍රීඩක තිලිණ කන්ඩම්බි මහතා පත් කර ඇති අතර පන්දු රැකීමේ පුහුණුකරු ලෙස උපුල් චන්දන මහතා කටයුතු කරනවා.  

මෙම පත් කිරීම සිම්බාබ්වේ තරගාවලිය සඳහා පමණක් වන අතර මීට පෙර කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කළ නවීඩ් නවාස් මහතා මෙම සංචාරයේ දී කණ්ඩායමේ සහය පුහුණුකරු ලෙස කටයුතු කරනවා. 

කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස Chris Silverwood මහතා තවදුරටත් කටයුතු කරන අතර පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කළ Anton Roux මහතා සිය පෞද්ගලික හේතු නිසා සීමිත කාලසීමාවක් කණ්ඩායම් සමඟ කටයුතු කිරීමට නියමිතයි. 

එමෙන්ම ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ Trainer ලෙස කටයුතු කළ Grant Luden සිය තනතුරින් ඉල්ලා අස් වීම නිසා එම තනතුර සඳහා මීට පෙර එම තනතුරේ කටයුතු කළ ඩිල්ෂාන් ෆොන්සේකා මහතා පත් කිරීමට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. 

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය ජනවාරි 06 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබෙන අතර තරගාවලිය ජනවාරි 18 දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා. 

තරගාවලියපිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<