ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරග සඳහා ප්‍රවේශ පත්‍ර විකිණීම ඇරඹේ

Zimbabwe Tour of Sri Lanka 2024

1174

සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර දැන් මිල දී ගැනීමට හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව www.srilankacricket.lk වෙබ් අඩවිය හරහා මාර්ග ගත ක්‍රමය ඔස්සේ මෙම ප්‍රවේශ පත්‍ර අද (25) සිට මිල දී ගැනීමට හැකියාව ලැබෙනවා.

එමෙන්ම ලබන වසරේ ජනවාරි මස 04 වැනි දා සිට තරග පැවැත්වීමට නියමිත කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් (විද්‍යා මාවතේ) කවුන්‍ටර වලින් ද අදාළ ප්‍රවේශ පත්‍ර මිල දී ගැනීමේ අවස්ථාව උදා වනු ඇති

දෙරට අතර ක්‍රිකට් තරගාවලිය එළඹෙන ජනවාරි 06 වැනිදායින් ආරම්භ වීමට නියමිතයි.

Seating මිල (රු.)
Grand Stand 5000
A-B Upper 1500
A-B Lower 1000
C-D Upper 500
C-D Lower 200
AC Box (Group Package with 16 Seats) 3000 per seat

මෙම තරගාවලියේ දී ජනවාරි මස 06, 08 සහ 11 යන දින වල එක්දින තරග තුනක් පැවැත්වීමට නියමිත අතර ජනවාරි 14,16 සහ 18 දින වල දී විස්සයි විස්ස තරග තුනක් ද පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර එක්දින තරග සියල්ල දිවා රාත්‍රි තරග ලෙස ද, විස්සයි විස්ස තරග රාත්‍රි තරග ලෙස ද පැවැත්වෙනු ඇති.

තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<