දික්වැල්ල, චන්දිමාල් හා තිසරගේ ශතකවලින් පල්ලෙකැලේ උණුසුම්

4288
Sri Lanka Cricket

දිමුත් කරුණාරත්නගේ කණ්ඩායම හා නිරෝෂන් දික්වැල්ලගේ කණ්ඩායම අතර පැවති පුහුණු තරගය අඩු ආලෝක තත්වය නිසා අද (30) අතහැර දැමුණා. පන්දුවාර 50 තරගයක් ලෙස මෙම පුහුණු තරගය පැවැත්වුණේ මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දීයි.

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම වැඩට බසියි

දකුණු අප්‍රිකානු ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන තෝරාගත් ක්‍රීඩකයින් ප්‍රමාණයකට ඔවුන්ට

පන්දු යවන්නන්ට මූලිකත්වය දෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයින් 13 දෙනෙක්ට නේවාසික පුහුණු කඳවුරක් පැවැත්වූයේ පසුගිය ජුනි 1 වැනිදා සිට ජුනි 12 වැනිදා දක්වා කාල සීමාවෙයි. 

ඉන්පසුව පිතිකරුවන්ට මූලිකත්වය දෙමින් දෙවන නේවාසික පුහුණු කඳවුර මහනුවර පල්ලෙකැලේ දී ආරම්භ වුනේ ජුනි මස 22 වැනිදායි. එම දෙවන පුහුණු කඳවුර දින 10ක් පුරා පැවැත්වීමට නියමිතයි. මෙම කඳවුර අතරතුර ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු හා සහය කාර්ය මණ්ඩලය ජාතික සංචිතය වෙනුවෙන් පන්දුවාර 50ක පුහුණු තරගයක් පැවැත්වූයේ ක්‍රීඩකයින් ඉදිරියේ දී පැවැත්වෙන තරග සඳහා සූදානම් කිරීම සඳහායි.

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න හා කඩුලු රකින පිතිකරු නිරෝෂන් දික්වැල්ල කණ්ඩායම් දෙක මෙහෙයවූ අතර දික්වැල්ල කාසියේ වාසිය දිනා පන්දුවට පහර දීම තෝරා ගත්තා.

දික්වැල්ලගේ කණ්ඩායම වෙනුවෙන් නායක දික්වැල්ල හා දනුෂ්ක ගුණතිලක ඉනිම ආරම්භ කළ අතර පළමු කඩුල්ල වෙනුවෙන් අගනා සබඳතාවක් ගොඩ නගන්නට ඔවුන් දෙදෙනා සමත් වුනා. ගුණතිලක ලකුණු 41කට දැවී ගිය නමුත් දික්වැල්ල සමඟ එක්වුණු දිනේෂ් චන්දිමාල් දික්වැල්ලගේ කණ්ඩායම පන්දුවාර 50ක දී ලකුණු 346කට රැගෙන යන්නට සමත් වුනා.

දික්වැල්ල පන්දු 100ක දී ලකුණු 127ක් වාර්තා කළේ හතරේ පහර 14ක් හා හයේ පහරක් සමඟින්. චන්දිමාල් පන්දු යවන්නන්ට සිත් සේ පහර දෙමින් නොදැවුණු ශතකයක් වාර්තා කළේ හයේ පහර හතරක් හතරේ පහර නවයක් සමඟින් ලකුණු 117ක් රැස් කරමිනුයි. 

යෝකර් කිං – ලෝකෙම කිං

ලොව ප්‍රසිද්ධම ක්‍රිකට් සඟරාව වන විස්ඩන් සඟරාව පසුගිය දා එදා මෙදාතුර ලොව බිහි වූ විශිෂ්ටතම විස්සයි විස්ස

කරුණාරත්නගේ කණ්ඩායමේ ප්‍රධානම පන්දු යවන්නා වුණු ලහිරු කුමාරට එරෙහිව ලකුණු 72ක් රැස් කරන්නට දික්වැල්ලගේ කණ්ඩායමේ පිතිකරුවන් සමත් වුනා. කෙසේ වෙතත් ඔහු කඩුලු තුනක් තමන්ගේ නමට ලියා ගන්නට සමත් වුනා.

කරුණාරත්නගේ කණ්ඩායමේ පිතිකරුවන් මේ තරගයේ දී එතරම් සාර්ථක වුනේ නැහැ. කෙසේ වෙතත් ධනංජය ද සිල්වා හා ලහිරු තිරිමාන්න ලකුණු 40ක් හා ලකුණු 49ක් බැගින් රැස් කරමින් සිය කණ්ඩායමේ ඉනිම තරමක් ස්ථාවර කළා.

තරගයේ අවසන් භාගයේ ක්‍රියාත්මක වුණු තිසර පෙරේරා පන්දු 72කින් ප්‍රවේගකාරී ලකුණු 101ක් වාර්තා කළේ කරුණාරත්නගේ කණ්ඩායම පරාජයෙන් ගලවා ගනිමින්. විනිසුරුවන් අඩු ආලෝක තත්වය නිසා තරගය අතහැර දමන විට කරුණාරත්නගේ කණ්ඩායමට පන්දු 27ක දී ලකුණු 27ක් අවශ්‍යව තිබුණු අතර තිසර පෙරේරා නොදැවී කඩුල්ලේ රැඳී සිටියා.

Black Lives Matter එංගලන්ත – කොදෙව් සටනට

ලොව පුරා ක්‍රියාත්මක Black Lives Matter විරෝධතා මාලාවට සහය දැක්වීමක්

 මීළඟ පුහුණු තරගය හෙට (01) පස්වරු 1 ට පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී ම විස්සයි විස්ස තරගයක් ලෙස පැවැත්වෙනු ඇත.

දික්වැල්ලගේ කණ්ඩායම – 346/8 (50): නිරෝෂන් දික්වැල්ල 127 (පන්දු 100, 4×14, 6×1), දිනේෂ් චන්දිමාල් 117* (4×9, 6×4), දනුෂ්ක ගුණතිලක 41, ලහිරු කුමාර 3/72, ධනංජය ද සිල්වා 2/30. 

කරුණාරත්නගේ කණ්ඩායම – 292/7 (45.3): තිසර පෙරේරා  101* (පන්දු 72, 4×6,6×7), ධනංජය ද සිල්වා 49 (පන්දු 45, 4×6, 0x6), ලහිරු තිරිමාන්න 45 (පන්දු 50, 4×4, 0x6), කුසල් මෙන්ඩිස්  22, කසුන් රාජිත 2/77, වනිඳු හසරංග 2/50, නුවන් ප්‍රදීප් 2/46 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<