තිලාන් සමරවීරට පුහුණුකාර තනතුරක්

නවසීලන්තයේ බංග්ලාදේශ සහ පාකිස්තානු සංචාරය 2021

967
Thilan Samaraweera

ශ්‍රී ලංකාව නියෝජනය කළ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන තිලාන් සමරවීර මහතා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්‍ය මණ්ඩලයට තෝරාගෙන තිබෙනවා. ඒ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත බංග්ලාදේශ T20 තරගාවලිය සහ පාකිස්තානය සමඟ පැවැත්වීමට නියමිත එක්දින සහ T20 තරගාවලිය ඉලක්ක කරගෙනයි.

තිලාන් සමරවීර ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරග 81කට සහභාගී වෙමින් ශතක 14ක් ලබාගෙන හොඳ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් (48.76) රඳවා ගෙන පිතිකරණයේ නිරත වී තිබෙනවා. ඔහු පාකිස්තානය සමඟ කරච්චි නුවර දී පැවැත්වුණු ක්‍රිකට් තරගයේ දී ලකුණු 231ක් වාර්තා කර ගත් අතර එය ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලබාගෙන තිබෙන වැඩිම ලකුණු ප්‍රමාණයයි.

>>නවසීලන්තය වසර 18කට පසුව පාකිස්තානයට<<

දැනට වයස අවුරුදු 44ක් වන සමරවීර මහතා 2013 වසරේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දුන් අතර, ඉන්පසුව ශ්‍රී ලංකාවේ හා බංග්ලාදේශයේ පිතිකරණ පුහුණුකරුවෙකු ලෙස ලොව පුරා තරගාවලි කිහිපයක් සඳහාම සහභාගී වී තිබෙනවා.

එසේම 2018 වසරේ පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ද සිය වගකීම ඉටු කළ ඔහු, 2019 වසරේ පැවති නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය තුල ද නවසීලන්ත කණ්ඩායමේ පුහුණු කාර්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක් ලෙස කටයුතු කළා. එහි පැවති ටෙස්ට් තරගාවලිය 1-1ක් ලෙස සම වුනු අතර විස්සයි විස්ස තරගාවලිය 2-1ක් ලෙස නවසීලන්තය ජය ගත්තා.

තවත් ක්‍රිකට් පුවත්:

2017 වසරේ නොවැම්බර් මාසයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස වැඩ කටයුතු ආරම්භ කළ සමරවීර මහතා 2019 ලෝක කුසලානයට පෙර එම තනතුරෙන් ඉල්ලා අස්වූයේ ඔහුගේ තනතුර යම් වෙනස් කිරීමකට ලක් කළ නිසයි. 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී අනුශූරතාව සහ පසුගිය දා අවසන් වුනු ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාවය දිනා ගත්තේ නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමයි.

නවසීලන්ත කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරයේ තරග කාලසටහන

සැප්තැම්බර් 1 – 1st T20I, Dhaka

සැප්තැම්බර් 3  – 2nd T20I, Dhaka

සැප්තැම්බර් 5 – 3rd T20I, Dhaka

සැප්තැම්බර් 8 – 4th T20I, Dhaka

සැප්තැම්බර් 10 – 5th T20I, Dhaka

නවසීලන්ත කණ්ඩායමේ පාකිස්තානු සංචාරයේ තරග කාලසටහන

සැප්තැම්බර් 17 – 1st ODI, Rawalpindi

සැප්තැම්බර් 19  – 2nd ODI, Rawalpindi

සැප්තැම්බර් 21 – 3rd ODI, Rawalpindi

සැප්තැම්බර් 25 – 1st T20I, Lahore

සැප්තැම්බර් 26 – 2nd T20I, Lahore

සැප්තැම්බර් 29 – 3rd T20I, Lahore

ඔක්තෝබර් 1 – 4th T20I, Lahore

ඔක්තෝබර් 3 – 5th T20I, Lahore

තවත් උණුසුම් පුවත් හා තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<