ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු තරග කාලසටහන නිකුත් වෙයි

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021

2825

සංචාරක දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත එක්දින සහ විස්සයි විස්ස තරගාවලිය එළඹෙන සැප්තැම්බර් 2 වැනිදා සිට 14 වැනිදා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

ICC එක්දින සුපර් ලීගයේ තරග තුනක් ඇතුළත් මේ තරගාවලිය පසුගිය වසරේ දී පැවැත්වීමට නියමිතව තිබුණු නමුත් COVID-19 වයිරසයේ ගෝලීය ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් එම තරගාවලිය කල් දැමුණා.

තවත් ක්‍රිකට් පුවත්:

දකුණු අප්‍රිකානු කණ්ඩායමක් අවසන් වරට ශ්‍රී ලංකාවට පැමිණියේ 2018 වසරේ දී වන අතර මේ තරගාවලිය කිසිදු ප්‍රේක්ෂක සහභාගීත්වයක් නොමැතිව ජෛව ආරක්ෂිත බුබුලක් යටතේ පැවැත්වීමට නියමිතයි.

තරග කාලසටහන:

  • පළමු එක්දින තරග – සැප්තැම්බර් 2
  • දෙවැනි එක්දින තරගය – සැප්තැම්බර් 4
  • තෙවැනි එක්දින තරගය – සැප්තැම්බර් 7
  • පළමු විස්සයි විස්ස  තරගය – සැප්තැම්බර් 10
  • දෙවැනි විස්සයි විස්ස  තරගය – සැප්තැම්බර් 12
  • තෙවැනි විස්සයි විස්ස  තරගය – සැප්තැම්බර් 14

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<