ආරාධිත T20 තරගාවලියේ විනිසුරුවරුන් නම් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 2021

1104
SLC INVITATIONAL T20

අගෝස්තු 12 වැනිදා පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත T20 ක්‍රිකට් තරගාවලියේ විනිසුරු මඩුල්ල අද (9) නිල වශයෙන් මාධ්‍යයට නිකුත් කළා.

ඒ අනුව මේ විනිසුරු මණ්ඩලය සඳහා තරග තීරකවරුන් තිදෙනකුගෙන් සහ විනිසුරුවරුන් හය දෙනෙකු ඇතුළත් වෙනවා.

>>ආරාධිත T20 සටනේ සංචිත සහ තරග කාලසටහන<<

තරගාවලිය සඳහා නම් කරන ලද තරග තීරකවරුන් අතර ටී. එච්. ආර්. ප්‍රියන්ත, නල්ලයියා දේවරාජන් සහ රවී පුංචිහේවා යන මහත්වරුන්ගෙන් සමන්විත වෙනවා. ඊට අමතරව තරග විනිසුරුවන් අතර කොට්ටච්චි සහෝදරයින් දෙදෙනා වන රෝහිත සහ රවීන්ද්‍ර කොට්ටච්චි යන මහත්වරු දෙදෙනාට අමතරව කීර්ති බණ්ඩාර, දීපාල් ගුණවර්ධන, අසංග ජයසූරිය, හේමන්ත බොතේජු මහත්වරුන් විනිසුරුවරුන් ලෙස කටයුතු කිරීමට නියමිතයි.

තවත් ක්‍රිකට් පුවත්:

නිල්, කොළ, රතු සහ අළු යන කණ්ඩායම් 4කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය මේ මස 12 වැනිදා සිට ලබන 24 වැනිදා දක්වා මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. 

මේ සඳහා සහභාගී වන ක්‍රීඩකයින් බොහොමයක් දෙනා අද (9) මහනුවර බලා පිටත්ව යාමට නියමිතයි.

  • තරග තීරකවරුන් – ටී. එච්. ආර්. ප්‍රියන්ත, නල්ලයියා දේවරාජන්, රවී පුංචිහේවා
  • විනිසුරුවරුන් – රෝහිත කොට්ටහච්චි, රවීන්ද්‍ර කොට්ටහච්චි, කීර්ති බණ්ඩාර, දීපාල් ගුණවර්ධන, අසංග ජයසූරිය, හේමන්ත බොතේජු

තරගාවලියේ තරග කාලසටහන

අගෝස්තු 12

  • Greys vs Greens – 2.30pm
  • Blues vs Reds – 7.00pm

අගෝස්තු 14

  • Reds vs Greys – 2.30pm
  • Blues vs Greens – 7.00pm

අගෝස්තු 16

  • Reds vs Greens – 2.30pm
  • Blues vs Greys – 7.00pm

අගෝස්තු 18

  • Reds vs Blues – 2.30pm
  • Greens vs Greys – 7.00pm

අගෝස්තු 20

  • Greens vs Blues – 2.30pm
  • Greys vs Reds – 7.00pm

අගෝස්තු 22

  • Greys vs Blues – 2.30pm
  • Greens vs Reds – 7.00pm

අගෝස්තු 24

  • අවසන් මහා තරගය  – 7.00pm

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<