කටාර් ගිය ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩකයෝ අවසන් 8 දෙනාට

125

කටාර් පාපන්දු සංගමය විසින් සංවිධානය කළ 8 වැනි ආසියානු ප්‍රජා පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසෙන්නට අධිෂ්ඨානශීලී ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.

ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල අරාබි කණ්ඩායම් වන ලෙබනනය, පලස්තීනය හා ජෝර්දානය සමඟත් මලයාසියාව, පිලිපීනය හා ජපානය සමඟත් එක් කාණ්ඩයක ක්‍රීඩා කළා. එහි දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සුපිරි දක්ෂතා දක්වමින් විශිෂ්ට ජයග්‍රහණ ත්‍රිත්වයක්ම වාර්තා කර ගන්නට සමත් වුනා.

රිනවුන් කණ්ඩායමේ හිටපු ආරක්ෂක ක්‍රීඩකයෙකු වන මොහොමඩ් ඉජාස් නසීර් කණ්ඩායමේ නායකයා ලෙස ක්‍රීඩා කරන අතර මොහොමඩ් මුසාබ් උප නායකයා ලෙස කටයුතු කරනවා. 

රිනවුන් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන මොහොමඩ් අනාම්, ජාවා ලේන් කණ්ඩායමේ ආරක්ෂක ක්‍රීඩකයෙකු වන මොහොමඩ් ෆවාස් හා සෙරන්ඩිබ් ක්‍රීඩා සමාජයේ මොහොමඩ් අසමාන් කණ්ඩායම වර්ණවත් කළා. 

ශ්‍රී ලංකාව සිය පළමු තරගයේ දී ලෙබනනය හමුවේ දී ගෝල 2-1ක් ලෙස පරාජය වුණු නමුත් මලයාසියාව සමඟ පැවති දෙවන තරගය ඔවුන් ගෝල 9-0 ක් ලෙස අවසන් කළේ විශිෂ්ට ජයක් වාර්තා කරමින්. එම ජයත් සමඟ ඔවුන් ප්‍රබල පලස්තීනයට ඉතා හොඳ සටනක් දුන් නමුත් ගෝල 2-1ක් ලෙස එම තරගය පරාජය වුනා.

ශ්‍රී ලංකාව සිය තෙවැනි තරගය ක්‍රීඩා කළේ පසුගිය වර ශූරයින් වන ජෝර්දානය සමඟයි. ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ පළමු අර්ධයේ දී ගෝල 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් වුනා. 

කෙසේ වෙතත් තරගය අවසන් වීමට මිනිත්තු හතරක් ඉතිරිව තිබිය දී ජෝර්දාන නායක තරගයේ ගෝල සම කළේ අවාසනාවන්ත ලෙසයි. ශ්‍රී ලංකාව හා ජපානය හා තරගය ඉතා උණුසුම් වුනා.

ශ්‍රී ලංකාව දඬුවම් පහරකින් තරගය ආරම්භ කළ අතර ඔවුන් තරගය ජය ගත්තේ ගෝල 4-1ක් ලෙසයි. ඔවුන් තමන්ගේ කාණ්ඩයේ තුන්වැනි ස්ථානය දිනා ගත් අතර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා. ශ්‍රී ලංකාව අර්ධ අවසන් පූර්ව වටයේ දී ඉන්දියාව මුණගැසීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු පාපන්දු ඇකඩමියේ කළමනාකරණය යටතේ ක්‍රීඩා කරන අතර කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන්නේ මොහොමඩ් අබ්දුල් කාදර් මහතායි.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<