නවසීලන්තය වසර 18කට පසුව පාකිස්තානයට

නවසීලන්ත කණ්ඩායමේ පාකිස්තානු සංචාරය 2021

498

සංචාරක නවසීලන්තය සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සහ තරග පහකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය සැප්තැම්බර් 17 වැනිදා පාකිස්තානයේ දී ආරම්භ වීමට නියමිතයි. එහි නිල තරග කාලසටහන අද (5) මාධ්‍ය වෙත නිකුත් කෙරුණා.

වත්මන් ලෝක එක්දින අනුශූරයින් සහ ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරයින් වන නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමක් පාකිස්තානයේ තරග සංචාරයක යෙදෙන්නේ (2003ට පසුව) වසර 18කට පසුව වීම සුවිශේෂී වෙනවා.

ICC ලෝක එක්දින ක්‍රිකට් ශූරතාවලියේ තරග තුනක් සහ විස්සයි විස්ස තරග පහක් ඇතුළත් මේ තරගාවලිය සඳහා තරග වදිනු ලබන නවසීලන්ත කණ්ඩායම සැප්තැම්බර් 11 වැනිදා පාකිස්තානයට පැමිණ දින තුනක කාලයක් නිරෝධායනය වීමට නියමිතයි. ඉන් පසුව සැප්තැම්බර් 15 වැනිදා සිය පුහුණුවීම් ආරම්භ කිරීමට ඔවුන් සැලසුම් කර තිබෙනවා.

තවත් ක්‍රිකට් පුවත්:

දෙරට අතර පැවැත්වෙන එක්දින තරග සියල්ලම පාකිස්තානයේ Rawalpindi හිදී පැවැත්වෙන අතර එහි පළමු තරගය සැප්තැම්බර් 17 වැනිදා පැවැත්වෙනවා. තවද එළඹෙන ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට පෙර සූදානමක් ලෙස පාකිස්තානය සහ නවසීලන්තය පැවැත්වෙන මේ තරගාවලිය සඳහා විස්සයි විස්ස තරග වැඩි ප්‍රමාණයක් ක්‍රීඩා කිරීමට සූදානමින් සිටිනවා.

තරග පහකින් සමන්විත තරගාවලියේ පළමු තරගය සැප්තැම්බර් 25 වැනිදා Lahore හිදී පැවැත්වීමට නියමිතය අතර විස්සයි විස්ස තරග සියල්ලම පැවැත්වෙන්නේ Lahore ක්‍රීඩාංගණයේ දීයි.

ICC ලෝක එක්දින සුපර් ලීගයේ දැනට තිබෙන ප්‍රසාද ලකුණු සටහනට අනුව පාකිස්තානය තරග 9ක් ක්‍රීඩා කරමින් ප්‍රසාද ලකුණු 40ක් සමඟ එහි පස්වැනි තැන දිනාගෙන සිටිනවා. ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන නවසීලන්තය තරග තුනක් ක්‍රීඩා කරමින් තරග තුනම ජයගෙන ප්‍රසාද ලකුණු 30ක් සමඟින් දැනට අටවැනි ස්ථානයේ පසුවෙනවා.

තරග කාලසටහන

  • සැප්තැම්බර් 17 – 1st ODI, Rawalpindi
  • සැප්තැම්බර් 19  – 2nd ODI, Rawalpindi
  • සැප්තැම්බර් 21 – 3rd ODI, Rawalpindi
  • සැප්තැම්බර් 25 – 1st T20I, Lahore
  • සැප්තැම්බර් 26 – 2nd T20I, Lahore
  • සැප්තැම්බර් 29 – 3rd T20I, Lahore
  • ඔක්තෝබර් 1 – 4th T20I, Lahore
  • ඔක්තෝබර් 3 – 5th T20I, Lahore

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<