ජයග්‍රහණය ජෝයි ධනුෂ්කගේ කණ්ඩායමට

185
APL cricket match report

ශ්‍රී ලංකාවේ ජාතික මලල ක්‍රීඩා කණ්ඩායම නියෝජනය කරන නවක ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් සංවිධානය කෙ‍රුණු මලල ක්‍රීඩා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියක් පසුගිය දා ටොරින්ටන් ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

දෙවන බැග්ඩෑඩ් අර්ධ මැරතන් තරගාවලියට කුමාර් හා සජිනි

එළඹෙන පෙබරවාරි මස 4 වෙනිදා ඉරාකයේ, බැග්ඩෑඩ් අගනුවර දී පැවත්වීමට නියමිත දෙවන බැග්ඩෑඩ් අර්ධ මැරතන් තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කුමාර් ශන්මුගේෂ්වරන් හ සජිනි වික්‍රමසූරිය එක්වීමට නියමිතයි.

මෙහි ප්‍රධාන අරමුණ වූයේ මලල ක්‍රීඩාවෙන් සමුගත් ප්‍රවීන මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්, දැන‍ට ජාතික කණ්ඩායම නියෝජනය කරන මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු සියලුම දෙනාගේ එකමුතුකම, සහයෝගීත්වය වර්ධනය කිරීමයි.

දිනයේ පළමු තරගයේ කාසියේ වාසිය උරා බැලීම සිදු කළේ මලල ක්‍රීඩා සංගමයේ හිටපු සභාපති ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා විසිනි.

ජාතික ධජය ඔසවමින් නිල වශයෙන් මෙම තරගාවලියේ ආරම්භ කළේ 2000 වර්ෂයේ දී ඔලිම්පික් පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මිය විසිනි. මෙම අවස්ථාවට මලල ක්‍රීඩාවෙන් ලොව ජය ගත් ප්‍රවීණ ක්‍රීඩක සුගත් තිලකරත්න, ප්‍රවීන ක්‍රීඩිකා ශ්‍රියාණි කුලවංශ, දමයන්ති දර්ශා, දම්මිකා මැණිකේ, ජයමිණි ඉලේපෙරුම, ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී විය.

මෙම සුහද ක්‍රිකට් තරගාවලියේ ශූරයින් බවට පත් වූයේ ශ්‍රී ලංකාවෙන් බිහි වූ යගුලිය විසිකිරීමේ ජාතික ශූර ජෝයි ධනුෂ්ක විසින් නායකත්වය දුන් Power Tuskers කණ්ඩායමයි. එම ජයග්‍රාහී කණ්ඩායමට හිමි කුසලානය පිරිනැමුවේ ප්‍රවීන මලල ක්‍රීඩක සුගත් තිලකරත්න මහතා විසිනි.

නවකයින් විසින් සංවිධානය කළ මෙම සුහද ක්‍රිකට් තරගාවලිය තුළින් බලාපොරොත්තු වූ සුහදත්වය එකමුතුකම ඇතුළු සියල්ල ඉතා සාර්ථක වෙමින් අවසන් වූ බව මලල ක්‍රීඩක ෂෙහාන් අඹේපිටිය ThePapare.com සමඟින්  පවසා සිටියේය.

“ඇත්තටම අපට ඕනේ වුණේ අපේ මලල ක්‍රීඩාවෙන් ලෝකය ජය ගත් සුසන්තිකා ජයසිංහ, දමයන්ති දර්ශා, සුගත් තිලකරත්න, ශ්‍රියාණි කුලවංශ වගේ ප්‍රවීණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් එකම තැනකට එකතු කරලා අපේ කා‍ලේ ක්‍රීඩා කරන අයත් එක්ක සුහදව කටයුතු කරන්න. මොකද එසේ කිරීම තුළින් අපි සහ ඒ අය අතර තියෙන බැදීම, එකමුතුකම, සුහදත්වය තවත් වැඩි වෙනවා විතරක් නෙමෙයි ඒ තුළින් අපට ක්‍රීඩා කරන්න හොඳ මානසිකත්වයකුත් ඇති වෙනවා. ඉතිං අපි අද ඒ දේ කළා. ගොඩක් සාර්ථකයි” යැයි ෂෙහාන් අඹේපිටිය ThePapare.com සමඟින් වැඩිදුරටත් පැවසීය.

තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට