ගෙවුනු දවස අගෝස්තු 14 – යුද හමුදාවට ජය

244
gevunu dawasa august - 14

අවිවේකි ජීවන දිවියක් ගත කරන ඔබට, එදිනෙදා මඟ හැරෙන ක්‍රීඩා පුවත් කෙටියෙන්, නිවැරදිව, සිංහලෙන් එකම ලිපියකින් ඉදිරිපත් කිරීමේ අරමුණින් ThePapare.com විසින් ඔබට “ගෙවුනු දවස” නමින් විශේෂාංග ලිපි මාලාවක් දිනපතා ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම ඔබට පසු දින ඉරිදා සිදු වු පුවත් වලට අමතරව එම සතියේ පල වු විශේෂ පුවත් අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

ක්‍රිකට් –

SSC යුද හමුදාවට පරාජය වේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 23න් පහළ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟය ඊයේ (14) කොළඹ කෝල්ට්ස් ක්‍රිකට් සමාජය හා යුද හමුදා ක්‍රීඩා සමාජ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස අන්තර්ජාතික  ක්‍රිකට් පිටියේදී පැවැත්විණි. මෙම තරඟය ලකුණු 26 කින් ජයග්‍රහණය කිරීමට යුධ හමුදා ක්‍රීඩා සමාජ කණ්ඩායම සමත් විය.

ලකුණු සටහන:

යුද හමුදා කණ්ඩායම – 158-08 (20): ඩිල්ශාන් ද සොයිසා 34, ලියෝ ෆැන්සිස්කෝ 32, නලින් පෙරේරා 24, රමේශ් මෙන්ඩිස් 18/3.

එස්. එස්. සී. ක්‍රිකට් කණ්ඩායම – 132- 10 (20): රමේශ් මෙන්ඩිස් 58,  තරිදු රත්නායක 20 ,නිර්මාල් ප්‍රනාන්දු 2/20 , නලින්  පෙරේරා 2/21

සම්පූර්ණ ලිපිය: 23න් පහළ සටනේ ශුරතාව යුධ හමුදාවට


ඔ්ස්ට්‍රේලියාව වැඩ අල්ලයි

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට සියල්ලන් දැවී රැස් කළ ලකුණු 355 ට පිළිතුරු ලෙස මෙම තරගාවලිය තුල පළමු වරට පිත්තෙන් අභියෝගයක් එල්ල කරන්නට ඕස්ට්‍රේලියානුවන් ඊයේ සමත් විය.

නායක ස්ටීවන් ස්මිත්ගේ සහ මෙම තරගයට අලුතින් කැඳවූ ෂෝන් මාෂ් ගේ පිත්තේ දායකත්වය හේතුවෙන් කොළඹ SSC ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තුන්වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය දෙපිලටම විවෘත සටනක් බවට පත්ව තිබේ.

සම්පූර්ණ ලිපිය: ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ගෙන් අභියෝගයක්


පාපන්දු –

සෝන්ඩර්ස් – නාවික හමුදාව සමයි

ඩයලොග් ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ 10වැනි සතියේ තවත් තරග කිහිපයක් ඊයේ පැවැත්විය.

එම තරගවලදි බ්ලු ස්ටාර් පරදවා සොලිඩ් ක්‍රීඩා සමාජය ජයවාර්තා කිරීමට සමත් විය. එමෙන්ම සෝන්ඩර්ස් සහ නාවික හමුදාව අතර පැවති තරගය ජය පරාජයෙන් තොරවද අවසන් විය.

දවසේ නිමාව

අාසියානු ශූරතාවය ලංකාවට

ආසියනු වයස අවුරුදු විස්සෙන් පහළ සත්සාමාජික රග්බි තරඟාවලියේ දෙවන සහ අවසන් වටය හොන්-කොන් හී කින්ග්ස් පාර්ක් ක්‍රීඩාංගණයේදි ඊයෙන් අවසන් විය. එහිදි සත්කාරක හොන්ග් කොන්ග් කණ්ඩායම හමුවේ 36-10 ලෙස ශ්‍රි ලංකා කණ්ඩායම පරාජයට පත්විය.

  • දෙවන දිනයේ තරග ප්‍රතිඵල:
  • ශ්‍රී ලංකාව 10 : 36 හොන්ග් කොන්ග්
  • ශ්‍රි ලංකාව 19  – 12 දකුණු කොරියාව

සම්පූර්ණ ලිපිය: ශ්‍රි ලංකාව ආසියානු ශූරතාවය දිනා ගනි

නිලූකට පළමු තරගයෙන් පරාජය

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් බැඩ්මින්ටන් තරග බිමට පිවිසි නිලූක කරුණාරත්න හටත් පළමු තරගයෙන්ම පරාජය වැලඳ ගන්නට සිදුවිය.

පසුගිය වසර දෙකේදීම නොකඩවා බැඩ්මින්ටන් ලෝක ශූරතාවට හිමිකම් කියූ චීනයේ ලොං චෙන් පළමු වටයේ පළමු තරගයේ දීම නිලූකගේ ප්‍රතිවාදියා බවට පත් වූයේ නිලූක වයිල්ඩ් කාඩ් ක්‍රමය යටතේ මෙවර ඔලිම්පික් උළෙලට එක්වීම හේතුවෙනි.

මේ තරගයේ පළමු වටයේ සියලු ගෞරව දිනාගත් චෙන් ලකුණු 07 -21ක් ලෙස පහසුවෙන් නිලූකව පරාජය කරන්නට සමත් විය. තම පිරිනැමීමෙන් ලකුණු ලබාගන්නට නිලුක අපොහොසත් වූ අතර ඔහුගේ පිරිනැමීම් 7න් 6කදීම ලකුණු ලබා ගත්තේ චීන ක්‍රීඩකයායි.

සම්පූර්ණ ලිපිය: පළමු තරගයෙන් නිලූක පරාජය වෙයි

චමින්ද වාස්ටත් තනතුරක්

ශ්‍රී ලංකා ක්‍රිකට් හි නව පන්දු රැකීමේ පුහුණුකරු ලෙස දකුණු අප්‍රිකානු ජාතික නික් පෝතස් තෝරා පත් කරගත් බව ඊයේ ශ්‍රී ලංකා ක්‍රිකට් අායතනය විසින් පවත්වනු ලැබු මාධ්‍ය සාකච්ඡාවකදි අනාවරණය කෙරිනි.

එහිදි වැඩිදුරටත් නිවේදනය කරමින් කියා සිටියේ හිටපු වේගපන්දු යවන්නෙකු මෙන්ම 2013 -2015  කාල සමයේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙසද කටයුතු කළ චමින්ද වාස් යලිත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණුකරුවකු ලෙස පත් කර අැති බවය.

ඒ අනුව වාස් සැප්තැම්බර් පළමුවැනිදා සිට නව තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතව අැත. ඔහුට පැවරී අැති වගකීම් ගැන සඳහන් කරමින් අරවින්ද ද සිල්වා ප්‍රකාශ කලේ ජාතික කණ්ඩායමට පැමිණෙන ක්‍රීඩකයන් සූදානම් කිරීම වාස්ගේ ප්‍රධාන වගකීම වන බවයි.

සම්පූර්ණ ලිපිය: චමින්ද වාස් ශ්‍රී ලංකා වේග පන්දු පුහුණුකරු තනතුරකට

පිහිනුම් බලාපොරොත්තුවත් ගිලිහී යයි

පිරිමි මීටර් 100 නිදහස් ආර පිහිනුම් ඉසව්වේ මුලික වටයේ තරග ඊයේ ආරම්භ වූයේ පස්වරු 9.30 ට පමණයි.

මැතිව් අබේසිංහ මුලික වටයේ දෙවන තරගයට එහිදි එක්වු අතර එහිදී ඔහු තුන්වන ස්ථානය දිනා ගැනීමට සමත් වූයේ තත්පර 50.96 කින් තරගය අවසන් කරමිනි. කෙසේ වෙතත්, සමස්ත කාල ගණනය අනුව ඉදිරි වටයට පිවිසීමේ අවස්ථාව ඔහුට  අහිමි වන අතර සමස්ත කාල ගණනය අනුව මැතිව් අබේසිංහට තරගකරුවන් 59 දෙනෙක් අතරින් හිමි වූයේ 50 වන ස්ථානය යි.

සම්පූර්ණ ලිපිය: මැතිව්ගේ ගමනත් නවති