ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ගෙන් අභියෝගයක්

274
sl v aus test cricket

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට සියල්ලන් දැවී රැස් කළ ලකුණු 355 ට පිළිතුරු ලෙස මෙම තරගාවලිය තුල පළමු වරට පිත්තෙන් අභියෝගයක් එල්ල කරන්නට ඕස්ට්‍රේලියානුවන් අද සමත් විය.

නායක ස්ටීවන් ස්මිත්ගේ සහ මෙම තරගයට අලුතින් කැඳවූ ෂෝන් මාෂ් ගේ පිත්තේ දායකත්වය හේතුවෙන් කොළඹ SSC ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තුන්වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය දෙපිලටම විවෘත සටනක් බවට පත්ව තිබේ.

පසුගිය ලිපි: ධනංජයගේ මංගල ශතකය ශ්‍රී ලංකාව ඔසවා තබයි

අද තරගය ආරම්භ කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 214ක් ලබා සිටින ලදී. ලකුණු 211ක සුපිරි සබඳතාවක් අවසන් කරමින් ධනංජය ද සිල්වා දැවී ගියේ නේතන් ලයන්ගේ පන්දුවක් හමුවේයි.

ඒ වනවිට ඔහු පන්දු 280කදී හතරේ පහර 18ක් සමගින් ලකුණු 129ක් ලබා සිටින ලදී.

ධනංජයගේ දැවී යාමෙන් පසු තම පිත්තේ වේගය වැඩි කළ දිනේෂ් චන්දිමාල් තම 7 වන ටෙස්ට් ශතකය වාර්තා කරන්නට සමත් විය. චන්දිමාල්ට අනගි සහයක් දුන් රංගන හේරත් ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වන විට ලකුණු 33ක් ලබා සිටියේ හතරේ පහර 3ක් ද සමගිනි.

රංගනගේ ඉවත්වීමත් සමග ශ්‍රී ලංකා ඉනිමේ පසුපෙළ බිඳ දමන්නට මිචෙල් ස්ටාක් සමත් විය. චන්දිමාල් ස්ටාක්ගේ පන්දුවකට කඩුලු රකින්නා අතට උඩපන්දුවක් ලබා දෙන විට ඔහු ලකුණු 132ක් රැස් කරගෙන සිටියේ පන්දු 356කට මුහුණ දෙමිනි.

අවසන් කඩුලු  දෙකේ අයිතිය තමන් සතු කරගත් මිචෙල් ස්ටාක් ශ්‍රී ලංකාවේදී එක් ටෙස්ට් තරගාවලියක් තුල අවස්ථා 3කදී කඩුලු 5 බැගින් දවාගත් පළමු වේග පන්දු යවන්නා බවට පත් වීමට සමත් විය.

මේ අනුව ශ්‍රී ලංකා පළමු ඉනිම අවසන් වූයේ ලකුණු 355කටයි.

පිළිතුරු ඉනිම ආරම්භ කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 21ක් වෙද්දී බිඳ වැටුණි. දිල්රුවන් සමග පන්දු යැවීම ආරම්භ කළ ධනංජය ද සිල්වා තම ශතකයට අමතරව පන්දුවෙන්ද දායකත්වය සපයමින් ඩේවිඩ් වෝනර් ගේ ඉනිම අවසන් කරන්නට සමත් විය.

අනතුරුව ගොඩනැගුනේ මෙම තරගාවලියේ ඔස්ට්‍රේලියාව වෙනුවෙන් වාර්තා වූ හොඳම සබඳතාවයි. කලකට පසු යලිත් කණ්ඩායමේ ස්ථානයක් වෙන් කරගත් ෂෝන් මාෂ් නායක ස්ටීවන් ස්මිත් සමග එක්ව දෙවන කඩුල්ලට නොබිඳුණු ශතක සබඳතාවක් ගොඩනැගීය.

මීට පෙර තරග දෙකේ දීම ඔස්ට්‍රේලියාව වෙනුවෙන් වාර්තා වූයේ එක් අර්ධ ශතකයක් පමණක් වුවත් මාෂ් සහ ස්මිත් දෙදෙනාම මෙම ඉනිමේදී අර්ධ ශතක රැස් කරන්නට සමත් විය.

ඔවුන් දෙදෙනාවම දවා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට අවස්ථා දෙකක් හිමි වුවත් අපහසු උඩ පන්දු දෙකක් වූ එම අවස්ථා දෙකම කෞෂාල් සිල්වා අතින් ගිලිහී යාම ශ්‍රී ලංකාවට මහත් පාඩුවක් විය.

දිනය අවසන් වනවිට ස්මිත් ලකුණු 61 ක් සහ මාෂ් ලකුණු 64 ක් ලබාගෙන නොදැවී කඩුල්ලේ රැඳී සිටින ලදී. ඒ වනවිට ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව දැක්වුණේ 141/1 ක් ලෙසිනුයි.

මේ අනුව ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 214ක් පසු පසින් සිටින්නේ තවත් කඩුලු 9ක් අතැතිවයි.

Batsmen Dismissal Runs Balls
Kaushal Silva  c Smith b Starc 0 15
Dimuth Karunarathne   b Starc 7 34
Kusal Perera c Smith b Lyon 16 32
Kusal Mendis c Smith b Starc 1 12
Angelo Mathews  c Starc b Lyon 1 4
Dinesh Chandimal c Nevill b Starc 132 356
Dhananjaya De Silva c S Marsh b Lyon 129 280
Dilruwan Perera c Lyon b Holland 16 25
Rangana Herath Retired Hurt 33 71
Suranga Lakmal c M Marsh b Starc 5 11
Lakshan Sandakan Not Out 4 8
Extras (11) TOTAL 355 (141.1 overs)

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට