23න් පහළ සටනේ ශුරතාව යුධ හමුදාවට

302
Army sc v SSC

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 23න් පහළ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟය අද (14) කොළඹ කෝල්ට්ස් ක්‍රිකට් සමාජය හා යුද හමුදා ක්‍රීඩා සමාජ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස අන්තර්ජාතික  ක්‍රිකට් පිටියේදී පැවැත්විණි. මෙම තරඟය ලකුණු 26 කින් ජයග්‍රහණය කිරීමට යුධ හමුදා ක්‍රීඩා සමාජ කණ්ඩායම සමත් විය.

පසුගිය ලිපි: යුද හමුදා, NCC, CCC, SSC අර්ධ අවසන් වටයට

කාසියේ වාසිය දිනාගත් එස්. එස්. සී.  ක්‍රිකට් කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කල අතර ඒ අනුව පළමුව පිටියට පැමිණි යුද හමුදා කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 34කට දැවී යන ලදි.

අනතුරුව පිටියේ එක්වූ ලියෝ ෆැන්සිස්කෝ හා ඩිල්ශාන් ද සොයිසා දෙවන කඩුල්ල සඳහා ලකුණු 31ක සබඳතාවයක් ගොඩනැංවීමට සමත් විය.

එම සබඳතාවය නිමා කරමින් ලියෝ ලකුණු 32කට දැවීයන ලදි. ඔහුගේ ඉණිම 4 පහරවල් 5 කින් වර්ණවත් විය. අනතුරුව ලකුණු 84කට කඩුලු 3ක් බිදවැටුනු යුධ හමුදා කණ්ඩායමේ 4 වන කඩුල්ල සඳහා ඩිල්ශාන් සමඟ එක්වූ නලින් පෙරේරා ලකුණු 44ක සබඳතාවයක් ගොඩනංවන ලදි. එහිදී නලින් 4 පහර 3 ක් සමඟ සමඟ ලකුණු 24ක් ලබා සිටියදී ඉණිමේ 4වන කඩුල්ල ලෙස දැවීයන ලදි.

අනතුරුව යුධ හමුදා කණ්ඩායමේ 7වන කඩුල්ල ලෙස මෙම තරගයේ දී යුද හමුදා කණ්ඩායම සවිමත් කරමින් දැවීගිය ඩිල්ශාන් එක් 4 පහරක් සමඟ ලකුණු 34 වාර්තා කිරීමට සමත් විය.

ලකුණු 29ක් තුළ යුධ හමුදා කණ්ඩායමේ අවසන් කඩුලු 4 දවාලීමට එස්. එස්. සී. පන්දු යවන්නන් සමත් විය.

යුද හමුදා කණ්ඩායම – 158-08 (20): ඩිල්ශාන් ද සොයිසා 34, ලියෝ ෆැන්සිස්කෝ 32, නලින් පෙරේරා 24, රමේශ් මෙන්ඩිස් 18/3.

අනතුරුව ලකුණු 159 ක අභියෝගයක් හඹායාමට පිටියට පිවිසි එස්. එස්. සී. කණ්ඩායමේ ආරම්භක පිතිකරණ සබඳතාවය ලකුණු 2කට සීමා වූ අතර ඔවුන්ගේ පළමු කඩුලු 4 ලකුණු 28ක් තුළ දවාලීමට යුද හමුදා පන්දු යවන්නන් සමත් විය.

එස්. එස්. සී. කණ්ඩායමේ ලකුණු පුවරුව ලකුණු 28 කට කඩුලු 4ක් ලෙස දැක්වෙද්දී  අසරණව සිටි එස්. එස්. සී. කණ්ඩායම තරමක් හෝ එයින් මුදාලීමට වයි.

මෙන්ඩිස්  හා රමේශ් මෙන්ඩිස් සමත් විය. ඔවුන් දෙදෙනා විසින් 5වන කඩුල්ල සඳහා ලකුණු 41ක සබඳතාවයක් ගොඩනැංවූ අතර එම සබඳතාවය නිමාවට පත්කරමින් වයි.මෙන්ඩිස්  ලකුණු 11කට දැවීයන ලදි.

අනතුරුව 6වන කඩුල්ලේ සබඳතාවය සඳහා තවත් ලකුණු  36ක් එක්වූ පසු දක්ෂ ඉණිමක් දියත් කල රමේෂ් ලකුණු 58 කට දැවීයන ලදි.

ඔහුගේ ඉණිම 4 පහරවල් 2කින් හා 6 පහරවල් 3කින් අලංකාර විය. ඔවුන්ගේ අවසන් කඩුලු 4 ලකුණු 27ක් තුල දවාලමින් ශූරතාවය යුද හමුදා කණ්ඩායමේ සුරතට ගැනීමට  හැකිවන ලෙස පන්දු යවන්නන් තම වගකීම මැනවින් ඉටුකිරීමට  සමත් විය.

එස්. එස්. සී. ක්‍රිකට් කණ්ඩායම – 132- 10 (20): රමේශ් මෙන්ඩිස් 58,  තරිදු රත්නායක 20 ,නිර්මාල් ප්‍රනාන්දු 2/20 , නලින්  පෙරේරා 2/21

ඒ අනුව අවසන් මහා තරඟය ලකුණු 26කින් ජයග්‍රහණය කල යුද හමුදා කණ්ඩායම අවසන් මහා තරඟය දී ශුරතාවය ලබාගැනීමට සමත් විය.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට