ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට අලුත් සහය පුහුණුකරුවෙක්

1311
daily liberal

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සහය පුහුණුකරුවෙකු ලෙස තරිඳු පෙරේරා මහතා පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

අත්දැකීම් බහුල පුහුණුකරුවෙකු වන ඔහු Warwickshire Country Cricket Club, Adelaide Strikers, සහ  West End Red Backs ඇතුළු කණ්ඩායම් රැසක පුහුණුකරුවෙකු ලෙස සේවය කර තිබෙනවා.

ඔහු Warwickshire හි උසස් දක්ෂතා පුහුණුකරුවෙකු ලෙස සේවය කරන කාලය අතරතුර දී ඔහු එම කණ්ඩායමේ පුහුණු කාර්යමණ්ඩලය සමඟින් County Championship, Royal London One Day Cup, T20 Vitality Blast, සහ Warwickshire Academy තරගාවලි සඳහා සිය කණ්ඩායම පුහුණු කර තිබෙනවා.

Adelaide Strikers සහ West End Red Backs හි පිතිකරණ සහ දඟපන්දු බල ඇණිය සවිමත් කිරීමට සේවය ලබා දුන් ඔහු 2022 දී ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම සහ England Young Lions කණ්ඩායම් අතර පැවති පුහුණු තරගයේ දී England Young Lions කණ්ඩායමේ සහය පුහුණුකරුවෙකු ලෙස ද කටයුතු කළා.

Adelaide University District Premier කාන්තා කණ්ඩායමේ සහය පුහුණුකරුවෙකු ලෙස සේවය කළ ඔහු 2019 වසරේ දී Yorkshire County Cricket Club කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ද කටයුතු කළා.

එංගලන්තයේ Leeds Beckett විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා පුහුණුව (Sports Coaching) පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධිධාරියෙකු වන ඔහු SSC සහ Tamil Union මෙන්ම Northamptonshire 2nd XI කණ්ඩායම් වෙනුවෙන් ක්‍රීඩා කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ වන ඔහුගේ පත්වීම 2023 ජූලි 1 වැනිදා සිට පුරා වසර දෙකක කාලයක් සඳහා වලංගු වනු ඇත.

දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<