අයහපත් වාතාවරණය නිසා ජෝන් ටාබට් කල් යයි

ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ තරගාවලිය 2022

175

හෙට (08) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබූ ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ තරගාවලිය කල් දැමීමට එහි සංවිධායකයින් තීරණය කර තිබෙනවා.

රටේ පවතින අයහපත් කාලගුණ තත්වය සැලකිල්ලට ගනිමින් වෛද්‍යවරුන්ගේ උපදෙස් මත පාසල් මලල ක්‍රීඩා සංගමය විසින් මෙම තරගාවලිය කල් දැමීමට කටයුතු කර තිබෙනවා.

තරගාවලිය නැවත පැවැත්වෙන දිනයක් තවමත් ප්‍රකාශ කර නොමැති නමුත් බොහෝ විට තරගාවලිය මෙම මස අග දී පැවැත්වීමට කටයුතු කරනු ඇතැයි වාර්තා වෙනවා.

කොරෝනා වසංගතය නිසා වසර කිහිපයක් තරගාවලිය පැවැත්වීමට නොහැකි වීමෙන් පසුව තරගාවලිය මෙම වසරේ පැවැත්වීමට පාසල් මලල ක්‍රීඩා සංගමය සැලසුම් කළ අතර තරගාවලියේ ජ්‍යෙෂ්ඨ අදියර සැප්තැම්බර් මාසයේ දී සාර්ථකව පවත්වා අවසන් කරන්නට සංවිධායකයින් සමත් වුනා.

කනිෂ්ඨ අදියරේ මූලික තරග අදියර කිහිපයක් ඔස්සේ පසුගිය මාස කිහිපයේ පැවති අතර අවසන් තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3500කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිතව තිබුණා.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<