ස්වභාවධර්මය වෙනුවෙන් Jaffna Stallions නිල ඇදුම වෙනසක්

ලංකා ප්‍රිමියර් ලීගය 2020 – Coverage powered by My Cola

338

Lankan Premier League 2020 තරගාවලියේ යාපනය නගරය නියෝජනය කරමින් සහභාගී වන Jaffna Stallions අද (03) Galle Gladiators සමඟ පැවති තරගයේ දී කණ්ඩායම් නිල ඇදුමේ වෙනසක් සිදු කර නව ජර්සියක් සමඟින් තරගයට එක් වී තිබුණි.

බොහෝ දෙනාගේ අවධානය යොමු වූ එම කණ්ඩායමේ නිල ඇදුමේ වෙනස පිළිබඳව දැනුවත් කරමින් Jaffna Stallions විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබූ අතර එහි සඳහන් වූයේ සිය කණ්ඩායම අද දින ඔක්සිජන් නිල් පැහැය සහිත ජර්සියෙන් ක්‍රීඩා කිරීම තුළින් පරිසරයට ඇති ගෞරවය සහ ඔවුන් ඒ මත යැපෙන බව පෙන්නුම් කරන බවයි.

“යාපනය කියන්නේ කාලෙකට පමණක් වැසි ලැබෙන, ඒ වතුර වලින් ගොවිතැන් කරන ප්‍රදේශයක්. එමෙන්ම ශ්‍රී ලංකාව කියන්නේ නිල් පැහැති මුහුදකින් වට වුන දූපතක්. ඒ දූපතේ වැසියන්ට ස්වභාවධර්මය සමඟින් විශාල බැඳීමක් තියෙනවා.

Jaffna Stallions විසින් එම ගැඹුරු බැඳීම තේරුම් ගෙන ඒ බැඳීම පිළිබිඹු කරන්නට ඔවුන්ගේ නව ජර්සිය සඳහා ඔක්සිජන් නිල් පැහැය තෝරගත්තා. මෙම වර්ණය තුළින් ස්වාභාව ධර්මයට තියෙන ගෞරවය වගේම අපි ඒ මත යැපෙනවා කියලා පෙන්නුම් කරනවා. ඒ වගේම අප රට ස්වභාවධර්මය මත රැඳී තියෙන බව ද එයින් මතක් කර දෙනවා.

ඒ වගේම ඊයේ (02) ආරම්භ වූ සුළි කුණාටුව නිසාවෙන් පීඩාවට පත් වුන ජනතාව පිළිබඳව අප කණ්ඩායම සෑම විටම සැලකිලිමත් වෙන අතර එයින් පීඩා විඳි සියල්ලන්ටම හැකි ඉක්මනින් සහනයක් ලැබී නැවතත් පැරණි තත්වයට ඒමට ලැබේවායි අපි ප්‍රාර්ථනා කරනවා” යැයි එම නිවේදනයේ සඳහන්ව තිබුණි.

තවත් ක්‍රිකට් පුවත්: 

මෙවර Lankan Premier League තරගාවලියේ මේ දක්වා සාර්ථකම කණ්ඩායම ලෙස Jaffna Stallions හැඳින්විය හැකි අතර ඔවුන් මේ දක්වා (අද තරගය ද ඇතුළත්ව) සහභාගි වූ තරග සියල්ලම ජය ගැනීමට සමත් විය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<