Smith වාර්තා හඹා යද්දී Kohli පසෙකට වී බලා හිඳී

WTC 2023

3235
​Steve smith dominate wtc final with his brilliant knock

ඕස්ට්‍රේලියානු සුපිරි පිතිකරු Steve Smith විසින් ඊයේ (08) දිනයේ ඉන්දියාවට එරෙහිව සිය 31 වැනි ටෙස්ට් ශතකය වාර්තා කර ගැනීමට සමත් වුනා.

ටෙස්ට් ලෝක ශූරතාව වෙනුවෙන් ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර එංගලන්තයේ ඕවල් හිදී පැවැත්වෙන මෙම අවසන් මහා තරගයේ පළමු දිනය නිමා වන විට Steve Smith විසින් නොදැවී ලකුණු 95ක් ලබා සිටි අතර, තරගයේ දෙවැනි දිනය වූ ඊයේ තරගය ආරම්භ වීමත් සමඟ ම Mohommed Siraj හට පිට පිට ම හතරේ පහර දෙකක් එල්ල කරමින් සිය 31ක් වැනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට Smith සමත් වුනා.

මෙම ශතකයත් සමඟින් විශේෂ වාර්තා කිහිපයක් ද තමන් සතු කර ගැනීමට Smith විසින් ඊයේ සමත් වීම විශේෂත්වයක්.

එංගලන්තයේ දී වැඩිම ටෙස්ට් ශතක ලාභී විදෙස් පිතිකරුවන් අතර ප්‍රථම ස්ථානය ශ්‍රේෂ්ඨ පිතිකරු Don Bradman හට උරුම වී ඇත්තේ ශතක 11ක් සමඟිනුයි. ඊයේ ශතකයෙන් පසු මෙම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට (Steve Waugh හා සම තැන් ගනිමින්) පත් වීමට Smith විසින් සමත් වන්නේ ශතක 7ක් ද සමඟිනුයි.

එමෙන්ම ඔහුගේ මෙම ශතකයෙන් පසුව ඕස්ට්‍රේලියාව වෙනුවෙන් වැඩි ම ටෙස්ට් ශතක ලාභීන් අතර තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ද Smith විසින් සමත් වුනා.

එමෙන්ම මෙම ශතකය Smith විසින් ඉන්දියාවට එරෙහිව වාර්තා කළ 9 වැනි ටෙස්ට් ශතකය ලෙසයි වාර්තා අතරට එක් වුනේ. ඒ අනුව ඉන්දියාවට එරෙහිව වැඩි ම ටෙස්ට් ශතක ලාභීන් අතර පළමු ස්ථානයට (Joe Root හා සම වෙමින්) පැමිණීමට ද Smith විසින් ඊයේ සමත් වුනා.

කෙසේ වෙතත් Smith විසින් ඉන්දියාවට එරෙහිව දියත් කළ මෙම විශිෂ්ට ඉනිම Shardul Takur විසින් යැවූ පන්දුවක් හමුවේ නිමාව දුටු අතර ඒ වන විට Smith විසින් පන්දු 268ක දී ලකුණු 121ක් ලබා ගෙන සිටියා.

මේ අතර මෙම තරගය ආරම්භ වීමට ප්‍රථම බොහෝ දෙනෙකු විසින් සුපිරි ඉන්දීය පිතිකරු Virat Kohli විසින් විශේෂ පිතිකරණ වාර්තා කිහිපයක් හඹා යනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටිය ද, අවසානයේ Kohliගේ දෑස් මානයේ සිට ම Steve Smith විසින් වෙනත් වාර්තා කිහිපයක් හඹා යන ආකාරයි දැක ගැනීමට හැකියාව ලැබුණේ.

ඊයේ දිනයේ ආරම්භ වූ ඉන්දීය පළමු ඉනිමේ අංක 4 පිතිකරු ලෙස පිටියට පිවිසි Kohli විසින් පන්දු 31කට මුහුණ දෙමින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 14ක් පමණයි.

ඉන්දු – ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගයේ සියලු ම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<