නායකයා සුජාන්; ක්‍රීඩකයින් දෙදෙනෙකුට ජාතික සංචිතයට වරම්

2023 AFC ආසියානු කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය - තෙවැනි වටයේ

222

උස්බෙකිස්තානයේ දී පැවැත්වීමට නියමිත 2023 AFC ආසියානු කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තෙවැනි වටයේ තරගාවලිය සඳහා සහභාගී වන 23 දෙනෙකුගෙන් යුත් ජාතික පාපන්දු සංචිතය අද (07) මාධ්‍ය වෙත නිකුත් කළා.

ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ දී තරග 3කට ක්‍රීඩා කිරීමට නියමිතව සිටින්නේ සත්කාරක උස්බෙකිස්තානය, තායිලන්තය සහ මාලදිවයින සමඟිනුයි. සියලු තරග ජුනි 8 වැනිදා සිට 14 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත එම තරග සියල්ලක්ම ක්‍රියාත්මක වන්නේ Namangan හි Markaziy ක්‍රීඩාංගණයේ දීයි.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් නම් කරන ලද මෙම සංචිතයට ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා යොමු කර තිබෙන බව සම්මේලනය නිවේදනය කර සිටියා.

නිමා වූ සිව්කොන් පාපන්දු තරගාවලිය සඳහා ක්‍රීඩා කළ සංචිතයට ඇතුළත්ව සිටි ක්‍රීඩකයින් 7 දෙනෙකු මෙම සංචිතයෙන් ඉවත් කර තිබෙනවා. Waseem Razeek, කවිඳු ඉෂාන්, (ආබාධයක් හේතුවෙන්), Duckson Puslas, Mohamed Rifnaz, Marvin Hamilton, Ahamed Shazny සහ Daniel Magrath එම ක්‍රීඩකයින්

ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය සුජාන් පෙරේරා හට ලබා දී තිබෙන අතර Waseem Razeek තරගාවලිය සඳහා සහභාගී වන්නේ නැහැ.

එම ක්‍රීඩකයින්ගේ පුරප්පාඩු වන ස්ථාන සඳහා ශෙනාල් සංදේෂ්, Tharmakulanathan Kajakopan, චතුරංග මදුෂාන්, Shabeer Razooniya, Sebastianpillai Jesuthasan, Mariyathas Nitharshan සහ Afeel Mohamed කණ්ඩායමට ඇතුළත් කර තිබෙනවා. යොවුන් ක්‍රීඩක ශෙනාල් සහ Sea Hawks ක්‍රීඩක Jesuthasan ශ්‍රී ලංකා ජාතික පාපන්දු සංචිතයට තේරීපත් වූ පළමු අවස්ථාව මෙයයි.

ශ්‍රී ලංකා සංචිතය: සුජාන් පෙරේරා (නායක), Mohamed Fazal, චලන සමීර, චරිත රත්නායක, හර්ෂ ප්‍රනාන්දු, Asikur Rahuman, රුවන් අරුණසිරි, ජූඩ් සුමන්, චතුරංග මදුෂාන්, Mohamed Aakib, චමෝද් ඩිල්ෂාන්, ඩිලොන් ද සිල්වා, Mohamed Shifan, කවීෂ ප්‍රනාන්දු, Mariyathas Nitharshan, Abdul Basith, Afeel Mohamed, Shabeer Razooniya, සසංග ඩිල්හාර, Aman Faizer, ශෙනාල් සංදේශ්, Sebastianpillai Jesuthasan, Tharmakulanathan Kajakopan

තරග කාලසටහන

  • ජුනි 8 – ශ්‍රී ලංකාව සහ උස්බෙකිස්තානය – රාත්‍රි 9.00 – Markaziy Stadium, Namangan
  • ජුනි 11 – ශ්‍රී ලංකාව සහ තායිලන්තය – සවස 7:00 – Markaziy Stadium, Namangan
  • ජුනි 14 – ශ්‍රී ලංකාව සහ මාලදිවයින – සවස 7:00pm – Markaziy Stadium, Namangan

*සියලුම වේලාවන් ශ්‍රී ලංකා වේලාවෙන් දක්වා ඇත.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<