Home Sinhala වසර 5කට පසු වේල්ස් කුමරුවෝ ජය පැන් බොති

වසර 5කට පසු වේල්ස් කුමරුවෝ ජය පැන් බොති

684

මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර පැවැත්වෙන මොරටු මහා රන් සටන මහා ක්‍රිකට් සංග්‍රාමයට සමගාමීව මෙවර 34 වැනි වරට පැවති එක්දින තරගය අද (17) මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී අවසන් වූයේ වේල්ස් කුමාර විද්‍යාලයීය කණ්ඩායම ඩක්වත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 5කින් තරගයේ ජයග්‍රහණය හිමිකර ගනිමිනි.

නුවනිඳු ශතකයක් සහ කඩුලු 4ක් සමඟින් මොරටුව හොල්ලයි

මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර 69 වැනි වරට පැවති “මොරටු මහා රන් සටන” අද (16) මොරටුව ද…

ඉතා පැහැබර කාලගුණ තත්වයක් යටතේ ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනා ගත් සාන්ත සෙබස්තියානු කණ්ඩායමේ නායක නුවනිඳු ප්‍රනාන්දු පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

ඒ අනුව ඔවුන්ගේ ඉනිම ආරම්භ කරමින් ආරම්භක පිතිකරු යුගළය ලෙස පිටියට පිවිසි නිෂිත අභිලාෂ් සහ ලහිරු ප්‍රනාන්දුගේ සබඳතාවය තරගයේ දෙවන පන්දුවාරයේ දී ලකුණු 02කට පමණක් සීමා කළ විනුජ රන්පුල් විසින් ලහිරු ලකුණු ලබා ගන්නටත් පෙර නැවත ක්‍රීඩාගාරය බලා හරවා යවන්නට සමත් විය.

ඉන් අනතුරුව නිෂිත සමඟින් පිටියේ එක්වූ දුනිත් ජයතුංග ඔවුන්ගේ දෙවන කඩුල්ල සඳහා ලකුණු 28ක සබඳතාවයක් එක්කිරීමට සමත් වුවත් එහි දී ක්‍රියාත්මක වූ පසිඳු පැතුම් විසින් නිෂිත ලකුණු 13කට දවා ගනිමින් එම සබඳතාවය බිඳ දමන්නට සමත් විය.

ඒ අනුව සාන්ත සෙබස්තියානු ඉනිම ලකුණු 30කට කඩුලු 2ක් දැවී අසීරු තත්වයක පසුවෙද්දී දුනිත් සමඟින් පිටියේ එක්වූ නායක නුවනිඳු ඔවුන්ගේ ඉනිම ගොඩනඟන්නට උත්සාහ දැරුවත් නැවත වරක් ක්‍රියාත්මක වූ පැතුම් විසින් දුනිත් ලකුණු 16කට ක්‍රීඩාගාරය බලා හරවා යවන්නට සමත් විය.

Photos: St. Sebastian’s College vs Prince of Wales College – 34th Limited Overs Cricket Encounter

පසුව ඒ වන විට හොඳින් පන්දුවට පහර දෙමින් සිටි මහා ක්‍රිකට් තරගයේ ද ශතකයක් වාර්තා කර ගත් නායක නුවනිඳු සමඟින් පිටියේ එක්වූ බිහඟ මෙන්ඩිස් ඔවුන්ගේ සිව්වැනි කඩුල්ලට ලකුණු 31ක සබඳතාවයක් එක්කිරීමට සමත් වුවත් වේල්ස් කුමර දඟපන්දු යවන ක්‍රීඩක කාවින්ද ද මැල් විසින් සාන්ත සෙබස්තියානු ලකුණු පුවරුව 94ක් ලෙස දැක්වෙද්දී බිහඟ ලකුණු 16කට දවා ගැනීමට සමත් වූයේ සාන්ත සෙබස්තියානුවන්ව තරමක් අසීරු තත්වයකට ඇද දමමිනි.

කෙසේ නමුත් අනතුරුව නුවනිඳු සමඟින් පිටියේ එක්වූ ජනිෂ්ක පෙරේරා ලකුණු 76ක අගනා සබඳතාවක් එක්කරමින් සාන්ත සෙබස්තියානු ඉනිම ගොඩනඟන්නට සමත් විය. එහි දී වේල්ස් කුමර පන්දු යවන්නන්ට ප්‍රබල පීඩනයක් එල්ල කළ නුවනිඳු පිටිය පුරා පහරවල් එල්ල කරමින් වේගවත් අර්ධ ශතකයක් වාර්තා කරගන්නට සමත් විය. ඔහුට මනා සහයෝගයක් ලබා දුන් ජනිෂ්ක ද පීඩනය පසෙකලා දක්‍ෂ ඉනිමක් ක්‍රීඩා කරන්නට සමත් විය. කෙසේ නමුත් සාන්ත සෙබස්තියානු කණ්ඩායමේ මුළු ලකුණු සංඛ්‍යාව 170ක් ලෙස දැක්වෙද්දී නදුක ප්‍රනාන්දු යොමු කළ පන්දුවක් හමුවේ දිනුර ප්‍රනාන්දු අති විශිෂ්ට උඩ පන්දුවක් ලබා ගනිමින් නුවනිඳු ලකුණු 76කට දවා ගන්නට සමත් වූයේ පීඩනය නැවත වරක් සාන්ත සෙබස්තියන් කණ්ඩායම වෙත යොමුකරමිනි.

ඒ අනුව නුවනිඳුගේ දැවී යාමෙන් අනතුරුව සාන්ත සෙබස්තියානු ඉනිමේ වේගය කඩා වැටෙන්නට වූ අතර 46 වැනි පන්දුවාරයේ දී ඔවුන්ගේ මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 198ක් ලෙස දැක්වෙද්දී ප්‍රවීන් කුරේ ඔවුන්ගේ 6 වන කඩුල්ල ලෙස රන්පුල් විසින් දවා ගැනීමෙන් අනතුරුව ඔවුන්ගේ ඉනිම අඩපණ වන්නට විය.

සුලෝහිත සංග්‍රාමයේ එක්දින තරග ජය නාලන්දාවට

45 වැනි වරටත් ක්‍රියාත්මක වූ සුලෝහිත සංග්‍රාමයේ සීමිත පන්දුවාර ක්‍රිකට් සටනින් ජය ලබන්නට අද (17) කොළඹ නාලන්දා විද්‍යාලය සමත් විය…

ජනිෂ්ක එහි දී අර්ධ ශතකයක් වාර්තා කරගනිමින් ඔවුන්ගේ ඉනිම නැවතත් ගොඩනඟන්නට උත්සාහ දැරුවත් නැවතත් ක්‍රියාත්මක වූ රන්පුල් ඔහුව ලකුණු 54කට ක්‍රීඩාගාරය බලා හරවා යවන්නට සමත් විය.

ඒ අනුව සාන්ත සෙබස්තියානු ඉනිමේ අවසන් පන්දුවාර කිහිපය තුළ සැලකිය යුතු ලකුණු සංඛ්‍යාවක් ලබා ගන්නට ඔවුන් අසමත් වූයේ ඔවුන්ගේ ඉනිම පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 218කට සීමා වෙමිනි. එහි දී රන්පුල් කඩුලු 3ක් දවා ගනිමින් වේල්ස් කුමරුවන් වෙනුවෙන් දස්කම් දක්වන්නට සමත් විය.

අනතුරුව වේල්ස් කුමරුවන් සිය ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසෙන විට කාළගුණය තරමක් අඳුරු ස්වභාවයක් ගන්නට වුවත් තරගය ඉදිරියට යත්ම එය කෙමෙන් පහව යන්නට විය. වේල්ස් කුමරුවන් වෙනුවෙන් ඉනිම ආරම්භ කිරීමට පැමිණි තරිඳු අමරසිංහ සහ ඔමේෂ් මෙන්ඩිස් තරගයට ඉතා සාර්ථක ආරම්භයක් ලබා ගත්තේ පිටිය සිසාරා පහරවල් එල්ල කරමින් සාන්ත සෙබස්තියානුවට ප්‍රබල පීඩනයක් එල්ල කරමිනි. එහි දී විශේෂයෙන් ඔමේෂ් කිසිඳු පීඩනයකින් තොරව ඉතා මනරම් පහරවල් එල්ල කරමින් ලකුණු රැස්කර ගන්නට සමත් විය. කෙසේ නමුත් එම සබඳතාවය ලකුණු 54කට සීමා කළ ප්‍රවීන් කුරේ විසින් ඔමේෂ් ස්ටම්ප් කිරීමකට හසුකර ගනිමින් ඔහුව ලකුණු 34කට දවා ගන්නට සමත් විය.

අනතුරුව පන්දුවට පහ රදීම සඳහා ප්‍රින්ස් අලංක පිටියට පැමිණියත් පන්දු කිහිපයකට මුහුණ දීමෙන් අනතුරුව ඔහුගේ ඇඟිල්ලේ ආබාධය නැවතත් උත්සන්න වීම නිසා ඔහුට පිටියෙන් ඉවත්ව යන්නට සිදු විය.

ඒ අනුව එහි දී පිටියට පැමිණි විනුජ රන්පුල්, තරිඳු සමඟ එක්වෙමින් ඔවුන් ලබා ගත් වේගවත් ආරම්භය ඉදිරියට රැගෙන යන්නට උත්සාහ දැරුවත් ඔමේෂ්ගේ දැවී යාමෙන් අනතුරුව ඔවුන්ගේ ඉනිමේ වේගය අඩාල වන්නට වූ අතර ඔවුන්ගේ මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 90ක් වන විට රන්පුල් දුවද්දී දැවී යාමකට හසුවෙමින් දැවී යන්නට විය.

ඉන් අනතුරුවම නදීර ප්‍රනාන්දු යොමුකළ පන්දුවක් හමුවේ තරිඳු කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින් ලකුණු 36කට දැවී ගියේ තරගයේ වාසිය සාන්ත සෙබස්තියානුවන් දෙසට යොමුකරමිනි.

කෙසේ නමුත් ඉන් පසුව පිටියේ එක්වූ නායක සුවත් මෙන්ඩිස් සහ දිනුර ප්‍රනාන්දු කෙමෙන් කෙමෙන් වේල්ස් කුමර ඉනිම ගොඩනැඟුවේ ඔවුන්ගේ සිව්වැනි කඩුල්ලට ලකුණු 48ක සබඳතාවයක් එක්කරමිනි. වේල්ස් කුමර ලකුණු පුවරුව ලකුණු 138ක් ලෙස දැක්වෙන විට දිනුර ලකුණු 19කට දවා ගන්නට කලණ සංදීප සමත් විය.

දිමුත්ගේ පෙරළිකාර පිතිකරණය සමඟින් SSC අවසන් සටනට

ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ දී, විස්සයි…

අනතුරුව නැවතත් පිටියට පැමිණි ප්‍රින්ස් එක් ලකුණක් ලබාගෙන සිටිය දී දුවද්දී දැවී යාමකට හසුවී දැවී ගියේ නැවතත් පීඩනය වේල්ස් කුමරුවන් වෙත යොමු කරමිනි.

අනෙක් අන්තයේ කඩුලු දැවී යද්දී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ වේල්ස් කුමර නායක සුවත් මෙන්ඩිස් ඉවසිලිවන්තව පන්දුවට පහර දෙමින් ඔවුන්ව තරගයේ ජයග්‍රහණය කරා රැගෙන යන්නට උත්සාහ දැරීය.

කෙසේ නමුත් තරගයේ 39 වැනි පන්දුවාරයේ දී සාන්ත සෙබස්තියානු නායක නුවනිඳු යොමු කළ පන්දුවක් හමුවේ ඔහු ස්ටම්ප් කිරීමකට හසුවී ඔහු ලකුණු 43කට දැවී යන විට වේල්ස් කුමර ලකුණු පුවරුව ලකුණු 162කට කඩුලු 6ක් ලෙස දැක්වුණු අතර ඒ වන විට කාලගුණ තත්වය නැවතත් අඳුරු අතට හැරී තිබුණි.

එහි දී කඩුල්ලට පැමිණි කාවින්ද ද මැල් ඔහු නුවනිඳු හමුවේ මුහුණ දුන් පළමු පන්දුවෙන් ලකුණු 3ක් වාර්තා කරගන්නට සමත් වූ අතර අනතුරුව එම පන්දුවාරයේ අවසන් පන්දුවට මුහුණ දුන් දේවක පීරිස් එහි දී හතරේ පහරක් එල්ල කරන්නට සමත් විය.

ඒ අනුව පන්දුවාර 39ක් අවසානයේ වේල්ස් කුමාර ලකුණු පුවරුව කඩුලු 6ක් දැවී ලකුණු 169ක් ලෙස දැක්වෙද්දී අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් තරගය නතර කරදමන්නට විනිසුරුවන් තීරණය කළ අතර ඩක්වත් ලුවිස් න්‍යාය යටතේ වේල්ස් කුමරුවන්ට තරගය ජයග්‍රහණය කිරීමට නම් ඒ වන විට ලබාගත යුතු ලකුණු සංඛ්‍යාව ලකුණු 164ක් ලෙස දැක්වුණු නිසා තරගයේ ජයග්‍රහණය ලකුණු 5කින් හිමිකර ගන්නට වේල්ස් කුමාර කණ්ඩායම එහි දී සමත් විය.

ඒ අනුව 2013 වසරෙන් පසුව පළමු වරට වේල්ස් කුමරුවන් මොරටු මහා රන් සටනට සමගාමී එක්දින තරගයේ ජයග්‍රහණය වාර්තා කරගන්නට සමත් විය.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය: පන්දුවාර 50 අවසානයේ 218/9 – නුවනිඳු ප්‍රනාන්දු 76, ජනිෂ්ක පෙරේරා 54, විනුජ රන්පුල් 38/3, පසිඳු පැතුම් 27/2

වේල්ස් කුමාර විද්‍යාලය: පන්දුවාර 39ක් අවසානයේ 169/6 – සුවත් මෙන්ඩිස් 43, තරිඳු අමරසිංහ 36, කලණ සංදීප 13/1

>> ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් පිටුවට <<

Result


Prince of Wales’ College
169/6 (39)

St. Sebastian’s College
218/9 (50)

Batsmen R B 4s 6s SR
Nishitha Abilash b Pasindu Pathum 13 37 2 0 35.14
Lahiru Fernando lbw b Vinuja Ranpul 0 2 0 0 0.00
Dunith Jayathunga c Naduka Fernando b Pasindu Pathum 16 34 1 0 47.06
Nuwanidu Fernando c Dinura Fernando b Naduka Fernando 76 90 7 0 84.44
Bihanga Mendis c Suwath Yohan Mendis b Kavinda De Mel 16 30 1 0 53.33
Janishka Perera b Vinuja Ranpul 54 68 2 1 79.41
Praveen Cooray c Tharindu Gimantha Amarasinghe b Vinuja Ranpul 12 26 0 0 46.15
Tashik Perera c Suwath Yohan Mendis b Kaumal Nanayakkara 5 4 0 0 125.00
Vinuja Ranasinghe not out 7 7 0 0 100.00
Nadeera Fernando run out (Suwath Yohan Mendis) 0 2 0 0 0.00
Kalana Sandeepa not out 1 1 0 0 100.00


Extras 18 (b 0 , lb 5 , nb 1, w 12, pen 0)
Total 218/9 (50 Overs, RR: 4.36)
Bowling O M R W Econ
Naduka Fernando 8 0 34 1 4.25
Vinuja Ranpul 9 0 38 3 4.22
Kaumal Nanayakkara 10 0 37 1 3.70
Pasindu Pathum 6 0 27 2 4.50
Suwath Yohan Mendis 7 0 40 0 5.71
Kavinda De Mel 10 0 38 1 3.80


Batsmen R B 4s 6s SR
Tharindu Gimantha Amarasinghe lbw b Nadeera Fernando 36 69 3 0 52.17
Omesh Mendis st Lahiru Fernando b Praveen Cooray 34 29 4 2 117.24
Prince Alanka Fernando run out (Dunith Jayathunga) 1 12 0 0 8.33
Vinuja Ranpul run out (Vinuja Ranasinghe) 12 29 1 0 41.38
Dinura Fernando b Kalana Sandeepa 19 24 1 0 79.17
Suwath Yohan Mendis st Lahiru Fernando b Nuwanidu Fernando 43 63 3 0 68.25
Dewaka Ishara Peiris not out 10 7 1 0 142.86
Kavinda De Mel not out 5 3 0 0 166.67


Extras 9 (b 4 , lb 1 , nb 0, w 4, pen 0)
Total 169/6 (39 Overs, RR: 4.33)
Bowling O M R W Econ
Tashik Perera 3 0 26 0 8.67
Janishka Perera 6 1 21 0 3.50
Bihanga Mendis 1 0 8 0 8.00
Praveen Cooray 6 1 15 1 2.50
Nadeera Fernando 6 0 20 1 3.33
Nuwanidu Fernando 10 1 44 1 4.40
Vinuja Ranasinghe 3 0 15 0 5.00
Kalana Sandeepa 4.2 2 13 1 3.10