ශ්‍රී ලාංකේය පාපන්දුවට හොඳ කලක්

412
Manchester united football academy opening press con

කුඩා අවධියේ පසු වන දරුවන් පාපන්දු ක්‍රීඩාව සඳහා යොමු කිරීමේ අභිප්‍රාය ඇතිව හා ශ්‍රී ලංකාව තුළ පාපන්දු ක්‍රීඩාව නගා සිටුවීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කරන ප්‍රවීණ, දක්ෂ පාපන්දු ක්‍රීඩකයන් විසින් “මැන්චෙස්ටර්” නමින් පාපන්දු ඇකඩමියක් ආරම්භ කර තිබේ.

කොළඹ පාපන්දු සමාජය අවසන් සිව්දෙනා අතරට

කොළඹ පාපන්දු සමාජය ගෝල ත්‍රිත්වයක් වාර්තා කරමින් සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය පරාජයට පත් කරමින් අවසන් පූර්ව තරගය දක්වා සුදුසුකම් ලබා ගැනීමට ඊයේ (26) සමත් විය.

මෙය දක්ෂ පාපන්දු ක්‍රීඩකයන් විසින් ආසියානු පාපන්දු පුහුණු බලපත්‍ර පාඨමාලා හදාරා එම දැනුම හා ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමට ක්‍රීඩා කොට ලබා ගත් පළපුරුද්ද උපයෝගී කර ගනිමින් ඔවුන් මෙම ඇකඩමිය සඳහා දායකත්වය ලබා දීමට බලාපොරොත්තු වේ.

මෙහි මූලික අරමුණ වී තිබෙන්නේ අනාගතයේ දී එක් එක් වයස් කාණ්ඩවල ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම් සඳහා ක්‍රීඩකයින් බිහිකිරීමයි.

පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති සහ වත්මන් මූල්‍ය හා මාධ්‍ය කමිටු සභාපති, රංජිත් රුද්‍රගු මහතාගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය මාර්තු 22 බදාදා පාපන්දු සම්මේලනය මූලස්ථානයේදී පැවැත්විය.

මේ වන විට කුඩා දරුවන් 200ක් පමණ මැන්චෙස්ටර් පාපන්දු ඇකඩමියේ සාමාජිකත්වය ලබා ඇති අතර මෙහි ආරම්භක උත්සවය 2017 මාර්තු මස 25 වන දින පෙ.ව. 7.00 සිට පෙ.ව. 10.00 දක්වා කොළඔ 07 තුරඟ තරග පිටිය ජාත්‍යාන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්විය.

මැන්චෙස්ටර් ඇකඩමියේ තාක්ෂණ අධ්‍යක්ෂ ලෙස ප්‍රවීන ජාතික පාපන්දු ක්‍රීඩකයෙකු, පාපන්දු පුහුණුකරුවෙකු මෙන්ම ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ තාක්ෂණ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ රූමි පාකිර් අලි මහතා ක්‍රියා කරයි. මීට අමතරව එහි කටයුතු කරන අනෙකුත් සාමාජිකයින් පහතින් දැක්වේ.

  • අනුශාසක             –     මුහීඩ් පීරාන් මහතා
  • සභාපති             –     වි. ඔගස්ටින් ජෝර්ජ් මහතා
  • ලේකම්             –     එමි.ඒ.එමි. අස්වර් මහතා
  • තාක්ෂණ අධ්‍යක්ෂ     –     රූමි පාකිර් අලි
  • භාණ්ඩාගාරික         –     සෝරා පාකීර් අලි මහත්මිය
  • පුහුණුකරුවන්         –     ඇන්ටන් වොමිබෙක් මහතා

කසුන් ජයසූරිය මහතා

ප්‍රියන්ත පෙරේරා මහතා

එස්. ඇන්තනි මහතා

එමි. ඉසදීන් මහතා

එමි. ඉෆ්තිකාරි මහතා

හුසේන් කාන් මහතා

රොෂාන් පෙරේරා මහතා

උපේකා වනිගසේකර මිය

2017 මාර්තු මස 25 වන දා ආරම්භ කළ මෙම ඇකඩමියේ පුහුණු කටයුතු සෑම සෙනසුරාදා දිනකම උදෑසන 7.00 සිට 9.00 දක්වා නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණයේ දී සහ බොරැල්ල කැම්බල් උද්‍යාන ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න  පාපන්දු ක්‍රීඩා පිටුවට