දිමුත්ගේ පෙරළිකාර පිතිකරණය සමඟින් SSC අවසන් සටනට

879

ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ දී, විස්සයි විස්ස තරගාවලියේ ශූරයන් වූ මුවර්ස් ක්‍රීඩා සමාජය පරාජය කරමින් එක්දින තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට, ප්‍රධානතම තරගාවලියේ ලීග් ශූරයන් වූ සී. සී. සී. කණ්ඩායම අද (17) සමත් විය.

මේ අතර පැවති අනෙක් අවසන් පූර්ව තරගයේ දී සැරසන්ස් ක්‍රීඩා සමාජය පරාජය කරමින් එස්. එස්. සී. ක්‍රීඩකයෝ ද අනෙක් අන්තයෙන් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්හ.

අද දවසේ කැපී පෙනෙන ක්‍රීඩකයා වූයේ එස්. එස්. සී. කණ්ඩායමේ දිමුත් කරුණාරත්න ය. ඔහු සැරසන්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව ශතකයක් ලබා ගත්තේ ය.

​සචිත්‍ර සහ උදාර ශතක පෙනී පෙනී නතර වේ

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League සීමිත……

මුවර්ස් ක්‍රීඩා සමාජය සහ සී. සී. සී.

කොළඹ කෝල්ට්ස් ක්‍රිකට් පිටියේ දී පැවති මෙම තරගයේ දී කාසියේ වාසිය දිනූ සී. සී. සී. නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි මුවර්ස් ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 138ක් ලබා ගත්හ. ඊට පිළිතුරු ලෙසින් සී. සී. සී. ක්‍රීඩකයෝ කඩුලු 5ක් දැවී ලකුණු 143ක් ලබා ගනිමින් තරගයෙන් ජයග්‍රහණය කළහ.

මුවර්ස් කණ්ඩායම වෙනුවෙන් ලහිරු අත්තනායක පන්දු 89කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 51ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා විය. ඊට අමතරව නායක ඉරෝෂ් සමරසූරිය (24), පබසර වඩුගේ (15) සහ චාමර සිල්වා (10) යම් තරමකින් ලකුණු අතරට පිවිසි අතර අනෙක් කිසිදු ක්‍රීඩකයෙක්ට ලකුණු 10 සීමාව පසු කිරීමට සී. සී. සී. ක්‍රීඩකයෝ ඉඩ තැබුවේ නැත.

කඩුලු ලබා ගැනීමේ දී පා දඟපන්දු යවන වනිඳු හසරංග ලකුණු 43කට කඩුලු 4ක් ලබා ගත්තේ ය. ඊට අමතරව ලහිරු ගමගේ සහ ලහිරු මධුශංක කඩුලු 2 බැගින් දවා ගත්හ.

ශ්‍රී ලංකා පිතිපෙළ බිඳ වැටෙද්දී දකුණු අප්‍රිකාව පූර්ණ තරගාවලි ජයකට ඉව අල්ලයි!

දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ පැවැත්වෙන එක්දින තරගාවලියේ……

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි සී. සී. සී. කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු රොන් චන්ද්‍රගුප්ත පන්දු 74කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 55ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා විය. ඊට අමතරව මාධව වර්ණපුර ද ලකුණු 35ක් ලබා ගත්තේ ය. ඔහුගේ ඉනිමට පන්දු 29ක් වැයව තිබූ අතර හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් තම ඉනිමට ඇතුළත් කර ගත්තේ ය.

පන්දු යැවීමේ දී දනෝෂ් රනෝදීත් සහ රමේෂ් මෙන්ඩිස් කඩුලු 2 බැගින් දවා ගත්හ.  

මුවර්ස් ක්‍රීඩා සමාජය; සියලුම දෙනා දැවී 138 (43) ඉරෝෂ් සමරසූරිය 24, ලහිරු අත්තනායක 51, ලහිරු ගමගේ 2/20, ලහිරු මධුශංක 2/25, වනිඳු හසරංග 4/43

සී. සී. සී. කණ්ඩායම; කඩුලු 5ක් දැවී 143 (26.2) රොන් චන්ද්‍රගුප්ත 55, මාධව වර්ණපූර 35, දනෝෂ් රනෝදිත් 2/39, රමේෂ් මෙන්ඩිස් 2/29

Photos: CCC vs Moors SC | Major Limited Overs Tournament 2018/19 – Semi-Final


එස්. එස්. සී. කණ්ඩායම සහ සැරසන්ස් ක්‍රීඩා සමාජය

කොළඹ එන්. සී. සී. පිටියේ දී පැවති මෙම තරගයේ දී ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 36ක ජයග්‍රහණයක් ලබා ගැනීමට එස්. එස්. සී. ක්‍රීඩකයෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනා ගත් එස්. එස්. සී. ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිස තම පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 9ක් දැවී ලකුණු 296ක් ලබා ගත්හ. එම ඉනිම වෙනුවෙන් දිමුත් කරුණාරත්න පන්දු 115කට මුහුණ දී හතරේ පහර 12ක් සමඟින් ලකුණු 109ක් ලබා ගත්තේ ය. ඊට අමතරව කෞෂාල් සිල්වා පන්දු 83කට මුහුණ දී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 62ක් ලබා ගත්තේ ය. දිමුත් සහ කෞෂාල් අතර තෙවැනි කඩුල්ලට ලකුණු 157ක සබඳතාවක් එක්වූහ.

කඩුලු ලබා ගැනීමේ දී සාලිය සමන් ලකුණු 60කට කඩුලු 3ක් ලබා ගත් අතර ඇන්ඩි සොලමන්ස් ද කඩුලු 2ක් දවා ගත්තේ ය.

තවීෂ ආදරවන්තයන්ගේ කුසලානය රිච්මන්ඩ් කන්දට රැගෙන යයි

දකුණුලක අගනගරය ක්‍රිකට් උන්මාදයෙන් ඇවිල වූ ගාලු ආදරවන්තයෙන්ගේ 114……

පිළිතුර ඉනිම සඳහා පිටියට පිවිසි සැරසන්ස් ක්‍රීඩකයන්ගේ ඉනිමේ දී පන්දුවාර 39ක දී කඩුලු 6ක් දැවී ලකුණු 190ක් ලබා සිටිය දී ඇද වැටුණු වර්ෂාව තරගයේ නිමාව පමා කළේය. එතැනින් පසුව තරගය ආරම්භ කිරීමට අවස්ථාවක් නොලැබූ අතර ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව සැරසන්ස් ක්‍රීඩකයන්ට ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු  226ක් අවශ්‍යව තිබුණි.

සැරසන්ස් ඉනිම වෙනුවෙන් නිපුන් කරුණානායක පන්දු 92කට මුහුණ දී හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 81ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය. ඊට අමතරව ගමිඳු අමරසිංහ පන්දු 76කට මුහුණ දී හතරේ පහර 6ක් සමඟින් ලකුණු 58ක් ලබා ගත්තේ ය.

Photos: SSC vs Saracens SC | Major Limited Overs Tournament 2018/19 – Semi-Final

එස්. එස්. සී. කණ්ඩායම; කඩුලු 9ක් දැවී 296 (50) සඳුන් වීරක්කොඩි 21, දිමුත් කරුණාරත්න 109, කෞෂාල් සිල්වා 62, සචිත්‍ර සේනානායක 36, ආකාශ් සේනාරත්න 34, සාලිය සමන් 3/60, ඇන්ඩි සොලමන්ස් 2/57

සැරසන්ස් ක්‍රීඩා සමාජය; කඩුලු 6ක් දැවී 190 (39) ගමිඳු අමරසිංහ 58, නිපුන් කරුණානායක 81, අශේන් බණ්ඩාර නොදැවී 23, ධම්මික ප්‍රසාද් 2/40

තරගාවලියේ සී. සී. සී. කණ්ඩායම සහ එස්. එස්. සී. අතර පැවැත්වෙන අවසාන මහා තරගය මේ මස 19 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත ය.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<