රාජකීයයින් අභිබවා අනුශූරතාවය ජෝසප්වරුන්ට

Dialog පාසල් රග්බි ලීගය 2022

775

සාන්ත ජෝසප් විද්‍යාලය විසින් රාජකීයයන් අභිබවා මෙවර පාසල් රග්බි ලීගයේ අනුශූරතාව දිනා ගන්නට ඊයේ (15) සමත් වුනා.

ඒ්, හැව්ලොක් පිටියේ දී පැවති තරගයෙන් ලකුණු 26-11ක් ලෙස වෙස්ලි විද්‍යාලය පරාජය කරමිනි.

කණ්ඩායම් දෙකම වෙනස්කම් රැසක් සමඟ තරගයට පිවිසි අතර  සාන්ත ජෝසප් විද්‍යාලය මෙවර ලීගයේ තම හොඳම තරගය ක්‍රීඩා කිරීමේ බලාපොරොත්තුවෙන් පිටියට පිවිසෙද්දී වෙස්ලි විද්‍යාලයේ අභිප්‍රාය වුනේ එයට එරෙහි වීමයි.

වෙස්ලි ක්‍රීඩකයින් පළමුවෙන් ලකුණ රැස් කළේ ජයවර්ධන සාර්ථක කර ගත් දඬුවම් පහරකින්.

කෙසේ වෙතත් සාන්ත ජෝසප් ඉදිරිපෙළ ක්‍රීඩකයින් තම සුපුරුදු රිද්මයට පැමිණෙමින් තරගයේ 20 වැනි විනාඩිය වන විට උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වුනා. එම උත්සාහක දිනුමට හිමිකම් කීවේ ජෙහාන් අතුකෝරළ. දිල්හාර සුභාෂ් අතිරේක ලකුණු එකතු කරන්නට සමත් වුනා..

ජයවර්ධන තම දෙවැනි දඬුවම් පහරත් සාර්ථක කර ගත් අතර ඒ සමඟම අකීෂ් ජයමාන්න වාර්තා කළ උත්සාහක දිනුමත් සමඟ වෙස්ලි විද්‍යාලය ලකුණු 4කින් තරගයේ පෙරමුණ දිනා ගැනීමට සමත් වුනා.

පළමු අර්ධය: සාන්ත ජෝසප් විද්‍යාලය 07 (1T,1C) – 11 (1T, 2P) වෙස්ලි විද්‍යාලය

දෙවැනි අර්ධයේ දී සත්කාරක සාන්ත ජෝසප් කණ්ඩායම තරගයට පිවිසියේ උත්සාහක දිනුම් 3ක් වාර්තා කරමින්, ප්‍රසාද ලකුණ ද තමන් සතු කර ගනිමින්, රාජකීයයන් අභිබවා ලීග් ලකුණු සටහනේ ඉදිරියට ද පැමිණෙමින් වීම විශේෂත්වයක්.

සාන්ත ජෝසප් ඉදිරිපෙළ ක්‍රීඩකයන් වන Hooker ක්‍රීඩක චමෝද් සෙනෙවිරත්න, තරගාවලියේ වැඩිම උත්සාහක දිනුම් ප්‍රමාණයක් වාර්තා කළ නවීන් මාරසිංහ හා NDB තරගයේ වීරයා ලෙස නිර්දේශ වූ සචින්ත වෛද්‍යනාතගේගේ දක්ෂතාවය‍ෙන් දෙවැනි අර්ධයේ දී වාර්තා වූ උත්සාහක දිනුම් හේතුවෙන් තරගයේ ජයග්‍රහණය තහවුරු කර ගැනීම‌ට සාන්ත ජෝසප් ක්‍රීඩකයින් සමත් වුනා.

අවශ්‍යම අවස්ථාවල දී වාර්තා වූ එම උත්සාහක දිනුම් හේතුවෙන් වෙස්ලි විද්‍යාලය එල්ල කළ අභියෝගය මැඩලීමට සාන්ත ජෝසප් ක්‍රීඩකයන්ට හැකියාව ලැබුණා.

සාන්ත ජෝසප් ක්‍රීඩක දිල්හාර සුභාෂ් ප්‍රවර්තනයන් සාර්ථක කරගත්තේ තරගාවලියේ අවසන් තරගයේ දී තමන්ග‍ෙන් ඉටු විය යුතු කාර්යභාරය මනා ලෙස ඉටු කරමින්.

අවසන් ලකුණු තත්වය: සාන්ත ජෝසප් විද්‍යාලය 26 (4T,3C) – 11 (1T,2P) වෙස්ලි විද්‍යාලය

NDB තරගයේ වීරයා – සචින්ත වෛද්‍යනාත (සාන්ත ජෝසප්)

ලකුණු ලාභීන්:

  • සාන්ත ජෝසප් – ජෙහාන් අතුකෝරළ 1T, චමොද් සෙනෙවිරත්න 1T, නවීන් මාරසිංහ 1T, සචින්ත වෛද්‍යනාත 1T, දිල්හාර සුභාෂ් 3C)
  • වෙස්ලි – අකීශ් ජයමාන්න 1T , ජයවර්ධන 2P

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<