ඉෂාන්, නවෝද් සහ ඩිලාන් මංගල අර්ධ ශතක රැස් කරයි

SLC Major Club T20 Tournament

307

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි දිනය වූ අද (25) දවස නිමාවේ දී තම විස්සයි විස්ස පිටියේ මංගල අර්ධ ශතක රැස් කිරීමට ඉෂාන් ජයරත්න, නවෝද් පරණවිතාන සහ ඩිලාන් ජයලත් සමත් වුනා.

Ragama නියෝජනය කරන ඉෂාන් ජයරත්න Panadura කණ්ඩායමට එරෙහිව පන්දු 27ක දී හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී 50ක් රැස් කළේ තම මංගල අර්ධ ශතක 26 වැනි පන්දුවේ දී වාර්තා කරමින්. විස්සයි තරග 60කට සහභාගී වී ඇති ඉෂාන් අද සහභාගී වූයේ තම 38 වැනි ඉනිමටයි.

Tamil Union ආරම්භක පිතිකරු නවෝද් පරණවිතාන Kandy Customs කණ්ඩායමට එරෙහිව පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 50ක් ලබා ගත්තා. එය ඔහුගේ දෙවැනි විස්සයි විස්ස තරගය වන අතර තම මංගල අර්ධ ශතකය ද වුනා.

BRC ආරම්භක පිතිකරු ඩිලාන් ජයලත් ද අද තම මංගල අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් වුනා. ඒ  Nugegoda SWC කණ්ඩායමට එරෙහිවයි. ඔහුගේ ඉනිමේ නිමාව සනිටුහන් වූයේ පන්දු 63කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සමඟින් ලකුණු 78ක් ලෙසයි.

ඊට අමතරව Colts කණ්ඩායමේ විශාද් රන්දික Sebastianites කණ්ඩායමට එරෙහිව පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 59ක් ලබා ගත්තා. එය ඔහුගේ විස්සයි විස්ස තරගවල හොඳම ඉනිමයි.

Negombo CC සහ Police SC අතර තරගය (Colts ක්‍රීඩා පිටියේ දී)

  • Negombo CC – කඩුලු 8ක් දැවී 128 (20) අමෝද විදානපතිරණ 41, දිමුත් සඳරුවන් 19, චතුරංග කුමාර 2/19
  • Police SC – කඩුලු 5ක් දැවී 132 (17.2) චතුරංග ජයතිලක 33, චාමර සිල්වා 36, චතුරංග කුමාර නොදැවී 30, ඩිල්ශාන් මුණවීර 3/29

Police SC කණ්ඩායමට කඩුලු 5ක ජයග්‍රහණයක්

NCC සහ Chilow Marians CC අතර තරගය (මොරටුව ද සොයිසා ක්‍රීඩා පිටියේ දී)

  • NCC – කඩුලු 9ක් දැවී 111 (16) උපුල් තරංග 24, අහන් වික්‍රමසිංහ 31, කවීන් බණ්ඩාර 21, චරිත් ජයම්පති 2/18, පුලින තරංග 3/19
  • Chilaw Marians CC – කඩුලු 7ක් දැවී 65 (16) පුලින තරංග නොදැවී 25, ජොහාන් ද සිල්වා 2/07, සහන් ආරච්චිගේ 3/11

NCC කණ්ඩායමට ලකුණු 46ක ජයග්‍රහණයක්

Colts CC සහ Sebastianites C & AC අතර තරගය (මග්ගොන Surrey ක්‍රිකට් පිටියේ දී)

  • Colts CC – කඩුලු 5ක් දැවී 169 (20) විශාද් රන්දික 59, සංගීත් කුරේ 42, මුදිත ලක්ෂාන් නොදැවී 34, සචිත ජයතිලක 2/40, ශශ්‍රීක පුස්සෙගොල්ල 2/26
  • Sebastianites C & AC – කඩුලු 6ක් දැවී 152 (20) නිමන්ත පෙරේරා 42, ශශ්‍රීක පුස්සෙගොල්ල 30, සචිත ජයතිලක 30, Ahmed Khan නොදැවී 25, සංගීත් කුරේ 2/01, හර්ෂණ වික්‍රමසිංහ 2/30

Colts CC කණ්ඩායමට ලකුණු 17ක ජයග්‍රහණයක්

Ragama CC සහ Panadura SC අතර තරගය (Colts ක්‍රීඩා පිටියේ දී)

  • Ragama CC – කඩුලු 7ක් දැවී 148 (20) තෙවිඳු දික්වැල්ල 23, ජනිත ලියනගේ 35, ඉෂාන් ජයරත්න නොදැවී 50, තරිඳු කෞෂාල් 2/20
  • Panadura SC – කඩුලු 6ක් දැවී 126 (13.4) කෝසල රවිඳු 23, තරිඳු කෞෂාල් නොදැවී 32, රොෂාන් විජේනායක නොදැවී 26, ශෂික දුල්ෂාන් 2/30

Panadura SC කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත කඩුලු 4ක ජයග්‍රහණයක්

Kandy Customs CC සහ Tamil Union C & AC අතර තරගය (මොරටුව ද සොයිසා ක්‍රීඩා පිටියේ දී)

  • Kandy Customs CC – කඩුලු 6ක් දැවී 94 (20) විශ්ව විජේරත්න 39, ඉසුරු උදාන 2/18
  • Tamil Union C & AC – කිසිවෙක් නොදැවී 95 (13.4) නවෝද් පරණවිතාන නොදැවී 50, සදීර සමරවික්‍රම නොදැවී 37

Tamil Union C & AC කණ්ඩායමට කඩුලු 10ක ජයග්‍රහණයක්

BRC සහ Nugegoda SWC අතර තරගය (මග්ගොන Surrey ක්‍රිකට් පිටියේ දී)

  • BRC – කඩුලු 6ක් දැවී 172 (20) ඩිලාන් ජයලත් 78, දුශාන් හේමන්ත 23, චමින්ද බණ්ඩාර 4/18
  • Nugegoda SWC – කඩුලු 5ක් දැවී 146 (20) ලිසුල ලක්ෂාන් 20, අබිෂේක් ලියනාරච්චි 67, නයන ප්‍රනාන්දු නොදැවී 27, දුවිඳු තිලකරත්න 3/17

BRC කණ්ඩායමට ලකුණු 26ක ජයග්‍රහණයක්

තරගාවලිය 5 වැනි දිනයටත් හෙට (26) ක්‍රියාත්මකයි. තරගාවලියේ උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<