ශ්‍රී ලංකා කණ්ඩායමට බංග්ලාදේශයෙන් ප්‍රහාරයක්

58

3 වැනි දකුණු ආසියානු 18 න් පහළ පාපන්දු තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පළමු තරගය අද (21) බංග්ලාදේශය සමඟින් නේපාලයේ කත්මණ්ඩු ක්‍රීඩාංගණයේ දී පැවැත්විය. එහි දී ගෝල 3-0ක් ලෙස ජයග්‍රහණය ලබා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය. 

නේපාලයට අභියෝග කරන්නට පාපන්දු පොඩ්ඩෝ කත්මණ්ඩු යයි

දකුණු ආසියානු 18න් පහළ පාපන්දු තරගාවලිය අද (20) නේපාලයේ කත්මණ්ඩු හිදී ආරම්භ විය. තරගාවලිය සැප්තැම්බර් මස 20….

තරගයේ ආරම්භ වී දෙවන මිනිත්තුවේ දී ම ගෝලයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම පළමු අර්ධයේ දී ගෝලයක් ලබාගෙන ලකුණු තත්වය සම කිරීමට ප්‍රබල උත්සාහයක් ගත් අතර බංග්ලාදේශ පසුපෙළ හා මැදපෙළ ආරක්ෂක වලල්ල බිඳ දැමීමට ඔවුන් අසමත් විය. 

බංග්ලාදේශ කණ්ඩායම ද පළමු අර්ධයේ දී තවත් ගේලයක් ලබා ගැනීමට කීපවරක් උත්සාහ කළ අතර එම උත්සාහයන් සාර්ථක කරගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඉඩ ලබා දුන්නේ නැත. තරගයේ පළමු අර්ධය නිමා වූයේ කණ්ඩායම් දෙකටම තවත් ගෝලයක් ලබාගැනීමට ඉඩ නොදෙමිනි. 

පළමු අර්ධය: ශ්‍රී ලංකාව 00 – 01 බංග්ලාදේශය 

දෙවන අර්ධයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට යම් වෙනස්කම් කීපයක් සිදු කිරීමට පුහුණුකරුවන් තීරණය කළ අතර ඒ අනුව තලාල් ශිහාබ් වෙනුවට මොහොමඩ් ශාජීඩ් යෙදවූ අතර රුමී රාසා වෙනුවට මොහොමඩ් කුර්ශීත් ද යෙදවීය. 

ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ 76 වැනි මිනිත්තුව තෙක් ප්‍රබල ආරක්ෂක වලල්ලක් ගොඩනගා ගැනීමට සමත් වූ අතර 76 වැනි මිනිත්තුවේ දී බංග්ලාදේශ කණ්ඩායමේ මොහොමඩ් ෆහීම් ගෝලයක් වාර්තා කරමින් බංග්ලාදේශ කණ්ඩායමට ගෝල දෙකක වාසියක් ගෙන ඒමට සමත් විය. 

තරගයේ 86 වැනි මිනිත්තුවේ දී තවත් ගෝලයක් බංග්ලාදේශය වෙනුවෙන් වාර්තා කිරීමට මොහොමඩ් ෆහීම් සමත් වූ අතර ඒ සමඟින් ගෝල 3කින් පෙරමුණ ගැනීමට බංග්ලාදේශය සමත් වූයේ තරගය ශ්‍රී ලංකා කණ්ඩායමෙන් උදුරා ගනිමිනි. 

අවසන් ලකුණු තත්ත්වය: ශ්‍රී ලංකාව 00 – 03 බංග්ලාදේශය 

ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේ දී සහභාගි වන දෙවන තරගය ඉන්දියාව සමඟින් සැප්තැම්බර් මස 23 වැනිදා පැවැත්වීමට නියමිතයි. 

18න් පහළ පාපන්දු තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<