Home Sinhala සාන්ත පීතරවරුන් වසර 5කට පසුව එක්දින ශූරයින් වෙයි

සාන්ත පීතරවරුන් වසර 5කට පසුව එක්දින ශූරයින් වෙයි

සාන්තුවරුන්ගේ 48 වැනි එක්දින මහා තරගය

319

බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සහ මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය අතර පැවති 48 වැනි සාන්තුවරුන්ගේ එක්දින මහා ක්‍රිකට් තරගය අද (6) කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී නිමා වුනා.

මේ තරගය ලකුණු 26කින් ජය ගත් සාන්ත පීතර විද්‍යාලය 2017 වසරට පසුව නැවතත් Rev. Fr. Peter A.Pillai කුසලානය සිය විද්‍යාලයට රැගෙන යාමට සමත් වුනා.

කාසියේ වාසිය දිනා ගත් සාන්ත ජෝසප් නායක ශෙවෝන් ඩැනියල් පළමුව පන්දු යැවීමට තීරණය කළා.

සාන්ත ජෝසප් කණ්ඩායමේ වෙනස්කම් තුනක් සිදු කරමින් රිෂ්ම අමරසිංහ, ශෙනුක් සේරසිංහ සහ නරේන් මුරලිදරන් වෙනුවට සහන් දාබරේ, හිරුන් කපුරුබණ්ඩාර සහ කවේන් පතිරණ මේ තරගය සඳහා කැඳවා තිබුණා.

තරගයට ආරම්භය ලබා ගත් විශේන් හැලඹගේ සහ රුසඳ ගමගේ ඇතුළු සාන්ත පීතර පළමු කඩුලු 6 ලකුණු 61ක් තුල දවා ගැනීමට සාන්ත ජෝසප් පන්දු යවන්නන් සමත් වුනා.

කෙසේ නමුත් සාන්ත පීතර විද්‍යාලය අසීරු අඩියක සිටි අවස්ථාවේ දී පිටියේ එක්වූ ශ්‍රී ලංකා 19න් පහළ නියෝජනය කළ ක්‍රීඩකයින් වන නායක වනුජ කුමාර සහ දනාල් හේමානන්ද ලකුණු 174ක සුපිරි සබඳතාවයක් ගොඩනංවමින් යම් තරගකාරී මට්ටමකට ඔවුන්ගේ ලකුණු සටහන රැගෙන යාමට සමත් වුනු අතර 4 පහර 3ක් සහ 6 පහර 3ක් සමඟ ලකුණු 81ක් ලබාගෙන සිටි හේමානන්දගේ දැවී යාමත් සමඟම එම අගනා සබඳතාවය බිඳ වැටුණා.

නායකත්වයේ පිතිකරණයක නිරත වුනු වනුජ එක්දින මහා තරග ඉතිහාසයේ සාන්ත පීතර ක්‍රීඩකයෙක් ලබා ගත් 5 වැනි ශතකය වාර්තා කර කරන්නට අද සමත් වුනා. ඔහු ඉනිමේ අවසානය දක්වා ක්‍රීඩා කරමින් නොදැවී ලකුණු 102*ක් ලබාගෙන දස්කම් දැක්වූවා.

පන්දු 111ක දී වර්ණවත් වුනු ඔහුගේ එම මනරම් ඉනිමට 4 පහර 12ක් ඇතුළත් වුනා. අවසානයේ දී සාන්ත පීතර කණ්ඩායම සිය නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 8ක් දැවී ලකුණු 245ක් ලබාගත්තා.

පන්දු යැවීමේ දී මුදිත ලක්ෂාන් ලකුණු 43කට කඩුලු 3ක් දවා ගත්තා. ඊට අමතරව දකුණතින් වේගපන්දු යවන දේශාන් සෙනෙවිරත්න ලකුණු 45කට කඩුලු 2ක් දවා ගත්තා.

ලකුණු 246ක ඉලක්කය හඹා යාමේ අරමුණ ඇතිව පිටියට පිවිසි සාන්ත ජෝසප් පළමු කඩුල්ල ඉතාමත් ඉක්මනින් දවා ගැනීමට සාන්ත පීතර ක්‍රීඩකයින් සමත් වුනා.

ඉන් අනතුරුව පිටියේ එක්වූ නායක ඩැනියල් සහ සදීෂ් ජයවර්ධන යන ශ්‍රී ලංකා 19න් පහළ නියෝජනය කළ ක්‍රීඩකයින් දෙදෙනා සිය කණ්ඩායම වෙනුවෙන් හොඳ අඩිතාලමක් සකස් කර දීමට සමත් වුනා.

එහි දී ඔවුන් දෙදෙනා එක්ව ලකුණු 147ක සබඳතාවයක් ගොඩනංවමින් මේ එක්දින මහා තරග ඉතිහාසය තුල දෙවැනි කඩුල්ල වෙනුවෙන් වාර්තා වුනු හොඳම සබඳතාවයේ වාර්තාව ඔවුන් දෙදෙනාගේ නටම ඉදිරියෙන් සටහන් කරගත්තා.

සාන්ත ජෝසප් ලකුණු සටහනට හොඳ ජීවයක් එකතු කළ ඩැනියල් පන්දු 94ක් තුල 4 පහර 5ක් සහ 6 පහර 4ක් සමඟ ලකුණු 91ක් ලබාගෙන සිටිය දී නිමාන් උමේෂ්ගේ පන්දුවක් හමුවේ දැවී ගියා.

එම සබඳතාවය බිඳ වැටෙන තෙක් තරගයේ වැඩි වාසිය තමන් සතුකරගෙන සිටි සාන්ත ජෝසප් ක්‍රීඩකයින් හට එතැන් සිට වැඩි පීඩනයක් එල්ල කිරීමට සාන්ත පීතර ක්‍රීඩකයින් සමත් වුනා.

එහි ප්‍රතිඵලයක් ලෙස සාන්ත ජෝසප් විද්‍යාලයේ අවසන් කඩුලු 7 ලකුණු 71ක් තුල දවා ගනිමින් සාර්ථක ලෙස තරගයේ වාසිය සියතට ගැනීමට සමත් වුනු සාන්ත පීතර කණ්ඩායම 5 වසර කට පසුව නැවතත් එක්දින ශූරතාවය තමන් සතු කරගැනීමට සමත් වුනා.

සදීෂ් ජයවර්ධන ලකුණු 61ක් ලබාගෙන මෙවර තරග වාරය තුල ලබා ගත් තෙවැනි අර්ධ ශතකය වාර්තා කරගත්තා. පන්දු යැවීමේ දී නිමාන් උමේෂ් සහ ශනොන් රොද්‍රිගෝ කඩුලු 3 බැගින් දවාගෙන සාන්ත පීතර ජයග්‍රහණයට සවියක් වුනා.

  • හොඳම පිතිකරු – දනාල් හේමානන්ද (සාන්ත පීතර විද්‍යාලය)
  • හොඳම පන්දු යවන්නා – නිමාන් උමේෂ් (සාන්ත පීතර විද්‍යාලය)
  • හොඳම පන්දු රකින්නා – දුනිත් වෙල්ලාලගේ (සාන්ත ජෝසප් විද්‍යාලය)
  • තරගයේ වීරයා – වනුජ කුමාර (සාන්ත පීතර විද්‍යාලය)

Result


St. Joseph’s College
219/9 (50)

St. Peter’s College
245/8 (50)

Batsmen R B 4s 6s SR
Rusanda Gamage c Sahan Dabare b Mithira Thenura 2 7 0 0 28.57
Vishen Halambage c Hirun Matheesha Kapurubandara b Deshan Seneviratne 1 7 0 0 14.29
Shenal Boteju c Sandeesh Jayawardena b Muditha Lakshan 34 34 5 0 100.00
Shanshay Gunathilaka c Dunith wellalage b Deshan Seneviratne 6 15 1 0 40.00
Lahiru Dewatage c Muditha Lakshan b Sandeesh Jayawardena 1 4 0 0 25.00
Wanuja Sahan not out 102 111 12 0 91.89
Nimuthu Gunawardene c Sahan Dabare b Dunith wellalage 4 12 0 0 33.33
Danal Hemananda c Deshan Seneviratne b Muditha Lakshan 81 106 3 3 76.42
Niman Umesh c Dunith wellalage b Shevon Daniel 1 2 0 0 50.00
Shenon Rodrigo not out 2 3 0 0 66.67


Extras 11 (b 0 , lb 1 , nb 1, w 9, pen 0)
Total 245/8 (50 Overs, RR: 4.9)
Bowling O M R W Econ
Deshan Seneviratne 9 1 45 2 5.00
Mithira Thenura 3 0 17 1 5.67
Muditha Lakshan 10 0 43 3 4.30
Kavean Pathirana 3 0 16 0 5.33
Dunith wellalage 6 0 36 1 6.00
Shevon Daniel 10 0 53 1 5.30
Lahiru Amarasekara 9 0 34 0 3.78


Batsmen R B 4s 6s SR
Sandeesh Jayawardena b Niman Umesh 61 112 1 0 54.46
Sahan Dabare run out (Abilash Dinakara) 0 0 0 0 0.00
Shevon Daniel c Wanuja Sahan b Niman Umesh 91 94 5 4 96.81
Mithira Thenura c Niman Umesh b Shenon Rodrigo 4 4 0 0 100.00
Dunith wellalage c Kavika Jayasundara b Shenon Rodrigo 28 52 0 0 53.85
Hiran Jaysundara c Niman Umesh b Shenon Rodrigo 9 15 0 0 60.00
Lahiru Amarasekara b Shenon Rodrigo 1 3 0 0 33.33
Muditha Lakshan not out 5 9 0 0 55.56
Deshan Seneviratne b Wanuja Sahan 1 2 0 0 50.00
Hirun Matheesha Kapurubandara c Shenon Rodrigo b Wanuja Sahan 10 7 1 0 142.86
Kavean Pathirana not out 1 3 0 0 33.33


Extras 8 (b 0 , lb 1 , nb 1, w 6, pen 0)
Total 219/9 (50 Overs, RR: 4.38)
Bowling O M R W Econ
Danal Hemananda 7 1 27 0 3.86
Abilash Dinakara 4 0 32 0 8.00
Nimuthu Gunawardene 10 0 43 0 4.30
Shenon Rodrigo 10 0 32 3 3.20
Wanuja Sahan 9 0 50 2 5.56
Niman Umesh 10 0 34 3 3.40



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<