Home Sinhala රාජකීය – සාන්ත තෝමස් සටනේ ගෞරවය සමව බෙදී යයි

රාජකීය – සාන්ත තෝමස් සටනේ ගෞරවය සමව බෙදී යයි

143 වැනි නිල් මහා සටන

262

කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර පැවති 143 වැනි නිල් මහා සටන ඊයේ (23) කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී ජය පරාජයෙන් තොරව නිමාවට පත්වුනා.

මෙවර නිල් මහා සංග්‍රාමයට ක්‍රීඩා කළ කණ්ඩායම්:

  • රාජකීය විද්‍යාලය – සන්විඳු සෙනරත්ආරච්චි, සිනෙත් ජයවර්ධන, සදීෂ රාජපක්ෂ, උවිඳු වීරසේකර, දසිස් මංචනායක, රමිරු පෙරේරා, නෙතින් පනාපිටිය (කඩුලු රකින්නා), සදේශ් රාමනායක, බුලාන් වීරතුංග, ගිශාන් බාලසූරිය (නායක), ඩෑන් පොඩ්ඩිවෙල.
  • සාන්ත තෝමස් විද්‍යාලය – සේනාධි බුලන්කුලම, ජනිඳු අබේගුණවර්ධන, දිනෙත් ගුණවර්ධන, රයන් ප්‍රනාන්දු, සෙනේෂ් හෙට්ටිආරච්චි, මුයිස් නවුශාන්, මහිත් පෙරේරා, චාරුක පීරිස්, කැනිස්ටන් ගුණරත්නම්, අකාෂ් ප්‍රනාන්දු, කවිඳු ඩයස්.

දිනයේ ආරම්භය සටහන් වන විට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි රාජකීය විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 136ක් ලබාගෙන සිටියා. රාජකීය පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුනු උවිඳු හට තෙවැනි දිනයේ දී ලබාගැනීමට හැකියාවක් ලැබුණේ ලකුණු 4ක් පමණයි.

දකුණතින් වේගපන්දු යවන කවිඳුගේ පන්දුවක් හමුවේ උවිඳු දැවී ගිය අතර ඉන් අනතුරුව පිටියට පැමිණි රමිරු අවස්ථා කිහිපයක දී දවා ගැනීමට සාන්ත තෝමස් ක්‍රීඩකයින්ට අවස්ථාව ලැබුණු නමුත් එම අවස්ථාවලින් බේරීමට රමිරු වාසනාවන්ත වුනා.

රමිරු පන්දු 114ක දී ලකුණු 34ක් ලබා ගන්නා විට, නෙතිල් සහ සංදේශ් පිළිවෙළින් ලකුණු 27ක් සහ ලකුණු 21ක් ලබාගෙන රාජකීය ඉනිම ලකුණු 200 සීමාවෙන් ඔබ්බට ගෙන ගියා.

සංදේශ්ගේ දැවී යාමත් සමඟම රාජකීය කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 219ක් ලබාගෙන සිය පළමු ඉනිම අත්ටුවීමට තීරණය කළ අතර කවිඳු සහ කැනිස්ටන් පිළිවෙළින් කඩුලු 4ක් සහ කඩුලු 2ක් දවාගෙන දස්කම් දැක්වූවා.

ලකුණු 23ක පළමු ඉනිමේ වාසියක් අතැතිව සිය දෙවැනි ඉනිම ආරම්භ කළ සාන්ත තෝමස් විද්‍යාලයේ පළමු කඩුලු 3 ලකුණු 18ක් තුල දවා ගැනීමට රාජකීය නායක ගිශාන් ඇතුළු පන්දු යවන්නන් සමත් වුනා.

සාන්ත තෝමස් දෙවැනි ඉනිම අසීරු අවස්ථාවක තිබුණු අවස්ථාවේ දී සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ එක්වූ සාන්ත තෝමස් නායක රයන් සහ මුයිස් ලකුණු 59ක සබඳතාවයක් ගොඩනංවමින් සාන්ත තෝමස් වෙත පතිත වෙමින් තිබුණු පීඩනය හැකි උපරිමයෙන් කළමනාකරණය කර ගන්නට සමත් වුනා. සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවුණු ලකුණු 59 සබඳතාවය බිඳ දමමින් ලකුණු 11ක් ලබාගෙන සිටි මුයිස් දවා ගැනීමට සදීෂ සමත් වුනා.

එහි දී නායකත්වයේ ඉනිමක්  දියත් කළ රයන් නිල් මහා සටන් ඉතිහාසය තුල ලබා ගත් සිය තෙවැනි අර්ධ ශතකය වාර්තා කරගත්තා. පන්දු 117ක් තුල වර්ණවත් වුනු රයන්ගේ ලකුණු 74 ඉනිමට 4 පහර 10ක් ඇතුළත් වුනා.

මීට පෙර රයන් සිය මංගල මහා තරගයේ දී (2019) සහ 2020 වසරේ දී පිළිවෙළින් ලකුණු 60ක් සහ ලකුණු 70ක් ලබාගෙන හොඳින් ලකුණු අතරට අවතීර්ණ වුනා. පළමු ඉනිමේ දී අර්ධ ශතකයක් ලබාගත් සෙනේෂ් දෙවැනි ඉනිමේ දී ලකුණු 26කට දැවී ගියා.

පන්දු යැවීමේ දී දෙවැනි ඉනිමේ දී ද කඩුලු 3ක් දවා ගත් රාජකීය නායක ගිශාන් තරගය පුරාවට කඩුලු 6ක් දවාගෙන දස්කම් දක්වද්දී, සදීෂ කඩුලු 2ක් දවා ගත්තා.

අවසානයේ දී සාන්ත තෝමස් දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී ලකුණු 142ක් ලෙස සටහන් වන විට තරගයේ නියමිත කාලය අවසන් වීම නිසා තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුනා.

  • දක්ෂතම පිතිකරු – උවිඳු වීරසේකර (රාජකීය විද්‍යාලය)
  • හොඳම පන්දු යවන්නා – කවිඳු ඩයස් (සාන්ත තෝමස් විද්‍යාලය)
  • හොඳම පන්දු රකින්නා – සදීෂ රාජපක්ෂ (රාජකීය විද්‍යාලය)
  • තරගයේ වීරයා – රයන් ප්‍රනාන්දු (සාන්ත තෝමස් විද්‍යාලය)

Result

Match drawn

Royal College
219/8 (70.4)

S. Thomas’ College
242/10 (106.2) & 142/6 (64)

Batsmen R B 4s 6s SR
Senadhi Bulankulama lbw b Dasis Manchanayake 18 85 1 0 21.18
Janidu Abegoonawardena c & b Ramiru Perera 28 93 2 0 30.11
Dineth Gunawardena run out (Sadisha Rajapaksha) 12 25 1 0 48.00
RAYAN FERNANDO c Dasis Manchanayake b Gishan Balasuriya 18 31 1 0 58.06
MUIZZ NAUSHAN b Gishan Balasuriya 1 7 0 0 14.29
Senesh Hettiarachchi c & b Ramiru Perera 55 118 7 0 46.61
Charuka Peiris lbw b Sandesh Ramanayaka 51 151 5 0 33.77
Mahith Perera c Dasis Manchanayake b Gishan Balasuriya 33 83 2 0 39.76
Gunaratnam Caniston b Bulan Weerathunga 3 15 0 0 20.00
Akash Fernando c Sadisha Rajapaksha b Sandesh Ramanayaka 6 22 0 0 27.27
Kavindu Dais not out 0 8 0 0 0.00


Extras 17 (b 7 , lb 6 , nb 0, w 4, pen 0)
Total 242/10 (106.2 Overs, RR: 2.28)
Bowling O M R W Econ
Dan Poddiwela 14 3 36 0 2.57
Sandesh Ramanayaka 12 6 16 2 1.33
Gishan Balasuriya 31.2 11 56 3 1.79
Bulan Weerathunga 12 1 29 1 2.42
Sadisha Rajapaksha 21 4 34 0 1.62
Ramiru Perera 9 1 36 2 4.00
Dasis Manchanayake 7 0 22 1 3.14
Batsmen R B 4s 6s SR
Sanvidu Senartharachchi lbw b Kavindu Dais 1 8 0 0 12.50
Sineth Jayawardena c MUIZZ NAUSHAN b Janidu Abegoonawardena 32 38 6 0 84.21
Sadisha Rajapaksha c Senesh Hettiarachchi b Kavindu Dais 5 12 1 0 41.67
Uvindu Weerasekara c RAYAN FERNANDO b Kavindu Dais 66 109 9 0 60.55
Dasis Manchanayake lbw b Gunaratnam Caniston 17 31 1 0 54.84
Ramiru Perera b Akash Fernando 34 114 3 0 29.82
Nethil Panapitiya c Mahith Perera b Gunaratnam Caniston 27 73 0 0 36.99
Sandesh Ramanayaka c Charuka Peiris b Kavindu Dais 21 34 3 0 61.76
Gishan Balasuriya not out 1 7 0 0 14.29


Extras 15 (b 1 , lb 5 , nb 2, w 2, pen 5)
Total 219/8 (70.4 Overs, RR: 3.1)
Bowling O M R W Econ
Gunaratnam Caniston 23 1 67 2 2.91
Kavindu Dais 17.4 2 65 4 3.74
Akash Fernando 9 1 33 1 3.67
Janidu Abegoonawardena 4 0 6 1 1.50
Charuka Peiris 6 0 22 0 3.67
RAYAN FERNANDO 11 5 15 0 1.36


Batsmen R B 4s 6s SR
Senadhi Bulankulama c Sineth Jayawardena b Dan Poddiwela 2 10 0 0 20.00
Janidu Abegoonawardena c Uvindu Weerasekara b Gishan Balasuriya 7 38 1 0 18.42
Dineth Gunawardena b Gishan Balasuriya 1 43 0 0 2.33
RAYAN FERNANDO c Sadisha Rajapaksha b Gishan Balasuriya 74 117 10 0 63.25
MUIZZ NAUSHAN lbw b Sadisha Rajapaksha 11 71 0 0 15.49
Senesh Hettiarachchi c Sandesh Ramanayaka b Sadisha Rajapaksha 26 65 2 0 40.00
Mahith Perera not out 8 23 1 0 34.78
Gunaratnam Caniston not out 11 17 1 0 64.71


Extras 2 (b 0 , lb 1 , nb 0, w 1, pen 0)
Total 142/6 (64 Overs, RR: 2.22)
Bowling O M R W Econ
Dan Poddiwela 4 2 3 1 0.75
Sandesh Ramanayaka 3 3 0 0 0.00
Bulan Weerathunga 4 1 17 0 4.25
Sadisha Rajapaksha 18 7 30 2 1.67
Gishan Balasuriya 20 5 56 3 2.80
Ramiru Perera 13 2 32 0 2.46
Dasis Manchanayake 2 1 3 0 1.50



කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන එක්දින මහා තරගය (The Mustangs Trophy) ජූලි 30 වැනිදා SSC ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි. එහි උණුසුම සඳහා ද රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<