Home Sinhala 69 වසරකට පසු නාලන්දාවට සුලෝහිත සංග්‍රාමයක ජයක්

69 වසරකට පසු නාලන්දාවට සුලෝහිත සංග්‍රාමයක ජයක්

92 වැනි ආනන්ද - නාලන්දා සුලෝහිත මහා සංග්‍රාමය 2022

536
Ananda College vs Nalanda College

ආනන්ද විද්‍යාලය සහ නාලන්දා විද්‍යාලය අතර පැවති 92 වැනි සුලෝහිත මහා සංග්‍රාමය අද (11) කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී නිමාව දුටුවා.

තරගය කඩුලු 9කින් ජය ගත් නාලන්දා විද්‍යාලය වසර 69කට පසුව සුලෝහිත සංග්‍රාමයක් ජය ගනිමින් ආචාර්ය එන්. එම් පෙරේරා අනුස්මරණ කුසලානය සිය විදුහලට රැගෙන යාමට සමත් වුනා.

කාසියේ වාසිය දිනා ගත් ආනන්ද නායක නෙත්ම කරුණාරත්න පළමුව පන්දුවට පහර දීම සඳහා ප්‍රතිවාදීන්ට ආරාධනා කර සිටියා. තරගයේ පළමු දිනය අවසන් වන විට නාලන්දා විද්‍යාලය ලබා ගත් ලකුණු 289/9d ට පිළිතුරු ලෙස ආනන්ද විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 69ක් ලබාගෙන සිටියේ නාලන්ද පළමු ඉනිමට වඩා තවත් ලකුණු 220ක් පසුපසින් සිටිමින්.

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

ආනන්ද විද්‍යාලය – නෙත්ම කරුණාරත්න (නායක), ලක්ෂිත කුලරත්න, හංසජ ජයසිංහ, නුශාල් ධර්මරත්න, ඉරුත් ගිම්ශාන්, මිනෙත් ප්‍රේමරත්න, පුලිඳු කිරිඇල්ල, ශක්ති උදාර, නෙත්ම සමරවීර, යෙහාන් ගුණසිංහ, ටෙහාන් පෙරේරා.

නාලන්දා විද්‍යාලය – දිනෙත් සමරවීර (නායක), රුසිරු විලෝචන, යසිරු සමරකෝන්, විනුජ රන්පුල්, රවීන් ද සිල්වා, කුශ්මිත සිල්වා, චනුල් අතුකෝරල, සජිත විතානගේ, එරංග ජයකොඩි, ලිසුර සිගේරා, මිනෝද් කල්දේරා.

ලකුණු 69කට කඩුලු 5ක් බිඳ වැටී තිබුණු ආනන්ද පළමු ඉනිමේ අවසන් කඩුලු 5 දිනයේ පළමු සැසිය තුල බිඳ දැමීමට විනුජ රන්පුල් ඇතුළු නාලන්දා පන්දු යවන්නන් සමත් වුනා.

කෙසේ නමුත් ඉරුත් ගිම්ශාන් නොදැවී ලකුණු 70*ක් ලබාගෙන දැක්වූ දස්කම් නිසාවෙන් ආනන්ද විද්‍යාලයට සිය පළමු ඉනිම ලකුණු 139ක් දක්වා රැගෙන එන්නට හැකියාවක් ලැබුණා.

ඉරුත්ගේ එම සටන්කාමී ඉනිම සඳහා ඔවුන්ගේ පසුපෙළ පිතිකරුවන්ගෙන් එතරම්ම හොඳ සහයෝගයක් නොලැබුණු අතර ඉරුත්ගේ එම ඉනිම 4 පහර 7කින් සහ එක් 6 පහරකින් අලංකාරවත් වුනා.

පන්දු යැවීමේ දී රන්පුල් සහ රවීන් පිළිවෙළින් කඩුලු 4ක් සහ කඩුලු 3ක් දවාගෙන ආනන්ද ඉනිම ලකුණු 139කට සීමා කිරීමට සහය වුනා.

ලකුණු 150 පළමු ඉනිමේ අවාසියක් ඇතිව නැවතත් පිට පිට දෙවැනි වරටත් පන්දුවට පහර දීමට පැමිණි ආනන්ද විද්‍යාලය පළමු ඉනිමට සාපේක්ෂව ඉතාමත් හොඳින් පන්දුවට පහර දුන්නා.

කෙසේ නමුත් ඔවුන්ගේ දෙවැනි ඉනිමේ කඩුලු 10 රැක ගැනීමට ද ඔවුන්ට හැකියාවක් නොලැබුණ නමුත් ඔවුන් ඉනිමක පරාජයෙන් ගැලවීමට සමත් වුනා.

2020 මහා තරගයේ දී මෙන් ආනන්ද දෙවැනි ඉනිමේ දී හංසජ ජයසිංහ ලකුණු 48 දී නවතාලීමට රවීන් ද සිල්වා සමත් වුනා.

ආනන්ද වමත් ආරම්භක පිතිකරු ලක්ෂිත කුලරත්න ලකුණු 21ක් ලබාගෙන ආනන්ද දෙවැනි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුනු අතර ඔහු මිනෙත් ප්‍රේමරත්න සමඟ එක්වෙමින් තෙවැනි කඩුල්ලට ලකුණු 43ක සබඳතාවයක් ගොඩනැංවුවා. එය ආනන්ද දෙවැනි ඉනිමේ වාර්තා වුනු හොඳම සබඳතාවයයි.

ආනන්ද දෙවැනි ඉනිමේ අවසන් කඩුලු 5 ද ලකුණු 76ක් තුල බිඳ දැමීමට රවීන් ද සිල්වා ඇතුළු නාලන්දා පන්දු යවන්නන් සමත් වුනු අතර විනුජ රන්පුල් කඩුලු 2ක් දවා ගත්තා. ඒ හැරෙන්නට ඔවුන්ගේ පන්දු යවන්නන් සියලුම දෙන කඩුලු දවා ගැනීම කැපී පෙනුණු අතර ආනන්ද දෙවැනි ඉනිම ලකුණු 180කට සීමා වීම නිසා නාලන්දා කණ්ඩායමට දිනය තුල ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ අවසන් පන්දුවාර 14 තුල ලකුණු 31ක ඉලක්කයක් හිමි වුනා.

එම ඉලක්කය කඩුල්ලක් පමණක් දැවී සපුරා ගත් නාලන්දා කණ්ඩායම විසින් මේ මහා තරගය ජය ගත් අතර ජයග්‍රාහී 4 පහර එල්ල කරනු ලැබුවේ රවීන් ද සිල්වා විසිනි. තරගයේ දී ලකුණු 65ක් (ඉනිම් දෙකක දී), කඩුලු 7ක් සහ උඩ පන්දුවක් රැක ගත් රවීන් ද සිල්වා තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තා.

  • හොඳම පිතිකරු – චනුල් අතුකෝරල (නාලන්දා විද්‍යාලය)
  • හොඳම පන්දු යවන්නා – විනුජ රන්පුල් (ආනන්ද විද්‍යාලය)
  • හොඳම පන්දු රකින්නා – නුශාල් ධර්මරත්න (ආනන්ද විද්‍යාලය)
  • තරගයේ වීරයා – රවීන් ද සිල්වා (නාලන්දා විද්‍යාලය)

Result


Ananda College
139/10 (42.5) & 180/10 (58)

Nalanda College
289/9 (61.2) & 31/1 (5.2)

Batsmen R B 4s 6s SR
rusiru vilochana c Iruth Gimshan b Shakthi Udara 25 61 2 0 40.98
yasiru samarakoon c Nushal Dharmaratne b Shakthi Udara 23 40 3 0 57.50
Vinuja Ranpal c Nethma Samaraweera b Pulindu Kiriella 23 27 4 0 85.19
Raveen De Silva c Nushal Dharmaratne b Pulindu Kiriella 40 49 4 0 81.63
Kushmitha Silva c Nushal Dharmaratne b Pulindu Kiriella 17 36 3 0 47.22
Chanul Athukorala c Hansaja Jayasinghe b Shakthi Udara 88 89 10 3 98.88
Sajitha Vithanage c Lakshita Kularathna b Shakthi Udara 2 8 0 0 25.00
eranga jayakodi c Mineth Premarathna b Shakthi Udara 23 41 3 0 56.10
Dineth Samaraweera c Iruth Gimshan b yehan gunasinghe 33 27 5 0 122.22
lisura sigera not out 0 1 0 0 0.00


Extras 15 (b 1 , lb 1 , nb 11, w 2, pen 0)
Total 289/9 (61.2 Overs, RR: 4.71)
Bowling O M R W Econ
Tehaan Perera 11 0 52 0 4.73
Nethma Samaraweera 7 1 26 0 3.71
yehan gunasinghe 10 0 43 0 4.30
Shakthi Udara 19.2 1 90 5 4.69
Pulindu Kiriella 13 1 57 3 4.38
Hansaja Jayasinghe 1 0 12 0 12.00
Batsmen R B 4s 6s SR
Lakshita Kularathna lbw b Vinuja Ranpal 4 13 0 0 30.77
Nushal Dharmaratne c Dineth Samaraweera b Vinuja Ranpal 4 7 1 0 57.14
Nethma Karunaratne lbw b Dineth Samaraweera 16 14 4 0 114.29
Hansaja Jayasinghe c rusiru vilochana b Vinuja Ranpal 0 3 0 0 0.00
Mineth Premarathna c Sajitha Vithanage b Chanul Athukorala 4 21 1 0 19.05
Iruth Gimshan not out 70 106 7 1 66.04
Pulindu Kiriella run out () 7 38 0 0 18.42
yehan gunasinghe b Vinuja Ranpal 0 5 0 0 0.00
Shakthi Udara c Dineth Samaraweera b Raveen De Silva 21 31 5 0 67.74
Nethma Samaraweera lbw b Raveen De Silva 0 1 0 0 0.00
Tehaan Perera b Raveen De Silva 8 18 2 0 44.44


Extras 5 (b 4 , lb 0 , nb 0, w 1, pen 0)
Total 139/10 (42.5 Overs, RR: 3.25)
Bowling O M R W Econ
Vinuja Ranpal 15 4 33 4 2.20
Dineth Samaraweera 9 2 29 1 3.22
Chanul Athukorala 6 0 23 1 3.83
Raveen De Silva 7.5 0 33 3 4.40
lisura sigera 2 0 6 0 3.00
Minod Caldera 3 0 11 0 3.67
Batsmen R B 4s 6s SR
Lakshita Kularathna c rusiru vilochana b Vinuja Ranpal 32 124 2 0 25.81
Nushal Dharmaratne c rusiru vilochana b Dineth Samaraweera 14 18 3 0 77.78
Nethma Karunaratne c yasiru samarakoon b Raveen De Silva 15 15 2 0 100.00
Mineth Premarathna c Raveen De Silva b Sajitha Vithanage 23 41 3 0 56.10
Iruth Gimshan b Minod Caldera 10 6 2 0 166.67
Hansaja Jayasinghe c eranga jayakodi b Raveen De Silva 48 85 7 0 56.47
Shakthi Udara c Minod Caldera b Chanul Athukorala 14 15 2 1 93.33
Pulindu Kiriella b Raveen De Silva 2 19 0 0 10.53
yehan gunasinghe c Kushmitha Silva b Vinuja Ranpal 0 12 0 0 0.00
Tehaan Perera lbw Raveen De Silva b 17 15 2 1 113.33
Nethma Samaraweera b 0 0 0 0 0.00


Extras 5 (b 2 , lb 0 , nb 2, w 1, pen 0)
Total 180/10 (58 Overs, RR: 3.1)
Bowling O M R W Econ
Sajitha Vithanage 11 3 16 1 1.45
Dineth Samaraweera 9 3 9 1 1.00
Vinuja Ranpal 10 3 40 2 4.00
Minod Caldera 5 0 20 1 4.00
Chanul Athukorala 5 0 13 1 2.60
Raveen De Silva 18 3 80 2 4.44


Batsmen R B 4s 6s SR
yasiru samarakoon c Mineth Premarathna b Pulindu Kiriella 8 14 0 0 57.14
Vinuja Ranpal not out 7 8 0 0 87.50
Raveen De Silva not out 15 8 2 0 187.50


Extras 1 (b 0 , lb 1 , nb 0, w 0, pen 0)
Total 31/1 (5.2 Overs, RR: 5.81)
Bowling O M R W Econ
Tehaan Perera 3 0 16 0 5.33
Pulindu Kiriella 2.2 0 14 1 6.36



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<