ලෝක කැරම් ශූරතාවයේ දී ශ්‍රී ලංකාවට පදක්කම් හතරක්

08 වැනි ලෝක ශූරතා කැරම් තරගාවලිය

254

පසුගිය දා මැලේසියාවේ දී නිමාවට පත් වූ අටවැනි ලෝක ශූරතා කැරම් තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රිදී පදක්කමක් සහ ලෝක පදක්කම් හතරක් දිනා ගැනීමට සමත් වුනා.

පදක්කම හතරක් දිනා ගත් එම තරගාවලියේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් එකම රිදී පදක්කම දිනා දීමට සමත් වුනේ පිරිමි කණ්ඩායමයි. පිරිමි කණ්ඩායම් ඉසව්වේ අවසන් තරගයේ අවසන් තරගයට සහභාගී වූ ඔවුන් ප්‍රබල ඉන්දියාව හමුවේ වට 3-0ක පරාජයක් ලැබුවා.

එම ඉසව්වේ ඒකල තරග දෙකේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ නිශාන්ත ප්‍රනාන්දු තරග වට 2-0ක් ලෙස ප්‍රසාන්ත් මෝරේ හමුවේත් සහීඩ් හිල්මි කොමර්වේලි ශ්‍රීනිවාස් හමුවේ තරග වට 2-0ක් ලෙසත් පරාජය ලැබුවා.

කණ්ඩායම් ඉසව්වේ යුගල තරගය වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළ උදේශ් පෙරේරා සහ සුරාජ් මධුවන්ත තරග වට 2-0ක් ලෙස පරාජය වුනේ සන්දිප් ඩිව් සහ අබ්දුල් රහුමාන් හමුවේයි.

තරගාවලියේ ශ්‍රී ලංකාව දිනා ගත් ලෝකඩ පදක්කමක් දිනා ගත්තේ කාන්තා කණ්ඩායම් ඉසව්වෙනුයි. එහි තෙවැනි ස්ථානය සඳහා වූ තරගයෙන් ඔවුන් හමුවේ පරාජයට පත් වුනේ බංග්ලාදේශ කණ්ඩායමයි.

කණ්ඩායම් තරගයේ යුගල ඉසව්වේ දී නිසංසලා මදුවන්ති සහ ටශ්මිලා කාවින්දි විසින් තරග වට 2-0ක් ලෙස ජයග්‍රහණය කළ අතර කේවල තරගවල දී ජෝසප් රොශීටා සහ රෙබේකා ඩැලරින් ජයග්‍රහණ ලැබුවා.

පිරිමි යුගල ඉසව්ව නියෝජනය කළ නිශාන්ත ප්‍රනාන්දු සහ සහීඩ් හිල්මි විසින් ලෝකඩ පදක්කමක් ශ්‍රී ලංකාවට දිනා දුන්නේ බංග්ලාදේශ ක්‍රීඩකයින් තරග වට 2-1ක් ලෙස පරාජය කරමිනුයි.ක

තරගාවලියේ ශ්‍රී ලංකාව දිනා ගත් අනෙක් ලෝකඩ පදක්කම දිනා ගත්තේ ස්විස් ලීග් ඉසව්ව නියෝජනය කළ සහීඩ් හිල්මි විසිනුයි.

තරග වට අටකින් සමන්විත වූ මෙම ස්විස් ලීග් තරගයේ වට හතක් අවසන් වන තුරුම හිල්මි පෙරමුණේ සිටියත්, අවසන් වටයේ ඉන්දීය ක්‍රීඩක මොහොමඩ් ගුර්ජාන් හමුවේ ලද පරාජය නිසා ලෝකඩ පදක්කමින් සෑහීමකට පත් වීමට සිදු වුනා.

එමෙන්ම මෙම තරගාවලිය පුරාවට වැඩිම Slams (තරගය ආරම්භ කළ පසු ප්‍රතිවාදියාට කිසිදු අවස්ථාවක් නොදී තරගය අවසන් කිරීම) වාර්තා කර නිශාන්ත ප්‍රනාන්දු විසින් වීම කැපී පෙනුණා. ඔහු තරගාවලිය පුරාවට වාර්තා කළ Slams ගණන 11ක්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<