මිත්‍රත්ව දුනු විදීමේ තරගාවලිය 6 වැනිදා

101

කොළඹ දුනු විදීමේ මධ්‍යස්ථානය පාකිස්තානය කරච්චි විශ්ව විද්‍යාලයේ දුනු විදීමේ කණ්ඩායම සමඟ එක්ව දුනු විදීමේ තරගාවලියක් 2022 සැප්තැම්බර් 6 වැනිදා කොළඹ 07, ලෝන්ග්ඩන් පෙදෙසේ, CR&FC ක්‍රීඩා සංකීර්ණයේ, කොළඹ දුනු විදීමේ මධ්‍යස්ථානයේ දී පැවැත්වීමට නියමිතයි.

“මිත්‍රත්ව දුනු විදීමේ තරගාවලිය” ලෙස ප්‍රථම වරට සංවිධානය කරන මෙම තරගාවලිය සඳහා CAS දුනු විදීමේ සමාජයේ සහ ශ්‍රී ලංකාවේ අනෙකුත් ක්‍රීඩා සමාජවල ප්‍රමුඛතම දුනුවායන් සහ පාකිස්තානයේ දුනුවායන් ද සහභාගී වීමට නියමිතයි.

තරගාවලියෙන් අනතුරුව කොළඹ දුනු විදීමේ මධ්‍යස්ථානය මගින් දුනු විදීමේ ක්‍රීඩකයින් සඳහා ඒකාබද්ධ දුනු විදීමේ පුහුණු වැඩසටහනක් ද පැවැත්වීමට නියමිතයි.

කොළඹ දුනු විදීමේ මධ්‍යස්ථානය යනු ලෝක දුනු විදීමේ සංවිධානයේ පිළිගත් දුනු විදීමේ පුහුණු මධ්‍යස්ථානයක් වන අතර එය ආසියාවේ එවැනි දුනු ශිල්ප පුහුණු මධ්‍යස්ථාන ඇත්තේ දෙකක් පමණයි.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<