චන්ද්‍රිකා සහ නදීෂාගෙන් ලෝක මට්ටමේ පදක්කම්

BWF ලෝක ජ්‍යෙෂ්ඨ ශූරතාවය 2023

257

හිටපු ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ජාතික ශූරිය වන රේණුකා චන්ද්‍රිකා දකුණු කොරියාවේ පැවති ලෝක ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවයේ දී රන් පදක්කමක් සහ රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් වුනා.  

45 වැනි වියේ පසු වන චන්ද්‍රිකා තරගාවලියේ යුගල තරගය ජර්මානු ක්‍රීඩිකාවක් වන Claudia Wogelgsang සමඟ තරග වදිමින් රන් පදක්කමක් දිනා ගැනීමට සමත් වූ අතර ඔවුන් අවසන් වටයේ දී චීන ක්‍රීඩිකාවන් වන Maki Jin සහ  Mikiko Shimada වට 2-0 (21-7, 21-7) පරාජය කළා.  

සිය වයස් කාණ්ඩයේ කේවල කාන්තා අවසන් මහා තරගය ක්‍රීඩා කළ චන්ද්‍රිකා නෙදර්ලන්ත ක්‍රීඩිකා Georgy Trouerbach හමුවේ වට 2-0ක් ලෙස පරාජය වූවත් එහි රිදී පදක්කම ඇයට හිමි වුනා.  

එමෙන්ම එම තරගාවලියේ කාන්තා වයස අවුරුදු 35න් පහළ තරගය නියෝජනය කළ නදීෂා ගයන්ති කාන්තා කේවල ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තා.  

ඇය එම කාණ්ඩයේ අර්ධ අවසන් පූර්ව වටයේ දී ඉන්දීය ක්‍රීඩිකා Parul Rawat ලකුණු 21-19ක් සහ 21-16ක් ලෙස පරාජය කිරීමට සමත් වූ අතර අවසන් පූර්ව වටයේ දී ඇය Mana Yatabe හමුවේ ලකුණු 21-10ක් සහ 21-14 ලෙස පරාජය වුනා. 

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ සියලු උණුසුම් පුවත් එසැණින් දැන ගැනීම සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ. 

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<