ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට COVID-19 එන්නත්

287

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට කඩිනමින් COVID-19 එන්නත් ලබා දීම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටුව සාකච්ඡා කරමින් සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා පවසා සිටිනවා.

“අපි මේ වන විට මහාචාර්ය අර්ජුන ද සිල්වා ප්‍රධානත්වය දරන වෛද්‍ය කමිටුව සමඟ සාකච්ඡා කරනවා මේ කාරණය පිළිබඳව. ඔවුන් අපේ ක්‍රීඩකයින්ගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව බොහොම අවධානයෙන් ඉන්නේ” ඈෂ්ලි ද සිල්වා පවසා සිටියා.

ඔහු තවදුරටත් පවසා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රජයේ නීති රෙගුලාසිවලට අනුව ද කටයුතු කළ යුතු බවයි. “රජයේ තීරණය තමා පළමු පෙළ වයිරසයට නිරාවරණය වන සේවකයින්ට පළමුවෙන්ම එන්නත ලබා දිය යුතුයි කියලා. ඒ නිසා අපි රජය සමඟ සාකච්ඡා කළ යුතුයි. අපිට තනිවම අවසන් තීරණයක් ගන්නට බැහැ.”

තවත් ක්‍රිකට් පුවත්:

“මේ වසංගත තත්වය තිබුනත් අපි LPL තරගාවලිය පවත්වලා ඊට අමතරව ජාත්‍යන්තර තරගාවලි දෙකක් ද ක්‍රීඩා කරන්නට සමත් වුනා. අපිට මේ වසරේ තව තරගාවලිය බොහෝ තිබෙනවා. අපි බලමු මොකද කරන්නේ කියලා.”

පුහුණු සැසිවලට සහභාගී වෙමින් සිටි බිනුර ප්‍රනාන්දු හා චාමික කරුණාරත්න හට මුලින්ම වයිරසය වැළඳී ඇතැයි වාර්තා වුනා. ඉන්පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු Mickey Arthur හා වමත් පිතිකරු ලහිරු තිරිමාන්න වයිරසය වැළඳීම නිසා නිරෝධායනයට ලක් කර තිබුණා. රජයේ නීති රෙගුලාසිවලට අනුව කණ්ඩායමේ අනෙක් ක්‍රීඩකයින් සියලු දෙනා මේ වන විට නිවෙස් නිරෝධායනයට ලක් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු  Mickey Arthur හා පිතිකරු ලහිරු තිරිමාන්න හට වයිරසය වැළඳීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය කල් දමන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<