SSC විවෘත ශ්‍රේණිගත කිරීමේ ටෙනිස් ශූරතාවලිය ඇරඹේ

178
First Capital SSC Open Ranking Tennis Championship 2023

2023 ජනවාරි 6 වැනිදා සිට ජනවාරි 21 වැනිදා දක්වා කොළඹ 7, Singhalese Sports Club (SSC) ටෙනිස් පිටියේදී පැවැත්වෙන ‘First Capital SSC විවෘත ශ්‍රේණිගත කිරීමේ ටෙනිස් ශූරතාවලිය 2023’ SSC නිවේදනය කරයි. ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ මූලිකත්වයෙන් SSC ටෙනිස් හවුස් කමිටුව විසින් එය සංවිධානය කරනු ලැබ්.

වසරේ මෙරට ප්‍රථම සහ ජනප්‍රියම ටෙනිස් තරගාවලිය වන SSC විවෘත ටෙනිස් තරගාවලියට වයස අවුරුදු 12 න් පහළ සිට 35ට වැඩි වයස් කාණ්ඩ ආවරණය වන පරිදි තරග වාර 700ක් පමණ සමන්විත ඉසව් 25 කට වැඩි ප්‍රමාණයක් සඳහා මේ වන විට තරගකරුවන් 700 කට වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් වී ඇත. මෙම ශූරතා බාලිකා සහ බාලක ඉසව්වලින් සමන්විත වේ. අවුරුදු 12 න් පහළ සිට 18 න් පහළ (තනි හා යුගල), පිරිමි සහ කාන්තා කේවල සහ යුගල, මිශ්‍ර යුගල, සහ ප්‍රවීණයන්ගේ ඉසව් 35 ට වැඩි, 45 ට වැඩි සහ 55 ට වැඩි වයස් කාණ්ඩ ලෙස තරග කෙරේ.

එම සමාජයේ ගරු ලේකම් වසන්ත විජේසේකර ප්‍රකාශ කළේ “SSC විවෘත ශ්‍රේණිගත කිරීමේ තරඟාවලිය මුලින් පැවැත්වුණේ 1980 දශකයේ වන අතර පසුව එය 1990 දශකයේ අගභාගයේදී පණගැන්විණි. අද දක්වාම පැවැත්වෙන SSC විවෘත තරගාවලියේදී අපට සුවිශේෂී විශේෂාංග රැසක් ලබාදීමට හැකිවිය. ඉහළම ත්‍යාග මුදල පිරිමින්ට සහ කාන්තාවන්ට හා සමාන ත්‍යාග මුදල, සියලුම තරඟ සඳහා විනිසුරුවන්, අවසන් තරඟ සජීවී රූපවාහිනී ආවරණය සහ අතිශයින්ම ක්‍රීඩකයින්ට හිතකාමී පරිසරයක් ඒ අතර වේ. මෙමගින් SSC OPEN තරඟාවලිය ශ්‍රී ලංකා ටෙනිස් ක්‍ෂේත්‍රයේ වඩාත්ම උනන්දුවෙන් බලා සිටි ටෙනිස් තරඟාවලිය බවට පත් කර ඇත. අර්ජුන් ප්‍රනාන්දු, හර්ෂණ ගොඩමාන්න, උමේෂ් වොල්ලෝපිල්ලේ, ජයේන්ද්‍ර විජේසේකර, රොහාන් ද සිල්වා, ෆ්‍රෑන්ක්ලින් එමානුවෙල්, ෂර්මාල් දිසානායක ඇතුළු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විශිෂ්ට ලෙස වසර ගණනාවක් SSC විවෘත තරගාවලියේදී විශිෂ්ට දස්කම් දක්වනු අපි දැක ඇත්තෙමු. උසස්ප්‍රමිතීන් පවත්වාගෙන යාමේ මෙම අඛණ්ඩ විශිෂ්ඨත්වය SLTA විසින් ත්‍යාග කරන ලද අතර SSC OPEN 1 කාණ්ඩයේ ශ්‍රේණිගත කිරීමේ තරඟාවලියක් ලෙස ස්ථානගත කර ඇත.”

Perera and Sons මූලිකත්වයෙන් ත්‍යාග සහතික සමඟ විවෘත අංශයේ ජයග්‍රාහකයන් සඳහා මුදල් ත්‍යාග පසුගිය වසරේ මෙන්ම ජයග්‍රාහකයන්ට සහ අනුශූරයන්ටද කුසලාන සහ සහතිකපත්ද ප්‍රදානය කෙරේ.

SSC ටෙනිස් නිවාස කමිටුවේ සභාපති සූරිය බිබිලේ අදහස් දක්වමින්, “First Capital SSC විවෘත ශ්‍රේණිගත කිරීමේ ටෙනිස් ශූරතාවලිය ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් සහ ටෙනිස් ප්‍රජාව බොහෝ සෙයින් බලා සිටින ශ්‍රේණිගත කිරීමේ තරඟාවලි කිහිපයෙන් එකකි. ශූරතාවලිය අපගේ ක්‍රීඩකයින්ට ඔවුන්ගේ ශ්‍රේණිගත කිරීම්වල ප්‍රගතියක් ලබා ගැනීමට පමණක් නොව සහභාගී වන ක්‍රීඩකයින් අතර හොඳම දක්ෂතා ගෙන එන ඉතා තරඟකාරී තරඟාවලියකි. 2023 තරඟාවලියට සහය දැක්වීමට අපගේ ප්‍රධාන හවුල්කරු වන First Capital Holdings සමඟ නැවත වරක් හවුල් වීමට ලැබීම ගැන අපි සතුටු වෙමු. First Capital SSC විවෘත ශ්‍රේණිගත කිරීමේ ටෙනිස් ශූරතාවලිය මෙවර 1 කාණ්ඩයේ තරඟාවලියක් දක්වා ශ්‍රී ලංකා ටෙනිස් සංගමය විසින් උසස් කරන ලද බව සඳහන් කිරීම ද වැදගත් වේ. වසර ආරම්භයේදීම විශිෂ්ට ටෙනිස් ක්‍රීඩාවක් අපේක්ෂාවෙන් සිටින බැවින්මෙම වසරේ ඇතුළත් කිරීම් සංඛ්‍යාවද සිත් ඇදගන්නා සුළුය”.

පසුගිය වසරේ තරඟාවලිය ශ්‍රී ලංකාවේ වඩාත්ම කැපී පෙනෙන ටෙනිස් තරඟාවලියක් වූ අතර මෙම වසරේදී මෙන්ම ඒ සඳහා සමාන ප්‍රවේශයන් සංඛ්‍යාවක් ආකර්ෂණය විය. 2022 වසරේ කාන්තා සහ පිරිමි කේවල අවසන් මහා තරගයේ ජයග්‍රාහකයින් මෙවර තරගාවලියටද සහභාගි වේ.

First Capital Holdings PLC ශූරතාවලියේ අනුග්‍රාහකත්වයේ අඛණ්ඩ දෙවන වසර සනිටුහන් කරන අතර HEAD-3G Sports (official ball sponsor) නිල පන්දු අනුග්‍රාහකයා ලෙස දිගටම කටයුතු කරයි. Perera and Sons, සහ Diesel & Motor Engineering PLC ද සම අනුග්‍රාහකයන් (Co-Sponsors) ලෙස අඛණ්ඩව ශූරතාවලියට සහාය දක්වන අතර Yeti Hydration (Official Hydration Partner) නිල පානීය සහකරු වේ.

අරුණ සෙනෙවිරත්න සහ චම්මික ද සිල්වා තරඟාවලියේ අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කරන අතර තරඟාවලියේ තීරකවරයා ලෙස ජාත්‍යන්තර සම්මේලනයේ සුදුසුකම් ලත් නිලධාරියෙකු වන මුෆද්දල් හසාරි මහතා කටයුතු කරයි. පසුගිය වසරේ අවසන් මහා තරගවලට සමානව, කාන්තා සහ පිරිමි කේවල අවසන් තරග රට තුළ සහ ඉන් පිටත වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට අන්තර්ජාලය ඔස්සේ නැරඹීමට අවකාශය විවර කර දෙනු ඇත.

මාධ්‍ය නිවේදනයකි.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<