OTTERS විවෘත බැඩ්මින්ටන් ශූරතාවය කොළඹ දී

OTTERS විවෘත බැඩ්මින්ටන් ශූරතාවය 2023

156
OTTERS Open Badminton Championship

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ අනුග්‍රහය යටතේ බස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමය සහ OTTERS එක්ව සංවිධානය කරන OTTERS විවෘත බැඩ්මින්ටන් තරගාවලිය ජුනි 12 සිට 18 දක්වා පැවැත්වීමට නියමිතයි.

දින හතක් පුරාවට කොළඹ දී පැවැත්වෙන මෙම තරගාවලියේ තරග ශ්‍රී ලංකා බැඩ්මින්ටන් මූලස්ථාන ක්‍රීඩාංගණය, වෙළඳසේවා ගෘහස්ථ ක්‍රීඩාංගණය සහ OTTERS ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ ජුනි 12 වැනිදා උදෑසන OTTERS ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිත අතර ඒ සඳහා ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සභාපති රොහාන් ද සිල්වා මහතා ඇතුළු නිලධාරීන් ඊට සහභාගී වීමට නියමිතයි.

මෙම තරගාවලිය සඳහා අයදුම්පත් 100කට අධික සංඛ්‍යාවක් ලැබී තිබෙන අතර කනිෂ්ඨ අංශය නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 850ක් සහ ජ්‍යෙෂ්ඨ අංශය නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 125ක් සහභාගී වීමට නියමිතයි.

එමෙන්ම විවෘත ඒකල කාණ්ඩය සඳහා ක්‍රීඩකයින් 40ක්, ක්‍රීඩිකාවන් 25ක්, යුගල තරග සඳහා ක්‍රීඩකයින් 40ක් සහ ක්‍රීඩිකාවන් 10ක් ද, මිශ්‍ර තරග සඳහා 10 දෙනෙකු ද සහභාගී වීමට නියමිතව තිබෙනවා.

මෙම තරගාවලියේ ඇතුළු බැඩ්මින්ටන් පිටියේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<