පැරා මලල ක්‍රීඩකයින්ගෙන් ලක් මාතාවට පදක්කම් හතරක්

14 වැනි Fazza ඩුබායි ග්‍රෝන් ප්‍රී තරගාවලිය 2023

210

ඩුබායි හී පැවති 14 වැනි Fazza ඩුබායි ග්‍රෝන් ප්‍රී තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම් හතරක් දිනා දීමට පැරා මලල ක්‍රීඩකයින්ට හැකි වුනා.

රන් පදක්කම් දෙකක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් එම පදක්කම් හතරට ඇතුළත් වූ අතර තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩකයින් සිව්දෙනාම පදක්කම් දිනා ගැනීමට සමත් වීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු රන් පදක්කම දිනා ගැනීමට මදුරංග සුබසිංහට හැකි වූ අතර ඔහු T47 කාණ්ඩයේ මීටර් 400 ඉසව්ව නියෝජනය කරමින් එම රන් පදක්කම දිනා ගත්තා.

T42 කාණ්ඩයේ මීටර් 100 ඉසව්ව නියෝජනය කළ අනිල් ප්‍රසන්න දෙවැනි රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර නුවන් ඉන්දික රිදී පදක්කමක් දිනා ගත්තේ T44 කාණ්ඩයේ මීටර් 100 ඉසව්ව නියෝජනය කරමිනුයි.

තරගාවලියේ දිනා ගත් එකම ලෝකඩ පදක්කම දිනා ගත්තේ ප්‍රදීප් සෝමසිරි විසිනුයි. ඔහු T46 කාණ්ඩයේ මීටර් 1500 ඉසව්ව නියෝජනය කළා.

පෙබරවාරි 22 වැනිදා ආරම්භ වූ මෙම සුප්‍රකට Fazza ඩුබායි ග්‍රෝන් ප්‍රී තරගාවලිය මාර්තු 03 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලියේ දස්කම් දක්වමින් ලක් මාතාවට ගෞරවයක් ගෙන දුන් ක්‍රීඩකයින්ට ThePapare.com උණුසුම් සුබ පැතුම්.

>>  තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<