Home Sinhala තරගයක් ඉතිරිව තිබිය දී තරගාවලියේ ජයග්‍රහණය ඉන්දියාවට

තරගයක් ඉතිරිව තිබිය දී තරගාවලියේ ජයග්‍රහණය ඉන්දියාවට

ඉන්දීය කාන්තා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

179

සංචාරක ඉන්දීය කාන්තා කණ්ඩායම සහ සත්කාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී අද (25) පැවති තරගයෙන් කඩුලු 5ක ජයග්‍රහණයක් හිමි කර ගැනීමට ඉන්දීය ක්‍රීඩිකාවන් සමත් වුනා.

පෙර තරගයේ ලැබූ පරාජය නිසාවෙන් මෙම තරගය ජයග්‍රහණය කිරීම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට වැදගත් වූ අතර කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පන්දුවට පහර දීමට තීරණය කළා.

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්;

ඉන්දීය කාන්තා කණ්ඩායම: Shafali Verma, Smriti Mandhana, Yastika Bhatia (wk), Jemimah Rodrigues, Harmanpreet Kaur (c), Sabbhineni Meghana, Deepti Sharma, Simran Bahadur, Pooja Vastrakar, Renuka Singh, Radha Yadav.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම: විශ්මි ගුණරත්න, චමරි අතපත්තු (නායිකා), හර්ෂිතා මාධවී, හසිනි පෙරේරා, කවීෂා ඩිල්හාරි, නිලක්ෂි ද සිල්වා, අනුෂ්කා සංජීවනී,ඕෂධී රණසිංහ, සුගන්ධිකා කුමාරි,ඉනෝකා රණවීර, උදේශිකා ප්‍රබෝධනී.

සිය තීරණයට උපරිම සාධාරණයක් ඉටු කළ චමරි අතපත්තු සහ විශ්මි ගුණරත්න ශ්‍රී ලංකා පළමු කඩුල්ල සඳහා එක් කළ ලකුණු සංඛ්‍යාව 87ක්. කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ලකුණු 43ක් වාර්තා කරගෙන සිටි චමරි අතපත්තු දවා ගැනීමට Pooja Vastrakar සමත් වුනා.

ශ්‍රී ලංකා ලකුණු පුවරුව 106ක් වන විට ලකුණු 45ක් රැස් කරගෙන සිටි විශ්මි ගුණරත්න දැවී යාමත් සමඟ ඉන්දීය පන්දු යවන්නියන් ප්‍රබල ලෙස තරගයට අවතීර්ණ වුනා. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ කඩුලු 7ක් ලකුණු 14ක් තුළ දවා ගැනීමට ඉන්දීය ක්‍රීඩිකාවන්ට හැකි වුනා.

එම ප්‍රබල පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 125ක් පමණයි.

පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් Deepti Sharma ලකුණු 34ට කඩුලු 2ක් බිඳ හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 30 දී දවා ගැනීමට ඕෂදී රණසිංහට හැකි වුනේ Shafali Vermaව ලකුණු 17කට පිටියෙන් ඉවත් කරමින්.

Sabbhineni Meghana ලකුණු 17කට දවා ගැනීමට සුගන්ධිකා කුමාරිට හැකි වූ අතර අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් සිටි Smriti Mandhana ලකුණු 39කට දැවි ගියේ ඉනෝකා රණවීරගේ පන්දුවක් හමුවේයි.

ඉන්දීය ලකුණු පුවරුව 91ක් වන විට Jemimah Rodrigues ලකුණු 3කට දවා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම තරමක් තරගයට ගෙන ඒමට ඉනෝකා රණවීරට හැකි වුනා.

කෙසේ නමුත් නායකත්වයේ ඉනිමක් දියත් කරමින් Harmanpreet Kaur නොදැවී රැස් කර ගත් ලකුණු 31 නිසාවෙන් පන්දුවාර 19.1ක් අවසානයේ කඩුලු පහක් පමණක් දැවී ජයග්‍රාහී සීමාව පසු කරන්නට ඉන්දීය ක්‍රීඩිකාවන් සමත් වුනා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඕෂදී රණසිංහ සහ ඉනෝකා රණවීර කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් වුනා.

මෙම ජයග්‍රහණයත් සමඟින් තරග 3කින් යුත් විස්සයි විස්ස තරගාවලිය එක් තරගයක් ඉතිරිව තිබිය දී ජයග්‍රහණය කිරීමට ඉන්දීය ක්‍රීඩිකාවන්ට හැකි වුනා.

Result


Sri Lanka Women
125/7 (20)

India Women
127/5 (19.1)

Batsmen R B 4s 6s SR
Vishmi Gunaratne c & b Harmanpreet Kaur 45 50 6 0 90.00
Chamari Athapaththu c Radha Yadav b Pooja Vastrakar 43 41 7 1 104.88
Harshitha Samarawickrama c Shafali Verma b Deepti Sharma 9 13 0 0 69.23
Kavisha Dilhari c Smriti Mandhana b Renuka Singh 2 5 0 0 40.00
Nilakshi de Silva lbw b Deepti Sharma 1 2 0 0 50.00
Hasini Perera run out () 0 0 0 0 0.00
Oshadi Ranasinghe c Yastika Bhatia b Radha Yadav 5 3 1 0 166.67
Anushka Sanjeewani not out 8 5 0 0 160.00
Sugandika Kumari not out 1 1 0 0 100.00


Extras 11 (b 4 , lb 2 , nb 0, w 5, pen 0)
Total 125/7 (20 Overs, RR: 6.25)
Bowling O M R W Econ
Renuka Singh 4 0 26 1 6.50
Deepti Sharma 4 0 34 2 8.50
Simran Bahadur 2 0 14 0 7.00
Radha Yadav 3 0 15 1 5.00
Pooja Vastrakar 4 0 18 1 4.50
Harmanpreet Kaur 3 0 12 1 4.00


Batsmen R B 4s 6s SR
Smriti Mandhana st Anushka Sanjeewani b Inoka Ranaweera 39 34 8 0 114.71
Shafali Verma c Kavisha Dilhari b Oshadi Ranasinghe 17 10 2 1 170.00
sabbhineni meghana st Anushka Sanjeewani b Inoka Ranaweera 17 10 4 0 170.00
Harmanpreet Kaur not out 31 32 2 0 96.88
Jemimah Rodrigues c Hasini Perera b Inoka Ranaweera 3 6 0 0 50.00
Yastika Bhatia st Anushka Sanjeewani b Oshadi Ranasinghe 13 18 0 0 72.22
Deepti Sharma not out 5 5 0 0 100.00


Extras 2 (b 0 , lb 1 , nb 0, w 1, pen 0)
Total 127/5 (19.1 Overs, RR: 6.63)
Bowling O M R W Econ
Udeshika Prabodhani 2 0 22 0 11.00
Oshadi Ranasinghe 4 0 32 2 8.00
Sugandika Kumari 4 0 20 1 5.00
Inoka Ranaweera 4 0 18 2 4.50
Kavisha Dilhari 3.1 0 17 0 5.48
Chamari Athapaththu 2 0 17 0 8.50



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<