Home Sinhala T20 ශූරතාව John Keells දිනා ගනියි

T20 ශූරතාව John Keells දිනා ගනියි

MCA – Singer Super Premier T20 Tournament 2022

385

වෙළඳසේවා ක්‍රිකට් සංගමය සංවිධානය කළ සිංගර් කුසලාන Super Premier විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට John Keells කණ්ඩායම අද (25) සමත් වුනා.

කොළඹ 7, වෙළඳසේවා පිටියේ දී පැවති අවසන් මහා තරගයේ ප්‍රතිවාදීන් වූයේ MODE Engineering කණ්ඩායමයි.

අවසන් පූර්ව වටයේ තරගවල දී MODE Engineering ක්‍රීඩකයන් HAYLEYS Group – A පරාජය කරමින් සහ John Keells Group – A ක්‍රීඩකයන් HNB – A පරාජය කරමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් දිනා ගත්තා.

අවසන් මහා තරගයට ක්‍රීඩා කළ ක්‍රීඩකයන්;

John Keells Group – A : ෂෙරාන් ෆොන්සේකා, සදීර සමරවික්‍රම, කවින් බණ්ඩාර, අහන් වික්‍රමසිංහ, නවෝද් පරණවිතාන, සචිත ජයතිලක, ඉෂාන් ජයරත්න, අකිල ධනංජය, මාලිංග අමරසිංහ, දුවිඳු තිලකරත්න, මලිඳු ෂෙහාන්.

MODE Engineering : තෙවිඳු දික්වැල්ල, ෂෙහාන් ප්‍රනාන්දු, අකීල් ඉන්හාම්, සසිඳු නානායක්කාර, සජිත් ද සිල්වා, දුශාන් හේමන්ත, සඳකැන් පතිරණ, ඉසිත විජේසුන්දර, අරුල් ප්‍රගාෂ්, ඉම්තියාෂ් ස්ලාෂා, තීසාන් විතුසාන්.

අද තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් MODE Engineering කණ්ඩායමේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි John Keells සියලු දෙනා දැවී ලකුණු 156ක් රැස් කරගත්තා.

පිළිතුරු ඉනිමේ දී MODE Engineering කණ්ඩායමට කඩුලු 9ක් දැවී වාර්තා කර ගත හැකි වූයේ ලකුණු 152ක් පමණයි. ඒ අනුව John Keells ක්‍රීඩකයන් ශූරතාවට හිමිකම් කීවේ ලකුණු 4ක තියුණු ජයග්‍රහණයක් හිමි කරගනිමින්‍ෙ

කාසියේ වාසිය දිනා ගනිමින් MODE Engineering ගත් එම තීරණය තරගයේ 5 වැනි පන්දුවාරය දක්වාම වාසි සහගත වූවා. ඒ ඔවුන් ප්‍රතිවාදී කඩුලු 4ක් පන්දු 27ක දී දවා ගැනීමට සමත් වූ නිසා. ඒ වන විට John Keells ලකුණු පුවරුව දැක්වුනේ ලකුණු 22ක් ලෙසයි.

කෙසේ වෙතත් එතැන් සිට තරගය වෙනත් මානයකට යොමු කිරීමට කවින් බණ්ඩාර සහ සචිත ජයතිලක සමත් වුනා. ඔවුන් දෙදෙනා එක්ව 5 වැනි කඩුල්ලට පන්දු 58ක දී ලකුණු 94ක් එක් කළා. කවින් බණ්ඩාර පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 42ක් රැස් කරගෙන සිටිය දී දැවී යෑමෙන් එම කඩුල්ලේ සබඳතාව බිඳී ගියා.

අනතුරුව 16 වැනි පන්දුවාරයේ දී පන්දු 5ක දී ලකුණු 3කට කඩුලු 3ක් බිඳ හෙළමින් MODE Engineering ක්‍රීඩකයන් නැවත වතාවක් තරගයට අවතීර්ණ වුනා. ඒ සචිත ජයතිලකගේ ඉනිම ද ලකුණු 62කට සීමා කරමින්. සචිතගේ ඉනිම පන්දු 39කින් සමන්විත වූ අතර ඊට හයේ පහර 7ක් ඇතුළත් වුනා.

ඉන්පසුව ඉනිමේ අවසන් කඩුලු දෙක දුවද්දී දවා ගත් MODE Engineering ක්‍රීඩකයන් ප්‍රතිවාදී ඉනිම තවත් පන්දුවක් ඉතිරිව තිබිය දී අවසන් කළා. පන්දු යැවීමේ දී අරුල් ප්‍රගාෂ්, සඳකැන් පතිරණ සහ තීසාන් විතුසාන් කඩුලු 2 බැගින් දවා ගත්තා. ඊට අමතරව ඉම්තියාෂ් ස්ලාෂා සහ දුශාන් හේමන්ත එක් කඩුල්ල බැගින් බිඳ හෙලුවා.

ලකුණු 157ක හඹා යන ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි MODE Engineering අමාරුවේ දැමීම ආරම්භ කළේ John Keells කණ්ඩායමේ නායක ආරම්භ වේගපන්දු යැවූ ඉෂාන් ජයරත්න. ඔහු තම දෙවැනි පන්දුවාරයේ පන්දු 3ක් තුළ කඩුලු 2ක් දවා ගනිමින් තම දඩයම ආරම්භ කළා. ඔහු ප්‍රතිවාදී ඉනිම අවසන් කරන විට තම පන්දුවාර 4 තුළ නිලකුණු පන්දුවාරයක් ද සටහන් කරගනිමින් ලකුණු 14කට කඩුලු 3ක් දවා ගත්තා.

කෙසේ වෙතත් වරෙක MODE Engineering සජිත් ද සිල්වා සහ දුශාන් හේමන්ත එක්ව 5 වැනි කඩුල්ලට පෑ වික්‍රමය John Keells සසල කළා. එහෙත් ඔවුන්ට එය දිගින් දිගටම පවත්වා ගෙන යෑමට හැකියාවක් ලැබුණේ නැහැ.

එම සබඳතාව ලකුණු 69කින් වූයේ දුෂාන් හේමන්තගේ දැවී යෑමත් සමඟින්. ඒ වන විට දුෂාන් පන්දු 20ක දී හයේ පහර 7ක් සමඟින් ලකුණු 54ක් රැස් කරගෙන සිටියා. සසිඳු නානායක්කාර පන්දු 32ක දී හයේ පහරක් සමඟින් වාර්තා කරගත් ලකුණු සංඛ්‍යාව 28ක්.

තරගයේ අවසන් පන්දුවාරයේ දී MODE Engineering කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 12ක් අවශ්‍ය වුනා. ඒ වන විට ඔවුන් සතුව කඩුලු 2ක් තිබුණා.

පන්දු යැවීම භාරගත්තේ පිතිකරුවෙකු ලෙසින් ද දක්ෂතා දැක් වූ සචිත ජයතිලක. ඔහු තම පන්දුවාරය ලකුණු 7කට සීමා කළේ පිතිකරුවෙකු ද පිටියෙන් ඉවත් කරමින්. ඒ අනුව ප්‍රතිවාදී MODE Engineering කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ වාර්තා කරගත හැකි වූයේ කඩුලු 9ක් දැවී ලකුණු 152ක් පමණයි.

පන්දු යැවීමේ දී ඉෂාන් ජයරත්න තරගයේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර සචිත ජයතිලක සහ මාලිංග අමරසිංහ කඩුලු 2ක් බැගින් ද මලිඳු ෂෙහාන් සහ අකිල ධනංජය එක් කඩුල්ල බැගින් ද දවා ගත්තා.

John Keells Group A – සියලු දෙනා දැවී 156 (19.5): කවින් බණ්ඩාර 42, සචිත ජයතිලක 62, අරුල් ප්‍රගාෂ් 2/26, සඳකැන් පතිරණ 2/36, තීසාන් විතුසාන් 2/26.

MODE Engineering – කඩුලු 9ක් දැවී 152 (20): තෙවිඳු දික්වැල්ල 14, සසිඳු නානායක්කාර 28, දුශාන් හේමන්ත 54, ඉෂාන් ජයරත්න 3/14, මාලිංග අමරසිංහ 2/25, සචිත ජයතිලක 2/25.

  • තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා – මාධව වර්ණපුර (HNB)
  • තරගාවලියේ දක්ෂතම පිතිකරු – සමීන් කඳනාරච්චි (සම්පත් බැංකුව)
  • අවසන් තරගයේ වීරයා – සචිත ජයතිලක (John Keells)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result


John Keells Holdings A
157/10 (19.5)

Mode Engineering
152/9 (20)

Batsmen R B 4s 6s SR
Sheran Fonseka c Dushan Hemantha b Arul Pragash 0 1 0 0 0.00
Sadeera Samarawickrama c Shehan Fernando b Sandakan Pathirana 1 6 0 0 16.67
Kavin Bandara c & b Arul Pragash 43 33 2 2 130.30
Ahan Wickramasinghe c Sasindu Nanayakkara b Sandakan Pathirana 11 7 0 1 157.14
Navod Paranavithana b Mohamed Imthiyas Slasa 7 5 1 0 140.00
Sachitha Jayathilake c Mohamed Imthiyas Slasa b Theeshan Vithushan 62 39 0 7 158.97
Ishan Jayaratne c Akeel Inham b Dushan Hemantha 9 7 0 0 128.57
Akila Dananjaya c Mohamed Imthiyas Slasa b Theeshan Vithushan 0 1 0 0 0.00
Malinga Amarasinghe run out () 12 9 1 0 133.33
Duvindu Tillakaratne run out () 8 10 0 0 80.00
Malindu Shehan not out 1 1 0 0 100.00


Extras 3 (b 0 , lb 0 , nb 0, w 3, pen 0)
Total 157/10 (19.5 Overs, RR: 7.92)
Bowling O M R W Econ
Arul Pragash 4 0 26 2 6.50
Sandakan Pathirana 3.5 0 33 2 9.43
Mohamed Imthiyas Slasa 4 0 38 1 9.50
Theeshan Vithushan 4 0 26 2 6.50
Dushan Hemantha 4 0 30 1 7.50


Batsmen R B 4s 6s SR
Thevindu Dickwella c Duvindu Tillakaratne b Malinga Amarasinghe 14 15 2 0 93.33
Shehan Fernando c & b Ishan Jayaratne 7 9 1 0 77.78
Akeel Inham b Ishan Jayaratne 0 2 0 0 0.00
Sasindu Nanayakkara lbw b Akila Dananjaya 28 32 0 1 87.50
Sajith De Silva b Sachitha Jayathilake 2 6 0 0 33.33
Dushan Hemantha c Akila Dananjaya b Malindu Shehan 54 20 0 4 270.00
Sandakan Pathirana b Malinga Amarasinghe 11 12 0 1 91.67
Isitha Wijesundera c Navod Paranavithana b Ishan Jayaratne 10 8 0 1 125.00
Arul Pragash c Ahan Wickramasinghe b Sachitha Jayathilake 12 12 2 0 100.00
Mohamed Imthiyas Slasa not out 3 5 0 0 60.00


Extras 11 (b 0 , lb 3 , nb 1, w 7, pen 0)
Total 152/9 (20 Overs, RR: 7.6)
Bowling O M R W Econ
Ishan Jayaratne 4 1 14 3 3.50
Malindu Shehan 4 0 37 1 9.25
Malinga Amarasinghe 4 0 20 2 5.00
Akila Dananjaya 4 0 18 1 4.50
Sachitha Jayathilake 3 0 29 2 9.67
Duvindu Tillakaratne 1 0 16 0 16.00