Home Sinhala පාකිස්තානය හමුවේ ශ්‍රී ලංකාවට පූර්ණ තරගාවලි පරාජයක්

පාකිස්තානය හමුවේ ශ්‍රී ලංකාවට පූර්ණ තරගාවලි පරාජයක්

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ පාකිස්තාන සංචාරය 2022

408

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තාන කාන්තා කණ්ඩායම අතර පැවති තෙවැනි සහ අවසන් විස්සයි විස්ස තරගයෙන් කඩුලු 4ක ජයක් ලබා ගන්නට පාකිස්තාන ක්‍රීඩිකාවන් සමත් වුනා.

අද තරගය ආරම්භ වන විටත් තරගාවලිය 2-0ක් ලෙස පාකිස්තාන ක්‍රීඩිකාවන් ජයග්‍රහණය කර සිටියා. තෙවැනි තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට අවශ්‍ය වූ ආරම්භය ලබා දුන් චමරි අතපත්තු සහ හසිනි පෙරේරා පළමු කඩුල්ල සඳහා ලකුණු 69ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් වුනා.

එම සම්බන්ධතාවට තිත තබමින් චමරි අතපත්තු ලකුණු 37කට සහ හසිනි පෙරේරා ලකුණු 24කට දැවී ගියේ ශ්‍රී ලංකා ඉනිම කඩුලු 2ක් දැවී ලකුණු 69ක් බවට පත්කරමිනුයි.

ඉන්පසු පිටියට පිවිසි කිසිදු ක්‍රීඩිකාවකට හෝ සාර්ථක වීමට අවස්ථාවක් ලබා නොදුන් පාකිස්තාන පන්දු යවන්නියන් ශ්‍රී ලංකා පිතිකාරිණියන් 7 දෙනෙකු ක්‍රීඩාගාරයට හරවා යැවුවේ ලකුණු සංඛ්‍යාව 83ක් පමණක් වන විටයි.

අගපෙළ පිතිකාරිණියන් ලෙස පිටියට පිවිසෙමින් අනුෂ්කා සංජීවනී සහ සුගන්ධි කුමාරි පිහිටවූ ලකුණු 24ක සම්බන්ධතාව නිසාවෙන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 107ක් ලබා ගන්නට ශ්‍රී ලංකා කාන්තාවන් සමත් වුනා.

ලකුණු 108 ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි පාකිස්තාන කණ්ඩායමේ පළමු කඩුලු ද්විත්වය ලකුණු 31ක දී පිටියෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ට හැකි වුනා.

ඉන්පසු පිටියට පිවිසි Omaima Sohail ලකුණු 04කටත්, Aliya Riaz ලකුණු 17කටත් සහ Ayesha Naseem ලකුණු 10කටත් දවා ගැනීමට ඕෂධී රණසිංහට සමත් වුනේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ ජයග්‍රාහී බලාපොරොත්තු ඉහළ දමමිනුයි.

ශ්‍රී ලංකා පන්දු යවන්නියන් සටන්කාමී පන්දු යැවීමක නිරත වූවත් අවසන් පන්දුවේ දී කඩුලු 6ක් පමණක් දැවී ජයග්‍රාහී සීමාව පසු කිරීමට පාකිස්තාන ක්‍රීඩිකාවන් සමත් වුනා.

ඒ සමඟින් තරග තුනකින් යුත් තරගාවලිය 3-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට පාකිස්තාන ක්‍රීඩිකාවන් සමත් වුනා.

Result


Sri Lanka Women
107/8 (20)

Pakistan Women
108/6 (20)

Batsmen R B 4s 6s SR
Hasini Perera run out (Bismah Maroof) 24 30 2 0 80.00
Chamari Athapaththu c Iram Javed b Nida Dar 37 38 2 1 97.37
Nilakshi de Silva lbw b Tuba Hassan 9 12 1 0 75.00
Oshadi Ranasinghe run out (Bismah Maroof) 0 2 0 0 0.00
Harshitha Madavi run out (Muneeba Ali) 1 8 0 0 12.50
Kavisha Dilhari b Kainat Imtiaz 2 7 0 0 28.57
Ama Kanchana run out (Ayesha Nasem) 2 2 0 0 100.00
Anushka Sanjeewani not out 14 13 2 0 107.69
Sugandika Kumari run out (Muneeba Ali) 10 8 1 0 125.00


Extras 8 (b 4 , lb 0 , nb 0, w 4, pen 0)
Total 107/8 (20 Overs, RR: 5.35)
Bowling O M R W Econ
Anam Amin 4 0 24 0 6.00
Diana Baig 4 0 23 0 5.75
Omaima Sohail 2 0 13 0 6.50
Tuba Hassan 4 0 23 1 5.75
Kainat Imtiaz 4 0 19 1 4.75
Nida Dar 2 1 1 1 0.50


Batsmen R B 4s 6s SR
Muneeba Ali st Anushka Sanjeewani b Kavisha Dilhari 25 33 3 0 75.76
Iram Javed b Sugandika Kumari 10 12 2 0 83.33
Omaima Sohail st Anushka Sanjeewani b Oshadi Ranasinghe 4 11 0 0 36.36
Aliya Riaz c Nilakshi de Silva b Oshadi Ranasinghe 17 23 1 0 73.91
Ayesha Nasem c Nilakshi de Silva b Oshadi Ranasinghe 10 6 0 1 166.67
Nida Dar lbw b Kavisha Dilhari 14 14 2 0 100.00
Bismah Maroof not out 15 15 0 0 100.00
Kainat Imtiaz not out 4 7 0 0 57.14


Extras 9 (b 0 , lb 3 , nb 1, w 5, pen 0)
Total 108/6 (20 Overs, RR: 5.4)
Bowling O M R W Econ
Udeshika Prabodhani 1 0 10 0 10.00
Ama Kanchana 2 0 7 0 3.50
Sugandika Kumari 4 0 13 1 3.25
Oshadi Ranasinghe 4 0 18 3 4.50
Sachini Nisansala 4 0 25 0 6.25
Kavisha Dilhari 4 0 28 2 7.00
Chamari Athapaththu 1 0 5 0 5.00



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<