LPL ශූරතාවය දිනූ කණ්ඩායමටත් ගැටලුවක්

642

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තවත් LPL කණ්ඩායමක් වෙළඳ ගිවිසුම/ හිමිකාරිත්වය පිළිබඳ ගිවිසුම අවසන් කිරීමට තීරණය කර තිබෙනවා. එම කණ්ඩායම කුමක්ද කියා ඔවුන් නොපවසන නමුත්, Cricbuzz වෙබ් අඩවිය වාර්තා කරන්නේ LPL පළමු තරගාවලියේ ශූරතාවය දිනූ යාපනය (Jaffna Stallions) කණ්ඩායමේ හිමිකාරිත්වය මෙසේ අවලංගු කර තිබෙන බවයි.

ඒ අනුව Colombo සහ Dambulla කණ්ඩායම්වලට අමතරව දැන් Jaffna කණ්ඩායමට ද ඔවුන්ගේ නිල කණ්ඩායම් නාමය වෙනස් කිරීමට සිදු වනු ඇත. ඒ අනුව LPL පළමු අදියර සඳහා ක්‍රීඩා කරනු ලැබූ කණ්ඩායම් 5න් කණ්ඩායම් තුනක්ම යම් අර්බුදකාරී තත්වයකට මුහුණ දී තිබෙනවා.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියර ජූලි 29 වැනිදා සිට අගෝස්තු 22 වැනිදා දක්වා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබෙන නමුත්, හේතු කාරණා කිහිපයක් නිසාවෙන් එය ද කල් දැමීමට සිදු වනු ඇති බව දැනගන්නට ලැබෙනවා.

තවත් ක්‍රිකට් පුවත්:

2020 වසරේ පැවති LPL ක්‍රිකට් තරගාවලියේ දී Colombo Kings කණ්ඩායමේ හිමිකාරිත්වය Murfad Mustafa (Faza Group) විසින් ද, Dambulla Viiking කණ්ඩායමේ හිමිකාරිත්වය බොලිවුඩ් නලු Sachiin J Joshi විසින් ද, Jaffna Stallions ප්‍රසිද්ධ ව්‍යාපාරිකයින් වන Anandan Arnold සහ Rahul Sood විසින් ද දරනු ලැබුවා.

හිමිකාරිත්වය අවලංගු වූ කණ්ඩායම් මිල දී ගැනීම සඳහා දැනටමත් පාර්ශව රැසක් ඉදිරිපත්ව තිබෙන බව IPG ආයතනය පවසා සිටිනවා.  

තවත් දෙස් විදෙස් ක්‍රීඩා පුවත් ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

cricbuzz ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<