හෙළි නොකළ වරදකට RCB කඩුලු රකින්නාට තරවටු කරයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

4557

Lucknow Super Giants සමඟ පැවති අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගැනීමේ තරගය අතරතුර, ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ආචාරධර්ම පද්ධතිය උල්ලංඝනය කිරීම නිසාවෙන් Royal Challengers Bangalore කඩුලු රකින ක්‍රීඩක Dinesh Karthikට දඬුවම් කිරීමට කටයුතු කරන බව තරගාවලි සංවිධායකයින් ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ නමුත් ඔහුට එම දඬුවම්  පැනවීමට හේතු වූ වරද කුමක් දැයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට ප්‍රකාශ කර නොතිබීම විශේෂත්වයක්.

Dinesh Karthik 2.3 වගන්තිය යටතේ පළමු මට්ටමේ වරදක් සිදු කර තිබෙන අතර ඔහු විසින් එම වරද පිළිගෙන තිබුණා. පළමු මට්ටමේ වරදක් සඳහා තරග තීරකයාගේ තීරණය අවසන් තීරණය වනවා”, යැයි ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වුනා.

Lucknow Super Giants සමඟ පැවති තරගය ජය ගනිමින් අවසන් පූර්ව වටයට පිවිසීමට Royal Challengers Bangalore ක්‍රීඩකයින්ට හැකි වූවත්, අවසන් පූර්ව තරගයේ දී ලද පරාජය නිසාවෙන් තරගාවලියෙන් ඉවත් වීමට ඔවුන්ට සිදු වුනා.

Times of India ඇසුරිනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<