Home Sinhala ලහිරු උදාරගේ ශතකයෙන් ජයග්‍රහණය මහනුවරට

ලහිරු උදාරගේ ශතකයෙන් ජයග්‍රහණය මහනුවරට

NSL එක්දින ක්‍රිකට් තරගාවලිය 2023

259

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන NSL එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද (20) ක්‍රියාත්මක වුනා.

කෙසේ නමුත් කොළඹ-යාපනය තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා එය ප්‍රතිඵලයක් රහිතව අවසන් වුවත්, මහනුවර-ගාල්ල තරගයෙන් ලකුණු 8ක තියුණු ජයක් ලබා ගන්නට මහනුවර සමත් වුනා.

තරගාවලියේ 7 වැනි තරගය ලෙස පල්ලෙකැලේ දී පැවැත්වුණු යාපනය-කොළඹ තරගයේ කාසියේ වාසිය දිනා ගත් කොළඹ කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

එහි දී ඔවුන් පන්දුවාර 47ක් අවසන් වන විට කඩුලු 9ක් දැවී ලකුණු 211ක් ලබාගෙන සිටියා. ඉන් අනතුරුව තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුනු අතර පසුව නැවතත් තරගය ක්‍රියාත්මක කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ.

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු අනෙක් තරගයේ දී කඩුලු රකින පිතිකරු ලහිරු උදාර සුපිරි ශතකයක් ලබා ගත්තා. පළමුව පන්දුවට පහර දුන් මහනුවර කණ්ඩායම ලකුණු 293ක් ලබා ගත් අතර උදාර ලබා ගත් ශතකයට අමතරව අහන් වික්‍රමසිංහ ලකුණු 71ක් ලබාගෙන මහනුවර ලකුණු සටහන වර්ධනය කළා. පන්දු යැවීමේ දී දකුණතින් පිට දඟපන්දු යවන අකිල දනංජය කඩුලු 3ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම දියත් කළ ගාල්ල වෙනුවෙන් පැතුම් කුමාර සහ සොහාන් ද ලිවේරා අර්ධ ශතක ලබා ගත් නමුත් එම ඉනිම් දෙක මහනුවර ඉලක්කය අභිබවා යන්නට ගාල්ලට සවියක් වුනේ නැහැ. පන්දු යැවීමේ දී මොවින් සුබසිංහ, අශේන් ඩැනියල් සහ පුලින තරංග කඩුලු 3 බැගින් දවා ගත්තා.

කොළඹ සහ යාපනය අතර තරගය


Result


Team Jaffna

Team Colombo
211/9 (46.3)


Batsmen R B 4s 6s SR
Avisha Fernando b Ravindu Fernando  43 46 6 0 93.48
Heshan Fernando b Binura Fernando 6 16 0 0 37.50
Kusal Janith lbw b Ravindu Fernando  6 13 0 0 46.15
Nipun Dhananjaya c Kamesh Nirmal b Shiran Fernando  31 59 1 0 52.54
Ashen Bandara c & b Dilum Sudeera  69 71 2 2 97.18
Dushan Vimukthi c Janith Liyanage b Shiran Fernando  2 10 0 0 20.00
Sachitha Jayathilake c Avishka Tharindu b Dilum Sudeera  13 30 1 0 43.33
Nisala Tharaka b Binura Fernando 20 27 1 0 74.07
Tharindu Ratnayaka c Navod Paranavithana b Ravindu Fernando  9 8 1 0 112.50
Himesh Ramanayake not out 0 1 0 0 0.00


Extras 12 (b 0 , lb 6 , nb 1, w 5, pen 0)
Total 211/9 (46.3 Overs, RR: 4.54)
Bowling O M R W Econ
Binura Fernando 7.3 0 37 2 5.07
Shiran Fernando  9 1 44 2 4.89
Ravindu Fernando  10 0 42 3 4.20
Dilum Sudeera  10 0 36 2 3.60
Lahiru Madushanka 7 0 27 0 3.86
Navod Paranavithana 3 0 19 0 6.33



ගාල්ල සහ මහනුවර අතර තරගය

Result


Team Galle
285/10 (49.4)

Team Kandy
293/10 (50)

Batsmen R B 4s 6s SR
Lasith Croospulle c Lakshan Edirisinghe b Kavishka Anjula 0 1 0 0 0.00
Thanuka Dabare c Pathum Kumara b Mohammad Shiraz 5 5 1 0 100.00
Sandun Weerakkody c Lakshan Edirisinghe b Mohammad Shiraz 24 20 4 0 120.00
Lahiru Udara c Mohammad Shiraz b Kavishka Anjula 109 108 12 0 100.93
Ahan Wickramasinghe lbw b Praveen Jayawickrama 71 77 8 1 92.21
Movin Subasingha lbw b Praveen Jayawickrama 6 10 0 1 60.00
Pulina Tharanga b Akila Dananjaya 30 34 2 0 88.24
Asel Sigera c Kavishka Anjula b Akila Dananjaya 14 16 1 0 87.50
Amshi De Silva not out 18 19 1 0 94.74
Nipun Ransika lbw b Akila Dananjaya 4 2 1 0 200.00
Ashian Daniel run out (Pasindu Sooriyabandara) 4 8 0 0 50.00


Extras 8 (b 0 , lb 2 , nb 0, w 6, pen 0)
Total 293/10 (50 Overs, RR: 5.86)
Bowling O M R W Econ
Kavishka Anjula 10 0 54 2 5.40
Mohammad Shiraz 7 0 45 2 6.43
Praveen Jayawickrama 10 0 53 2 5.30
Dhananjaya Lakshan 6 0 38 0 6.33
Suminda Lakshan 9 0 60 0 6.67
Akila Dananjaya 8 0 41 3 5.12


Batsmen R B 4s 6s SR
Sohan de Livera c Thanuka Dabare b Ashian Daniel 52 44 9 0 118.18
Mohammad Shamaaz c Lahiru Udara b Ashian Daniel 19 34 2 0 55.88
Dhananjaya Lakshan c Ashian Daniel b Thanuka Dabare 21 24 3 0 87.50
Pasindu Sooriyabandara b Pulina Tharanga 13 24 0 0 54.17
Lakshan Edirisinghe c Pulina Tharanga b Movin Subasingha 39 48 4 0 81.25
Pathum Kumara c Pulina Tharanga b Movin Subasingha 66 68 4 1 97.06
Kavishka Anjula st Lahiru Udara b Ashian Daniel 5 9 0 0 55.56
Suminda Lakshan lbw b Movin Subasingha 42 41 3 0 102.44
Akila Dananjaya not out 4 4 0 0 100.00
Mohammad Shiraz lbw b Pulina Tharanga 1 2 0 0 50.00
Praveen Jayawickrama b Pulina Tharanga 0 1 0 0 0.00


Extras 23 (b 1 , lb 4 , nb 1, w 17, pen 0)
Total 285/10 (49.4 Overs, RR: 5.74)
Bowling O M R W Econ
Nipun Ransika 4 0 32 0 8.00
Amshi De Silva 5 0 35 0 7.00
Asel Sigera 10 0 56 0 5.60
Ashian Daniel 7 0 36 3 5.14
Thanuka Dabare 8 0 63 1 7.88
Pulina Tharanga 9.4 0 43 3 4.57
Movin Subasingha 6 1 15 3 2.50



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<