SAG – තෙවැනි ස්ථානයේ සටනට ශ්‍රී ලංකාවට අවස්ථාව

දකුණු ආසියානු ක්‍රීඩා උළෙල 2019 - වොලිබෝල්

120

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා වොලිබෝල් අවසන් පූර්ව තරග අද (30) ශ්‍රී ලංකා කාන්තා වොලිබෝල් කණ්ඩායම නේපාලය අතර පැවැත්විය. එම තරගය තරග වට 3-0ක් ලෙස ජයග්‍රහණය කල නේපාල කණ්ඩායම අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. 

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වටයේ දී මාලදිවයින තරග වට 3-0ක් ලෙස පරාජය කළ අතර පාකිස්තානය සමඟින් පැවැත්වීමට නියමිතව තිබූ තරගය සඳහා පාකිස්තානය සහභාගි නොවිම නිසා නිතරග ජයක් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි විය. ඒ අනුව ශ්‍රී ලංකාව කණ්ඩායම B කාණ්ඩයේ ප්‍රථමයා ලෙස අවසන් පූර්ව වටයට පිවිසියේය. 

SAG2019 – ශ්‍රී ලංකා කාන්තාවන් අවසන් 4 දෙනා අතරට

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගි වූ පළමු තරගය අද (29)…

නේපාල කණ්ඩායම පළමු වටයේ දී බංග්ලාදේශ කණ්ඩායම පරාජය කළ අතර ඔවුන් ඉන්දීය කණ්ඩායම හමුවේ තරග වට 3-0ක් ලෙස පරාජය විය. කෙසේ වෙතත් ඉන්දීය කණ්ඩායම බංග්ලාදේශ කණ්ඩායම පරාජය කළ නිසා නේපාලයට අවසන් පූර්ව වටය සඳහා පිවිසීමට අවස්ථාව උදා විය.

තරගයේ පළමු වටයේ දී නේපාලය ප්‍රබල ප්‍රහාරයක් දියත් කළ අතර එම වටයේ ජයග්‍රහණය නේපාලය සතු වූයේ ලකුණු 25-14ක් ලෙසිනි. නේපාල කණ්ඩායම මෙම තරග වටයේ දී මනා පන්දු පාලනයක් සහිතව ක්‍රීඩා කළ අතර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ දුර්වලතා උපරිම ප්‍රයෝජනයට ගැනීමට සමත් විය. 

දෙවන තරග වටය සඳහා ද නේපාලය ප්‍රබල ආරම්භයක් ලබා ගත් අතර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට ඔවුන් සමත් විය. දෙවන වටයේ ජයග්‍රහණය ද නේපාලය සතු වූ අතර එහි ලකුණු තත්ත්වය දැක්වූයේ ලකුණු 25-18ක් ලෙසිනි. 

තුන්වැනි වටය ආරම්භ වන විට නේපාල කණ්ඩායම තරග වට 2-0ක් ලෙස පෙරමුණ ගෙන සිටි අතර තුන්වැනි වටය ජයග්‍රහණය කිරීමේ ප්‍රබල අරමුණින් එම තරග වටය ක්‍රීඩිකාවන් ආරම්භ කළේය. 

ශ්‍රී ලංකා  ක්‍රීඩිකාවන් තම දුර්වල ක්‍රීඩා රටාවෙන් මිදීමට ප්‍රබල උත්සාහයක් ගත් අතර අන් තරග වට දෙකට වඩා මෙම තරග වටයේ දී යම් අභියෝගයක් එල්ල කිරීමට ඔවුන් සමත් විය. කෙසේ වෙතත් සාර්ථකව අභියෝගයට මුහුණ දුන් නේපාලය එම තරග වටය ලකුණු 21-25ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් විය. 

SAG2019 – පාකිස්තානය හමුවේ ශ්‍රී ලංකාව පසුබසියි

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා පිරිමි වොලිබෝල් කණ්ඩායම සහභාගි වූ දෙවන…

ඒ අනුව තරගය තරග වට 3-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට නේපාල කණ්ඩායම සමත් විය. 

තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය ඉන්දියාව හා මාලදිවයින අතර පැවති අතර එම තරගය තරග වට 3-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. එහි ලකුණු තත්ත්වය දැක්වූයේ 25-14ක්, 25-06ක් හා 25-17ක් ලෙසිනි. 

මෙම ජයග්‍රහණයන් සමඟින් නේපාල කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගත් අතර තරගාවලියේ අවසන් තරගය දෙසැම්බර් මස 3 වැනිදා පැවැත්වීමට නියමිතයි. 

ශ්‍රී ලංකා කණ්ඩායම තුන්වැනි ස්ථානය සඳහා මාලදිවයින සමඟින් තරග වැදීමට නියමිතය. එම තරගය දෙසැම්බර් මස 2 වැනිදා පැවැත්වේ. 

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<