SAG – පාකිස්තානය හමුවේ ශ්‍රී ලංකාව පසුබසියි

දකුණු ආසියානු ක්‍රීඩා උළෙල 2019 - වොලිබෝල්

128
Sri Lanka vs Pakistan SAG 2019

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා පිරිමි වොලිබෝල් කණ්ඩායම සහභාගි වූ දෙවන තරගය අද (30) පාකිස්තානය සමඟින් පැවැත්විය. එහි දී තරග වට 3-1ක් ලෙස ජයග්‍රහණය ලබා ගනිමින් කාණ්ඩයේ ප්‍රථමයා ලෙස අවසන් පූර්ව වටයට පිවිසීමට පාකිස්තාන කණ්ඩායම සමත්විය.

ශ්‍රී ලංකා කණ්ඩායම තමන් සහභාගි වූ පළමු තරගයේ දී මාලදිවයින හමුවේ තරග වට 3-0ක් ලෙස ජයග්‍රහණය ලබා ගැනීමට සමත් විය.

SAG2019 – ශ්‍රී ලංකාවෙන් මාලදිවයිනට ප්‍රබල ප්‍රහාරයක්

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා පිරිමි වොලිබෝල් කණ්ඩායම සහභාගි වූ මූලික

තරගයේ පළමු වටයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම ප්‍රබල තරග රටාවක නිරත වූ අතර එම වටයේ ජයග්‍රාහකයා තෝරාගැනීම සඳහා ලකුණු සංඛ්‍යාව 30 දක්වා ඉහල නැංවීමට සිදු විය. කෙසේ වෙතත් පළමු වටයේ දී ලකුණු 30-28ක් ලෙස ජයග්‍රහණය ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. 

දෙවන වටයේ දී තම අහිමි වූ රිද්මය ලබා ගැනීමට පාකිස්තාන ක්‍රීඩකයන් සමත් වූ අතර ඔවුන් ප්‍රබල තරග රටාවක් පෙන්නුම් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට සමත් විය. එම තරග වටයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කිරීමට පාකිස්තානය සමත්වූයේ ලකුණු 18-25ක් ලෙසිනි. 

ඒ අනුව තුන්වැනි වටය ආරම්භ වන විට කණ්ඩායම් දෙකම එක් තරග වටය බැගින් ජයග්‍රහණය කර සම තත්වයේ පසුවිය. ඉතා තියුණු මුහුණුවරක් ගත් තුන්වැනි තරග වටයේ දී කණ්ඩායම් දෙකම තම ප්‍රබල ක්‍රීඩා රටාව පෙන්වීමට සමත් විය. පාකිස්තානය මෙම තරග වටය ජයග්‍රහණය කළේ ලකුණු 20-25ක් ලෙසිනි. ඒ අනුව තුන්වැනි තරග වටය අවසානයේ දී පාකිස්තානය තරග වට 2-1ක් ලෙස පෙරමුණ ගෙන සිටියහ. 

සිව්වැනි තරග වටය ආරම්භයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල ක්‍රීඩා රටාවක නිරත වුව ද පසුව යම් පසුබෑමකට ලක්වන ආකාරයක් දක්නට ලැබිණි. තියුණු තරගයක් පැවති සිව්වැනි තරග වටයේ දී පාකිස්තාන කණ්ඩායම ජයග්‍රහණය වාර්තා කළේ ලකුණු 21-25ක් ලෙසිනි. ඒ අනුව තරගයේ ජයග්‍රහණය තරග වට 3-1ක් ලෙස ලබා ගැනීමට පාකිස්තානය සමත් විය. 

SAG ගිය වොලිබෝල් සංචිත සහ තරග කාලසටහන්

2019 නොවැම්බර් 27 සිට දෙසැම්බර් මස 03 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ

ඒ අනුව පාකිස්තානය B කාණ්ඩයේ පෙරමුණ ගනිමින් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගත් අතර ශ්‍රී ලංකා කණ්ඩායම එම කාණ්ඩයේ දෙවන ස්ථානය ලබා ගැනීමට සමත් විය. අවසන් පූර්ව වටයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට A කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටින ඉන්දියාව මුණගැසෙන අතර පාකිස්තානය නේපාලය සමඟින් තරග වැදීමට නියමිතය. අවසන් පූර්ව වටයේ තරග හෙට (01) පැවැත්වේ. 

මේ අතර දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ වොලිබෝල් තරගාවලියේ  තවත් තරග කීපයක් පසුගිය දා නිමා විය. එම තරගවල දී ජයග්‍රහණ වාර්තා කිරීමට නේපාලය, පාකිස්තානය හා ඉන්දියාව සමත් විය.

ශ්‍රී ලංකා කාන්තාවන් අවසන් 4 දෙනා අතරට

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා කාන්තා

නේපාලය හා බංග්ලාදේශය 

තරගාවලියේ පළමු තරගය ලෙස පැවති මෙම තරගයේ දී නේපාලය ජයග්‍රහණය ලබා ගැනීමට සමත් විය. ඔවුන් බංග්ලාදේශය පරාජය කලේ තරග වට 3-0ක් ලෙසිනි. 

පාකිස්තානය හා මාලදිවයින 

තරගාවලියේ B කාණ්ඩයේ තරගයක් වූ මෙම තරගයේ දී පාකිස්තාන කණ්ඩායම තරග වට 3-0ක් ලෙස ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත් විය. එහි දී ඔවුන් ලකුණු 25-16, 25-23 හා 25-15ක් ලෙස තරගයේ මුල් වට ජයග්‍රහණය කිරීමට සමත් විය. 

ඉන්දියාව හා බංග්ලාදේශය 

ප්‍රබල ඉන්දීය කණ්ඩායම හමුවේ බංග්ලාදේශය තරග වට 3-0ක් ලෙස මෙම තරගයේ දී පරාජය විය. ඉන්දීය කණ්ඩායම එහි දී ලකුණු 25-18, 25-14, 25-15 ලෙස ජයග්‍රහණය වාර්තා කළේය. 

ඉන්දියාව හා නේපාලය 

ඉන්දීය කණ්ඩායම තරගාවලියේ දෙවන ජයග්‍රහණය නේපාලය හමුවේ වාර්තා කළ අතර ලකුණු 25-15, 25-13 හා 25-16ක් ලෙස තරග වට තුනක් ජයග්‍රහණය කරමින් තරගයේ ජයග්‍රහණය ලබා ගැනීමට ඉන්දියාව සමත් විය. 

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න Thepapare.com සමඟින්.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<