සුමතිපාල සභාපති සටනෙන් ඉවතට; සභාපති පුටුවට සිව් දෙනෙක් සටනේ

784

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා ලබන වසරේ පෙබරවාරි මාසයේ පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සඳහා සහභාගී නොවන බව වාර්තා වේ. ඊයේ (17) එස්. එස්. සී ක්‍රීඩා සමාජයේ පැවති මධ්‍ය හමුවක දී ඒ බව නිවේදනය කරනු ලැබුණි.

කුසල් මෙන්ඩිස් සමරවීරට තෑග්ගක් දෙන්න සැරසේ

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකාර ධූරයට සමුදීමට නියමිත තිලාන් සමරවීරට ගෞරවයක් ලෙස මේ වන විට පැවැත්වෙන ශ්‍රී ලංකා…..

සුමතිපාල මහතා සභාපති සටනෙන් ඉවත් වූවද හිටපු සභාපති වශයෙන් ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක රැස්වීම් සඳහා සහභාගී වනු ඇත.

මැයි මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය කිහිප වතාවක්ම කල් ගිය අතර එළඹෙන වසරේ පෙබරවාරි මාසයේ 7 දා ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට නියමිතයි.

සුමතිපාල පාර්ශවයේ මොහාන් ද සිල්වා මෙවරට සටනට එක්වන්නේ කේ. මතිවානන්, ජයන්ත ධර්මදාස හා ශම්මි සිල්වාට එරෙහිවයි.

තවද මොහාන් ද සිල්වා, කේ. මතිවානන් හා ශම්මි සිල්වා උප සභාපති තනතුර සඳහා ද නාම යෝජනා ලබා දී ඇති අතර හිටපු සුපිරි ක්‍රීඩක අර්ජුන රණතුංග ද එම තනතුර සඳහා නාම යෝජනා ලබා දී තිබේ.

පතිරණ, ශිරාන් සහ තායිබු බදුරලිය බේරා ගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major League පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අද (18) මග්ගොන සරේ විලේජ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති බදුරලිය සහ……

හිටපු ලේකම් නිශාන්ත රණතුංග, බන්දුල දිසානායක, මොහාන් ද සිල්වා හා ශම්මි සිල්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් තනතුරට ද නාම යෝජනා ලබා දී ඇති අතර ලසන්ත වික්‍රමසිංහ, රවින් වික්‍රමරත්න, නලින් වික්‍රමසිංහ හා ශම්මි සිල්වා භාණ්ඩාගාරික තනතුරට තරග වදිනු ඇත.

එළඹෙන දෙසැම්බර් 31 දා නාම යෝජනා සඳහා විරෝධතා භාරගන්නා අවසන් දිනය වනු ඇත.

සම්පූර්ණ නාම යෝජනා ලැයිස්තුව

  • සභාපති – ජයන්ත ධර්මදාස, කේ. මතිවානන්, ශම්මි සිල්වා, මොහාන් ද සිල්වා
  • උප සභාපති (2) – ශම්මි සිල්වා, රවීන් වික්‍රමරත්න, කේ. මතිවානන්, අර්ජුන රණතුංග, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, මොහාන් ද සිල්වා
  • ලේකම් – බන්දුල දිසානායක, නිශාන්ත රණතුංග, ශම්මි සිල්වා, මොහාන් ද සිල්වා
  • භාණ්ඩාගාරික – ලසන්ත වික්‍රමසිංහ, රවින් වික්‍රමරත්න, නලින් වික්‍රමසිංහ, ශම්මි සිල්වා
  • සහකාර ලේකම් – ක්‍රිශාන්ත කපුවත්ත, බන්දුල දිසානායක, රවින් වික්‍රමරත්න
  • උප භාණ්ඩාගාරික – ලලිත් රඹුක්වැල්ල, නලින් වික්‍රමසිංහ, එස්ට්මාන් නාරංගොඩ, ගිහාන් වීරසිංහ, සනුජ සේනාධීර

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<